Showing posts with label Android. Show all posts

Why Android Phones Slow Down Over Time

කාලයක් යන විට Android දුරකථන Slow වෙන්නේ ඇයි ? ඒවා නැවත වේගවත් කරගන්නේ කෙසේද?


කාලයක් ගිය විට Android දුරකථන සහ Tablet මන්දගාමී වීමට බලපාන හේතුන් මොනවාද කියා සාකච්චා කිරීමට අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. එම හේතුන් පිලිබදව දැනගැනීමෙන් ඔබට හැකියාව තිබෙනවා නැවත ඔබේ දුරකථනය වේගවත් කරගැනීමට. 




Operating System Updates and Heavier  Apps


ඔබේ Android දුරකථනය සදහා අවුරුද්දකට කිහිප සැරයක්ම (android operating system Updates) ලැබෙනවා . මතක තබා ගන්න එලෙස ඔබේ දුරකතයට ලැබෙන Updates විශේෂයෙන්ම ඔබේ දුරකතනයට ගැලපෙන ලෙසම නිර්මාණය කර නොමැති බව. එම හේතුව නිසා ඔබේ දුරකථනය මන්දගාමී වෙන්න පුළුවන්. මොකද එම update වල තිබෙනවා (bloatware apps), ඒවා දුරකතනයේ background එකේ සැමවිටම ක්‍රියාත්මක වෙන නිසා දුරකථනය ස්වභාවයෙන්ම මන්දගාමී වෙනවා. 


ඒවගේම තමයි ඔබේ දුරකතනයේ තිබෙන Apps ඒවා සදහාද නිතරම වගේ අලුත් update ලැබෙනවා. එලෙස දීර්ඝ කාලයක් විටින් විට updates ලැබීම නිසා එම app එකේ බර ටිකෙන් ටික වැඩි වෙනවා. මොකද එම apps නිර්මාණය කරන අය අලුතෙන් updates ලබා දෙන්නේ අලුත් දුරකථන සදහා සාර්ථකව ක්‍රියා කරන ආකාරයටයි. ඉතාමත් වේගවත් අලුත් දුරකථන වල තිබෙන දෘඩාංග කොටස් සමග හොදින් ගනුදෙනු කිරීමට එම apps වලට හැකියා තිබුනත් අවසානාවකට පැරණි දුරකථන මන්දගාමී කිරීමට එය  සමත් වෙනවා. හොදම උදාහරණය තමයි විටින් විට වෙබ් අඩවි යාවත්කාලීන කිරීම මගින්ද එම වෙබ් අඩවියේ බර වැඩි වෙනව. මෙහිදී පරිගණක ක්‍ර්රීදාවන් ගැනද කතා කල යුතු වෙනවා. එකම පරිගණක ක්‍රීඩාවේ අලුත් සංස්කරණයන් පැරණි පරිගණක වල ක්‍රීඩා කිරීමේදී අධික ලෙස මන්දගාමී වෙන බව ඔබ දන්නවනේ. මෙම සිද්ධාන්තයම පරිගණක මෘදුකාංග සදහාද ඇතුලත් වෙනවා. 



මෙම ප්‍රශ්නය විසදා ගන්නේ කෙසේද?


මෙහිදී ඔබට ගොඩක් දේවල් කරන්න නැහැ. ඔබට දැනෙනවානම් android මෙහෙයුම් පද්දතිය වඩාත් මන්දගාමී බව ඔබට පුළුවන් (Cyanagenmode) වගේ කස්ටම් රොම් එකක් ස්ථාපිත කරගන්නට. මොකද එවැනි මෙහෙයුම් පද්දති වල දුරකථන නිෂ්පාදකයින් විසින් ඇතුලත් කරන ලද bloatware ඇතුලත් වෙන්නේ නැහැ. ඒවගේම apps මන්දගාමී වී තිබෙන බවක් ඔබට පෙනෙනවානම් ඔබේ දුරකතනයේ RAM මතකයට සරිලන සැහැල්ලු apps භාවිතා කරන්න. 






Background Process 


කාලයක් යන විට ඔබ apps ගණනාවක්ම දුරකතනයේ ස්ථාපිත කිරීමට පෙළඹෙනවා. ඒ අතරින් සමහරක්  apps දුරකථනය on වෙන විටම ක්‍රියාත්මක වෙමින් background එකේ run වෙමින් CPU එක සහ RAM මතකය වැඩි වශයෙන්  භාවිත කරනවා. එම නිසාම දුරකතනය මන්දගාමී වෙනවා. එවැනි apps රාශියක් ඔබ දුරකතනය සදහා ස්ථාපිත කර තිබෙනවානම් ඒවා run වෙන විට ඔබට වෙනත් වැඩක් සිදු කිරීමට හැකි වෙන්නේ නැහැ. 



ඒවගේම තමයි වැඩි දෙනෙක් දුරකථන තිරය සරසා  ගැනීම සදහා Animated live Wallpaper සහ widgets වැඩි වශයෙන් භාවිතා කරනවා. ඔබේ දුරකතනය මන්දගාමී වීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ එය බව මතක තබා ගන්න. 


දුරකතනයේ background එකේ run වෙන apps පිලිබදව සොයා බැලීමට settings  වලට ගොස් apps screen එක වෙතට පිවිසෙන්න. ඔබ භාවිතා නොකරන app එකෙක් background එකේ run වෙනවා කියා ඔබට පෙනෙනවානම් වහාම එය uninstall කරන්න. 



මෙම ප්‍රශ්නය විසදා ගන්නේ කෙසේද?


Live wallpapers අක්‍රීය කර දමන්න, අවශ්‍ය කරන widgets පමණකක් home screen එකහි තබා ගන්න අනෙකුත් ඒවා ඉවත් කරන්න. ඔබ භාවිත නොකරන බරින් වැඩි apps තිබෙනවානම් ඒවා අක්‍රීය කර හෝ uninstall කර දමන්න. 





Cache Files 


ඔබ දුරකථනය ස්ථාපිත කර තිබෙන apps මගින් cache file සාදනවා. ඒවා වලටද ඔබේ දුරකතනයෙන් යම් ඉඩක් වැය වෙනවා. එලෙස සියලුම apps වලින් සාදන cache file එකවර මකාදැමීම සදහා (Clean Master) වගේ app එකක් භාවිතා කරන්න පුළුවන්. එලෙස cache file මකා දැමීමෙන් file system එක වේගවත් කරගන්න පුළුවන් වෙනවා. 


වඩාත්ම හොඳ දෙය නම් දුරකථනය factory reset කොට ඔබ වැඩිපුරම භාවිතා කරන apps පමණක් ස්ථාපිත කිරීමයි 


හොඳයි එහෙනම් ඔබට අවභෝධ වෙන්න ඇති ඔබේ android දුරකථනය කාලයත් සමග slow වෙන්නේ මොකද කියා. ඒවගේම එම හේතු මගහරිමින් නැවත දුරකථනය වේගවත් කරගන්නේ කෙසේද කියාත් ඔබ මෙහිදී දැනගන්න ඇති. 


Learn more »

Android Apps On Windows?

වින්ඩෝස් දුරකථන වලටත් Android ඇප්ස් පැමිණෙන ලකුණු.


මයික්‍රොසොෆ්ට් සමාගමේ පරිගණක මෙහෙයුම් පද්ධතිය සියලු මෙහෙයුම් පද්දති අබිභවා ඉදිරියෙන්ම සිටින බව ඔබ දන්නවා ඇති. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගමේ mobile මෙහෙයුම් පද්දතියට තවමත් හැකියාවක් ලැබී නැහැ දුරකථන මෙහෙයුම් පද්දති ලොවේ ප්‍රභලයා වෙන Android පරාජය කිරීමට තරම්. 


වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට  android apps ස්ථාපිත කිරීමට අවස්තාව ලබාදුන හොත්  තම පාරිභෝගිකයින්ගෙන් වඩාත් ඉහල ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම විශ්වාස කරනවා.



මේ වන විට මයික්‍රොසොෆ්ට් සමගම තමන්ගේ desktop සහ mobile මෙහෙයුම් පද්දති දෙකම android මෙහෙයුම් පද්දතියේ apps සඳහා විවුර්ත කරලීම  පිළිබඳව මහත් සැලකිල්ලක් දක්වමින් සාකච්චා කරන බව "The Verge" වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එම සැලැස්මට අනුව වින්ඩෝස් පාරිභෝගිකයින්ට හැකියාව තිබෙනවා windows Store එකට පිටින් third-party Android apps ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කර ගැනීමට. 


මෙම සාකච්චාවන්  තවමත් මුලික අදියරේ පවතින අතර මෙය සාර්ථක කරගැනීමට නම් තවත් බොහෝ පිරිසක් මෙයට එකඟ වියයුතු වෙන බව එම වෙබ් අඩවිය තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. ඒවගේම මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක නිලධාරීන්ගෙන් බහුතරයක් විශ්වාස කර සිටිනවා android apps සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ දොරගුළු විවුර්ත කළ හොත් සෑහෙන පාරිභෝගිකයින් පිරිසක් වින්ඩෝස් වෙතට ඇද ගැනීමට හැකි බව. 


වින්ඩෝස් පරිගනක මෙහෙයුම් පද්දතිය සඳහා Blustack මෘදුකාංගය හරහා Android Apps ස්ථාපිත කිරීමට හැකියාව තිබෙන බව ඔබ දන්නවා ඇති. නමුත් වින්ඩෝස් දුරකථන මෙහෙයුම් පද්දතිය සඳහා නම් මේ වන තෙක් එවැනි ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. කොහොම නමුත් නිල වශයෙන්ම වඩාත් පහසුවෙන් android apps windows මතට ස්ථාපිත කරන්න ලැබුනොත් ඒ සඳහා වැඩි ප්‍රතිචාරයක් අනිවාර්යයෙන්ම ලබෙනවා නොඅනුමානයි. 


මෙම සැලැස්ම මගින් මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ දුරකථන මෙහෙයුම් පද්දති පරිශීලකයින් වැඩි වශයෙන් windows මෙහෙයුම් පද්දතිය වටා එක් රැස් කරගැනීමයි. 


මයික්‍රොසොෆ්ට් විසින් NOKIA සමාගම මිලදී ගැනීමට ප්‍රථමව  NOKIA සමාගමද  උත්සහ කරේ android මෙහෙයුම් පද්දතියේ පිහිටෙන් තම දුරකථන වෙළඳ පොළ ස්ථාවර කරගැනීමට බව ඔබ දන්නවා ඇති. 


මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න.

Android Apps on Windows



කොහොම නමුත් ලැබෙන ආරංචිමාර්ග මගින් බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව තිබෙනවා මයික්‍රොසොෆ්ට් සමාගම කෙසේ හෝ මෙම කාර්ය සාර්ථක කරගනියි කියා. මේ පිළිබඳව ඔබ දක්වන පෞද්ගලික මතය පහතින් දැක්වීමට හැකියාව තිබෙනවා. 

Learn more »

How to block phone calls on your Android phone

කරදරකාරී දුරකථන අංක එකක් හෝ කිහිපයක් Android දුරකතනයෙන් පහසුවෙන්ම Block කරන විදිය. 






ඔබේ දුරකථන අංකයට නිතර කතා කරමින් කරදර කරන පුද්ගලයන්ගේ දුරකථන අංකයන් පහසුවෙන්ම block කර දමන්නට හැකියාව තිබෙනවා. ඒවගේම සමහරක් පෞද්ගලික හේතුන් මතද ඔබට අවශ්‍ය වෙන්න පුළුවන් එක් දුරකථන අංකයක් හෝ කිහිපයක් නැවත කතා කිරීමට නොහැකි වන ලෙස block කර දමන්නට. මෙම ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් එය පහසුවන්ම කරගන්නේ කෙසේද කියා. 

මේ සඳහා අපි භාවිතා කරන්නේ Play Store එකෙන් කිසිඳු මුදලක් නොගෙවා නොමිලේම ලබා ගැනීමට හැකියාව තිබෙන "Mr Number" කියන app එක. එම app එක මගින් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ block කරන්නට හැකියාව තිබෙනවා. 


1. එම app එක ඔබේ Android දුරකතනයේ ස්ථාපිත කරගන්න.

2.  එම app එක ස්ථාපිත කරගත් පසුව "Blacklist" කියන ටැබ් එකට පිවිසෙන්න. මෙහිදී ඔබට හැකියාව තිබෙනවා දුරකථන අංක block කිරීමට. එය කිහිප ආකාරයකටම කරගන්න පුළුවන්. 



Suspected spam

Choose from contacts

Enter a number

All numbers beginning with

All numbers

All numbers in my contacts

All numbers not in my contacts

All private/blocked numbers





3. History tab එක වෙතට පිවිසීමෙන් මෙම app එක ස්ථාපිත කර මොහොතේ සිට මේ මොහොත දක්වා  call history එක දැකබලා ගන්නට පුළුවන්. 



මේ ඉහත දිස් වෙන පරිදි කොළ පැහැති  ඇඟිල්ලකින් පෙන්වන්නේ block නොකරන ලද දුරකථන අංක වලින් පැමිණ දුරකථන ඇමතුම්.ඒවගේම රතු පැහැති ඇඟිල්ලෙන් පෙන්වන්නේ  block කරන ලද දුරකථන අංක පිළිබඳවයි. 


5. "Settings tab" එකෙහි තිබෙන configure option එකෙන් block කරන ලද calls on , off කරගන්න පුළුවන්. 


මේ පහත තිබෙන වීඩියෝ එකෙන් පෙන්වන්නේද මෙය නිවැරදිව කරගන්නා ආකාරයයි. යම් ගැටළුවක් තිබෙනවානම් පහතින් එම වීඩියෝව නරඹන්න. 





ඔන්න එහෙනම් අදත් ඔබට වැදගත් වෙන දෙයක් පිළිබඳව අපි ඔබව දැනුවත් කරනු ලැබුවා. මේ පිළිබඳව ගැටළු තිබෙනම් පහතින් දක්වන්න. ඒ සඳහා පිළිතුරු ලබා දීමට අපි කටයුතු කරනවා. 

Learn more »

How to increase ram in Android Mobile phone using SD Card ?

SD කාඩ් එකක් මගින් Android දුරකථන වල RAM එක වැඩි කරගනිමු!


ඔබේ Android දුරකතනයේ RAM එක මදිද? එකවර Apps කිහිපයක් ධාවනය කරන විට අධික ලෙස දුරකථනය මන්දගාමී වෙනවාද? වැඩිපුර RAM මතකයක් අවශ්‍ය කරන Games play කිරීමට නොහැකිද? මෙම ඉහත සඳහන් කරනලද සියලුම ගැටළු  විනාඩි කිහිපයකින් විසඳා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. 


මෙම ක්‍රමයට RAM එක වැඩි කරගැනීම සඳහා   දුරකතනයේ අභ්‍යන්තරයට කිසිඳු අමතර දෘඩාංග කොටසක් සවි කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය කෙනෙකුට එය කිරීමට තරම් දැනුමක් ඇත්තේ නැහැ. මොකද එය වඩාත් අවධානම් වගේම විශේෂිත පුහුණුව ලත් පුද්ගලයෙකුට පමණයි කල හැකි වෙන්නේ. 


නමුත් ඉතාමත් සරල ක්‍රමයක් තිබෙනවා Android දුරකථන වල RAM එක වැඩි කරගැනීම සඳහා. ඔබ විසින් කල යුතු වෙන්නේ  අප විසින් පහතින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපැදීම පමණයි. මෙම ක්‍රමය මගින් ඔබට හැකියාව තිබෙනවා RAM මතකය 4GB දක්වා වැඩි කරගැනීමට. 


Android දුරකතයේ හෝ ටැබ්ලට් එකේ RAM එක වැඩි කරගන්නේ කෙසේද?


මෙය කරගත හැකි වෙන ක්‍රම දෙකක් තිබෙනවා. පලමු ක්‍රමය සඳහා අවශ්‍ය වෙනවා මුදල් දී ලබාගත යුතු වෙන app එකක් සහ free ලබා ගන්න පුලුවන් app එකක්. එම apps ස්ථාපිත කරගැනීමෙන් පහසුවෙන්ම RAM එක වැඩි කරගන්න පුළුවන්. 


දෙවෙනි ක්‍රමය නම් මැනුවල් ක්‍රමයට RAM එක වැඩි කරගැනීමයි. එය තරමක් සංකීර්ණ ක්‍රමයක් වෙන අතර ඒ සඳහා ඔබ කල යුතු වෙන කාර්යයන් කිහිපයක් තිබෙනවා.


අපි මෙහිදී භාවිතා කරන්නේ පළමු ක්‍රමයයි. මොකද දෙවෙනි ක්‍රමය තරමක් සංකීර්ණ වෙන නිසා. ඉහත අපි ඔබට පැවසුවා නේද මේ සඳහා මුදල් දී ලබා ගතයුතු වෙන app එකක් අවශ්‍ය වෙන බව. කලබල වෙන්න එපා අපි එය ඔබට නොමිලේම ලබා දෙනවා. මෙය වෙළඳ පොලේ ඩොලර් 9ක් වැනි මුදලක් වෙනවා. 


පළමු ක්‍රමය


අපි මෙහිදී භාවිතා කරන්නේ (RAM Expander) කියන මෘදුකාංගය. එමගින් ඔබේ දුරකතනයේ තිබෙන SD card එක RAM එකක් බවට පරිවර්තනය කරනවා. මෙය ක්‍රියා කරන්නේ නියම RAM එකක් විදියට නෙවෙයි, එය ක්‍රියා කරන්නේ (Virtual RAM) එකක් විදියටයි. 



පහත තිබෙන බටන් එක ක්ලික් කර එම මෘදුකාංගය නොමිලේම බාගන්න. 







මේ පහතින් ඔබ දකින්නේ මෙම මෘදුකාංගයේ තිබෙන සුවිශේෂී පහසුකම් කිහිපයක්. 



Free SD card memory as a RAM use (SWAP RAM / SWAP MEMORY)
- Swapfile RAM expansion up to 4.0 GB 
- No limit on SWAP partition
- The usual performance degradation when paged not occur with sd card from class-8
- Widget for PNP swap (swap on / off swap)
- Detailed Memory Information & Analysis
- Autorun
- Swappiness kernel parameter set
- Easy foolproof use
(1 click optimization and automatic calculation)
- Supporting Tung all Android devices (root access and Kernelswap support)


ඉහත App එක ඔබේ Android දුරකතනයට සහයෝගය දක්වනවාද යන්න දැනගැනීම සඳහා මෙම app එක install කර එය පරික්ෂා කර බලන්න. 


1. ඔබේ දුරකථනය මේ සඳහා සහයෝගය දක්වනවානම් ඔබට හැකියාව තිබෙනවා පහසුවෙන්ම RAM එක වැඩි කරගැනීමට. 

2. app එක ස්ථාපිත කරගත් පසුව ඉංග්‍රීසි භාෂාව තෝරන්න. 

3. දැන් SWAP file එකක් සාදා ගැනීමට Swap Active කියන එක තෝරන්න

4. මීළඟට ඉහතදී සාදාගත් SWAP file එක enable කරගන්න. 

5. මේ තමයි අවසාන පියවර. එහිදී අළු පැහැයෙන් දිස් වෙන පෙට්ටිය (Grey Box) මත click කර එය active කරගන්න. 


දැන් ඔබේ RAM එක වැඩි වී තිබෙන බව අත්දැකීමෙන්ම ඔබට දැකගන්නට පුලුවන්. 


සැ.යු - මෙය සිදු කරගැනීමට ප්‍රථමව ඔබේ SD card එකේ තිබෙන දත්තයන් බැකප් කර තබා ගන්න. මෙම ක්‍රමය මගින් ඔබේ දුරකතනයේ RAM එක වැඩි කර ගැනීමටනම්  දුරකථනය Root කර තිබීම අත්‍යවශ්‍යම වෙන බව කරුණාවෙන් සලකන්න. 



හොඳයි එහෙනම් මෙම ක්‍රමය ඔබේ Android දුරකතනයෙත් උත්සහ කර බලන්න. ඔබේ අදහස් පහතින් දක්වා යන්නටත් අමතක කරන්න එපා. 



Learn more »

How to Reduce Data Usage When Browsing the Web on a Smartphone

ස්මාට් phone එකකින් අන්තර්ජාලයේ සැරිසරන විට වැය වෙන දත්ත ප්‍රමාණය අවම කරගන්නා අකාරය.






ඔබ භාවිතා කරන්නේ සීමා සහිත අන්තර්ජාල සම්බන්ධ තාවයක් නම් ඔබ භාවිතා කරන හැම මෙගාබයිට් එකක්ම ගණනය වීමක් සිදු වෙනවා. ඒවගේම එම දත්ත ප්‍රමාණය ඔබේ දත්ත පැකේජයෙන් අඩු  වීමක්ද සිදු වෙනවා. අද වන විට වැඩි දෙනෙක් භාවිතා කරන Google Chrome, Opera වගේ මොබයිල් බ්‍රව්සර් වල මේ වෙනුවෙන්ම  හඳුන්වා දී තිබෙන විශේෂාංගයක් තිබෙනවා එය හඳුන්වන්නේ (Data Compression) යනුවෙන්. ඒ මගින් ඔබට ඉඩ ලබා දෙනවා අවම මෙගා බයිට් ප්‍රමානයක් භාවිතා කරමින් අන්තර්ජාලයේ සැරිසැරීමට. 

අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා වැය කරන මුදලෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔබ කැමතිනම් මෙම පහසුකම සක්‍රීය කරගැනීම මගින් ඔබට හැකියාව තිබෙනවා  ඔබ ප්‍රියකරන වෙබ් අඩවි වලට අවම මෙගා බයිට් ප්‍රමාණයක් භාවිතා කරමින් පිවිසීමට . හැබැයි මෙහිදී එම වෙබ් අඩවියේ සුළු වෙනස්කමක් සිදු වෙනවා නමුත් එය එතරම් ලොකු භාධාවක් විදියට සලකන්නට බැහැ. 


මෙය සිදු වෙන්නේ කෙසේද?





ඔබේ දුරකතනයෙන් වෙබ් පිටුවක් ලෝඩ් කරන විට බ්‍රව්සර් එක කෙලින්ම සම්බන්ධ වෙනවා  වෙබ් සර්වර් එක සමග. එම වෙබ් සර්වර් එක මගින් තමයි ඔබට අවශ්‍ය කරන වෙබ් පිටුව ලබා දෙන්නේ. දුරකතය සහ වෙබ් සර්වර් එක අතර ඇතිවෙන මෙම ගනුදෙනුව සිදු කිරීම සඳහා අතරමැදියෙක් ව්දියට ක්‍රියා කරන්නේ අන්තර්ජාල සේවාව සපයන දුරකථන සමාගමයි. එහි දී සිදු වෙන දත්ත හුවමාරුව සඳහා යම්කිසි මුදලක් ඔබෙන් ඔවුන් අයකරගන්නවා. 

දුරකථන භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය  බ්‍රව්සර් දෙක තමයි Google Chrome සහ Opera කියන්නේ. Google Chrome වල මෙම පහසුකම තිබෙන්නේ (Data Compression) යනුවෙන්. ඒවගේම opera වල තිබෙන්නේ (off-road mode) යනුවෙන්. මෙම පහසුකම් සක්‍රීය කරගත් පසුව ඇත්තටම සැළකියයුතු වෙනසක් දැක ගන්නට පුලුවන් වෙනවා. 

මෙහිදී ඔබ වෙබ් පිටුවක් ලෝඩ් කරන විට කෙලින්ම එම වෙබ් අඩවියෙහි සර්වර් එක හා සම්බන්ධ වෙන්නේ නැහැ ඔබ සම්බන්ධ වෙන්නේ google හෝ opera සර්වර් වලටයි. ඉන් පසුව එම අදාල සර්වර් එක විසින්  ඔබට අවශ්‍ය කරන වෙබ් අඩවියේ  පින්තූර සහ අනෙකුත් සියල්ල download කරගෙන එම සියල්ල සුළු මෙගාබයිට් ප්‍රමාණයකට compress කරනු ලබනවා. ඉන් පසුව ඔබේ දුරකතය සඳහා එම වෙබ් අඩවිය ලබා දෙනවා. එම සේවාව සපයන සර්වර් (compressing proxy) ලෙසද හඳුන්වන්න පුළුවන්. අන්න එම හේතුව නිසා ඉතාමත් සුළු මෙගාබයිට් ප්‍රමාණයක් තමයි ඔබට වැය වෙන්නේ. මෙම පහසුකම භාවිතා කරමින් පැහැදිලිවම ඔබට පුළුවන් වැය වෙන දත්ත ප්‍රමාණය අවම කරගන්න. 

මෙලෙස දත්තයන් compress වීම නිසා වෙබ් අඩවියේ තොරතුරු වල ගුණාත්මකභාවය තරමක් අඩුවෙන බව මතක තබා ගන්න. නමුත් එය එතරම් බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඔබට එය අත්දැකීමෙන්ම දැකගන්නට පුළුවන් මෙම පහසුකම සක්‍රීය කරගත් පසුව. 

Chrome වල සහ Opera වල මෙම පහසුමක සක්‍රීය කරගන්නා ආකාරය.


Android, iPhone සහ iPad වල "Data Compression" පහසුකම  සක්‍රීය කරගැනීමට Opera Browser එකෙහි Menu/Settings වලට ගොස් Bandwidth Management යටතේ තිබෙන Advanced කියන ටැබ් එකට පිවිස "Reduce data usage" on කරගන්න. 



මෙම පහසුකම Opera වල තිබෙන්නේ (off-road mode) යනුවෙන්. එය Android වල සහ iOS වල සක්‍රීය කරගැනීමට Opera වල menu එකට ගොස් (off-road mode) on කරගන්න. 



ඔබ කොපමණ දත්ත ප්‍රමාණයක් ඉතුරු කර තිබෙනවාද යන්න දැනගන්න. 


මෙම පහසුකම සක්‍රීය කරගත් පසුව කොපමණ දත්ත ප්‍රමානයක් ඉතුරු කරගැනීමට ඔබට හැකිවී තිබෙනවාද යන්න දැනගන්නටද මෙයින් හැකියාව තිබෙනවා.





Opera බ්‍රව්සර් එකෙන් එය පරික්ෂා කිරීමට හැකියාව තිබෙනවා menu එක ක්ලික් කර සැනින්. 



ඔන්න එහෙනම් Apps Lanka සමග සිටින ඔබ සැමට වටිනා දෙයක් අපි ඉදිරිපත් කරා.  සක්‍රීය කරගන්න  ක්‍රමය පමණක් කියා දෙනවාට වඩා තාක්ෂණිකව එය සිදු වෙන ආකාරයද මෙහිදී ඔබට දැනගන්නට ලැබෙනවා. ඇත්තටම එය තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසයි අනිත් වෙබ් අඩවි වලින් Apps Lanka වෙනස් වෙන්නේ. 


මෙමගින් 50% කින් දත්ත භාවිතය අවම කරගන්නට පුළුවන් වෙන බවට සහතික වෙන්න පුළුවන්. එහෙනම් මෙම ක්‍රමය භාවිතා කර වෙනස ඔබම වටහාගන්න. comment එකකුත් දාලම යන්න. 




Learn more »

Control Your Android Phone From Your Computer

පරිගනකයෙන් Android දුරකථනය පාලනය කරමු. 




වැඩි දෙනෙක් අපෙන් විමසුවා පරිගනකයෙන් android දුරකතනයක් පාලනය කරන්න පුලුවන්ද කියා. ඒ පිළිබඳව අන්තර්ජාලය පරික්ෂා කර බැලීමේදී එය වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් මට හමු වුනා . මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එම ක්‍රමය මගින් දුරකතය පාලනය කරන ආකාරයයි. 

මෙම ක්‍රියාවලිය කරගන්න පුලුවන් apps කොතෙකුත් android market එකේ තිබෙනවා. එම apps අතරින් සාර්ථකම app එක වෙන්නේ (Airdroid). එය භාවිතා කොට පහසුවෙන්ම අපිට පුළුවන් පරිගනකයෙන් android දුරකතය පාලනය කිරීමට.




පියවර 1 

(Airdroid) app එක ඔබේ දුරකථනයේ ස්ථාපිත කරගන්න. එය නොමිලේම ලබා දෙන app එකක් නිසා පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.


පියවර 2 

එම app එක ඔබේ දුරකතනයේ ස්ථාපිත කරගත් පසුව එය run කරගන්න. එවිට ඔබට දැකගන්නට පුළුවන් ඉහත පින්තූරයේ දිස් වෙන පරිදි (URL IP Address) එකක් සහ Password එකක්. 


පියවර 3 

ඔබ සාර්ථකව එම app එක දුරකතයේ ස්ථාපිත කරගෙන තිබෙනවා, දැන් පරිගනකයෙන් ඔබේ දුරකතනයට සම්බන්ධ වෙන්න  පුළුවන්. මීළඟට අපට අවශ්‍ය වෙන්නේ ඔබේ පරිගනකයේ තිබෙන වෙබ් බ්‍රව්සර් එකයි. 


පියවර 4 

දැන් පරිගනකයේ වෙබ් බ්‍රව්සර් එක විවුර්ත කරගන්න. ඉන් පසුව ඔබේ දුරකතනයේ app එකේ තිබෙන (URL IP Address) එක බ්‍රව්සර් එකේ address bar එකට ඇතුලත් කර එන්ටර් ඔබන්න. 



පියවර 5 

එන්ටර් එබීමත් සමගම ඉහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට දැකගන්නට ලැබෙනවා. දැන් ඔබට අවශ්‍ය වෙනවා ඔබේ දුරකතනයේ app එකේ තිබෙන password එක එය අදාල තැනට යොදා login යන්න click කරන්න.


පියවර 6 

දැන් ඔබට පුළුවන් ඔබේ සම්පූර්ණ දුරකතනයම පරිගනකයෙන් පාලනය කිරීමට .


මෙම ක්‍රමය උත්සහ කර බලන්න එය 100% ක්ම සාර්ථක ක්‍රමයක්. යම් ගැටළුවක් මතුවුන හොත් එය comment එකක් මගින් සඳහන් කරන්න.

Learn more »

How to Identify A Fake Samsung Galaxy Phone

(Samsung Galaxy) දුරකථනයක් Original ද කියා දැනගන්නේ කොහොමද ? 




සැම්සුන් දුරකථන උණු කැවුම් වගේ මුළු ලෝකය පුරාම විකිනෙනවා. ඒවා මිලදී ගන්නා අය එහි අන්තර්ගත වෙන දෘඩාංග කොටස් පිළිබඳව වත් අවධානයක් යොමු කරන්නේ නැහැ. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා උත්සහ කරන  පිරිස් සැම්සුන් සමාගමෙන් නිෂ්පාදනය කරන දුරකථන වලට සමාන වෙන ලෙසම අනුරු (Replica) දුරකථන නිර්මාණය කරනවා. ඔරිජිනල් සහ ව්‍යාජ දුරකථන හඳුනා ගැනීමට නොහැකි වැඩි දෙනෙක් (Replica) ගණයට අයත් වෙන ව්‍යාජ දුරකථන වලට රැවටී නිකරුනු මුදල් නාස්ති කරගන්නවා. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ සැම්සුන් සමාගම විසින් නිෂ්පාදනය කරන නියම දුරකථන වලින් ව්‍යාජ දුරකථන වෙන් කර හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි.




ඔරිජිනල් දුරකථන වල සහ ව්‍යාජ දුරකථන වල තිබෙන දෘඩාංග, මෘදුකාංග වල විශාල වශයෙන් වෙනස් කම් පවතිනවා. මෙහිදී අපි සොයා බලමු දෘඩාංග වල තිබෙන වෙනස් කම් පිළිබඳව.



මේ ඔබ දකින්නේ සැම්සුන් S4 ඔරිජිනල් දුරකතනයකට සමාන වෙන ලෙස නිපදවනු ලැබූ ව්‍යාජ දුරකතනයක්. බැලූ  බැල්මට කියන්න හැකියාවක් නැහැ මෙය ව්‍යාජ එකක් බව. නමුත් තරමක් අවධානයෙන් බැලුවොත් ඔබට දැකගන්න පුළුවන් සැම්සුන් ලෝගෝ එක ඉතාමත්ම විශාල ලෙස නිර්මාණය කර තිබෙනවා, Home බටන් එක screen එකට වඩාත් පහලට වෙන්න තිබෙනවා, screen එක දුරකථනයේ කොනටම වෙන්න නැතිව වැඩි වාසියක් හතර පැත්තෙන්ම තබා නිර්මාණය කර තිබෙනවා. එයින් පෙනී යන්නේ කිසිඳු නිමාවක් නැතිව නිර්මාණය කර තිබෙන බවක්. දුරකතනයේ ඉදිරිපස තිබෙන්න්නේ බාල වර්ගයේ ප්ලාස්ටික්. ඒවගේම  දුරකතයේ උඩ  කොටසේ තිබෙන සැම්සුන් ලෝගෝ එක පහුවෙන්ම සුරා ඉවත් කිරීමටද වුනත් හැකියාව තිබෙනවා. සැම්සුන් ගැලැක්සි S4 ව්‍යාජ දුරකතයක්  උදාහරණයකට ගෙන ඔබට පෙන්වා දුන්නේ ව්‍යාජ දුරකථන වල පොදුවේ දැකගන්නට පුළුවන් භාහිර වෙනස් කම් කිහිපයක්. 



මෙය නම් සැම්සුන් සමාගම විසින් නිර්මාණය කරන ලද ඔරිජිනල් සැම්සුන් S4 දුරකතනයක්. දැන් ඔබට ඉහත ව්‍යාජ දුරකථනය සහ මෙම නියම දුරකථනය සංසන්දනය කිරීමෙන් අවභෝධ කරගන්නට පුළුවන් මේවා අතර තිබෙන පැහැදිලි වෙනස. 


සැම්සුන් සමාගමේ ඔරිජිනල් දුරකථන සඳහාම පමණක් ක්‍රියා කරන කේතයෙන් තිබෙනවා. ඒ මගින් අපට ව්‍යාජ දුරකථනයන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. *#0*# මෙම කේතය භාවිතා කරන්නේ screen එක පරික්ෂා කිරීමටයි. ඔබ සැක සිතන ව්‍යාජ දුරකතය ගෙන මෙම කේතය වැඩ කරනවාද යන්න සොයා බලන්න. කිසිඳු ගැටළුවක් නැතිව මෙය ක්‍රියාත්මක වී ඔබට පුළුවන් නම් එම දුරකතයේ LCD තිරය පරික්ෂා කර බැලීමට. ඔබගේ දුරකතනය සැම්සුන් සමාගම විසින් නිපදවා තිබෙන ඔරිජිනල් දුරකතයක් බව හඳුනා ගන්න පුළුවන්. 


එම කේතයන්ට අමතරව මෙම කේතයන්ද උත්සහ කර බලන්න. මෙම සියල්ලම පාහේ සාර්ථකව වැඩ කරනවානම් ඔබේ දුරකතය ඔරිජිනල් එකක් බව ඔබට තහවුරු කරගන්න පුළුවන්.


*#1234# (View SW Version PDA, CSC, MODEM)
*#0*# (General Test Mode) 
*#12580369# (SW & HW Info) 
*#197328640# (Service Mode) 
*#0228# (ADC Reading) 
*#32489# (Ciphering Info) 
*#232337# (Bluetooth Address) 
*#232331# (Bluetooth Test Mode) 



ඒවගේම දුරකතයේ තිරයෙන්ද ව්‍යාජ දුරකතයන් හඳුනා ගන්න පුලුවන්. උදාහරණයක් විදියට මෙම පහත තිබෙන පින්තූරය දෙස බලන්න.




AMOLED වර්ගයේ තිර වල ගැඹුරු උද්දීපනය වූ වර්ණයක් (deep vibrant color ) දැකගන්න පුළුවන්. නමුත් ව්‍යාජ දුරකථන වල තිබෙන්නේ සුදු පැහැයට හුරු දීප්තිමත් වර්ණයක් පමණයි. 


සැම්සුන් ව්‍යාජ දුරකථනයන් හඳුනා ගන්න මෙම දැනුම ප්‍රමාණවත් යැයි සිතනවා. ලිපිය කියව බලා ඔබේ අදහස් දක්වා යන්නත් අමතක කරන්න ඒපා.


Learn more »

This ShatterProof Screen Protector Saves Your Phone From Falls, Hammers And Drills

මෙය මිටි පහරකින් වුවද ඔබේ දුරකතනයේ තිරය ආරක්ෂා කරගත හැකි ආරක්‍ෂිත ආවරණයක්. 



ඔබේ දුරකථනය බිම වැටී එහි තිරය පලුදු වී විට හිතට දැනෙන  වේදනාව කොපමනද කියා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.  ඔබ භාවිතා කරන්නේ මිලෙන් අධික අලංකාරවත් ස්මාට් ෆෝන් එකක් නම් එය බිම වැටුනහොත්  හිතට දැනෙන වේදනාව කියා නිම කර ගත නොහැකි තරම් වෙනවා. නමුත් මේ සඳහා ඉතාමත් හොඳ විසඳුමක් අද  වන විට සොයා ගෙන තිබෙනවා. 

"Amzer" නමින් හඳුන්වන සමාගමක්  මේ සඳහා ඉතාමාත් විශිෂ්ඨ විසඳුමක් සොයා ගෙන තිබෙනවා. ඒ තමයි ( Shatter proof screen protector ) වර්ගයේ  සුපිරි ආරක්ෂිත ආවරණයක් . මෙම ආවරණය 0.2 mm පමණ සිහින් යුරිතෙන් ( urethane ) සිවියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

එම ආරක්‍ෂිත ආවරණය සීරීම් ප්‍රතිවිරෝධකයක් (scratch resistant), පීඩන ප්‍රතිවිරෝධකයක් ( stress resistant) සහ වැටීම් ප්‍රතිවිරෝධකයක් (drop resistant) ලෙස ක්‍රියා කරමින් ඔබේ දුරකතනයේ සිනිදු සුමට දර්ශන තිරය ආරක්ෂා කරනු ලබනවා. ඒවගේම තමයි තමා විසින්ම සුවපත් වීමේ විශේෂ හැකියාවක් ( self healing capability) ඒ සතුව පවතිනවා. එවැනි සුපිරි පහසුකම් මගින් ඔබේ දුරකථනය පහසුවෙන් කඩා බිඳදැමිය නොහැකි උපකරණයක් බවට පත් වෙනවා.

Amzer කියන සමාගම විසින් එම ආරක්‍ෂිත ආවරණය යොදා ගනිමින් දුරකථන සඳහා පවත්වන පරීක්ෂණයන් ඇති දර්ශන අන්තර්ජාලයට එකතු කර තිබෙනවා. එහි ප්‍රතිපලයන් විශ්වාස කල නොහැකි තරම් විශ්මය ජනක වෙනවා. මේ පහතින් ඔබ දකින්නේ පරීක්ෂණයන් කිහිපයක්. 

මේ තියෙන්නේ මිටියක් යොදා ගනිමින් පවත්වන පරීක්ෂණයක්





මේ ඔබ දකින්නේ විදුම් යන්ත්‍රයක් යොදා ගනිමින් පවත්වන පරීක්ෂණයක් 




මෙවැනි දරුණු පරීක්ෂණයන්ගෙන් වුවද දුරකථනය නොනැසී පැවතීම කෙතරම් පුදුමයක්ද? වඩාත් පුදුමය නම් එම ආවරණය 0.2mm තරම් සිහින් වීමයි. ඔබේ දුරකථනය සඳහා මෙම ආරක්ෂාව සලසන්නේ  $29 වැනි මුදලකටයි.

Learn more »

Smartphone Screen Cracks — Not A Problem Any More

ස්මාට් ෆෝන් වල තිරය පලුදු වීම තවදුරටත් ගැටලුවක් නෙවෙයි. 


iphone සහ ගැලැක්සි 4 දුරකථන වල දර්ශන තිරය  සඳහා භාවිත කර තිබෙන අලුත්ම ගොරිල්ලා ග්ලාස් එක ශක්තිමත් වීම නිසා ලෙහෙසියෙන් පලුදු වීමක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික තත්වයේදී එය එසේම සිදු වෙන්නේ නැහැ. ඔබ කොතෙකුත්  දැක ඇති ගොරිල්ලා ග්ලාස් එක තිබුනද පලුදු වී තිබෙන smart දුරකථන වල දර්ශන තිරයන්.



"Rhino Shield" යනුවෙන් හඳුන්වන්නේ ස්මාර්ට් දුරකථන වල දර්ශන තිර සඳහා අලුතෙන් හඳුන්වා දෙනුලැබූ ඉතාමත් සවි ශක්තිමත් ආවරණයක්. එය ස්මාට් දුරකතනයක තිරය වැසෙන සේ ආවරණය කරන්න පුළුවන්. එහි සවි ශක්තිමත් භාවය ගොරිල්ලා ග්ලාස් එකට වඩා 5 ගුණයකින් වැඩි වෙනවා. අධික කම්පනයක් සඳහා වුනත් එය ඔරොත්තු දෙනවා. 

"Rhino Shield" එක කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්.  ඉහල ආකාරයේ විනිවිධ භාවයකින් සහ සීරීම් වලටද ලක් නොවන ලෙස (scratch resistance) මෙම  සුපිරි ආරක්ෂත ආවරණය නිර්මාණය කර තිබෙනවා. එහි තිබෙන තවත් විශේශාංගයක් තමයි ( oleophobic coating ) කියන්නේ. එයින් සිදු කරන්නේ ඇඟිලි සලකුණු සහ වෙනත් තෙල් වර්ගයන් විකර්ෂණය කිරීමයි. විකර්ෂණය කරනවා කියන්නේ තිරය මත රඳා පවත්වා නොගැනීමයි. 





ස්තර  කිහිපයකින් සමන්විත වූ මෙම ආරක්‍ෂිත ආවරණය 0.29 mm ගනකමකින් යුතු වෙනවා. වාත බුබුළු ඇති නොවෙනා ආකාරයට ස්මාට් දුරකතනයේ දර්ශන තිරය ආවරණය කරගන්න පුළුවන් වීම තවත් පහසුකමක්. ඒවගේම තමයි දුරකතනයේ ස්පර්ශක සංවේදීත්වයට කිසිඳු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 





Apple , Nexus, Samsung, Sony, HTC  ස්මාට් දුරකථන සඳහා මෙම සුපිරි ආවරණය ලබාගන්න පුළුවන්. ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳව තොරතුරු සොයා බලන්න. 



Learn more »

A Smartphone App To Detect Earthquakes

භුමිකම්පාවන් හඳුනාගැනීමට හැකි ස්මාට් ෆෝන් app එකක් . 




ලොවම හැඬවූ සුනාමි ඛේධවාචකය පැමිණ අදට අවුරුදු 9ක් පමණ වෙනවා. එයින් ජීවිත දහස් ගණනක් අපට අහිමි වුවා. එවැනි අනතුරක් පැමිණීම කල්තියා දැනගත හැකිවූවා නම් අහිමි වූ ජීවිත ගණන දහස් ගණනකින් අඩු කරගැනීමට හැකිවෙන්න තිබුනා.  

මහත් වූ විනාශයක ආරම්භක අවස්තාව පිළිබඳව කල්තියා දැනගැනීමට අවශ්‍යද? මෙන්න ඔබට ඒ සඳහා හොඳ අවස්තාවක්. ස්මාට් ෆෝන් එකක් ඔබ සතුව තිබේනම් ඒ සඳහා මෙම app එක ස්ථාපිත කරගැනීමෙන් ඔබට හැකියාව තිබෙනවා භුමිකම්පාවන් පිළිබඳව පෙර තියා දැනගැනීමට. 



භූකම්පන ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරපු app එකක් තමයි (ishake) කියන්නේ. එම app එක මගින් ස්මාට් ෆෝන් එකක තිබෙන ඇක්සලරෝමීටරය ( accelerometer) ප්‍රයෝජනයට ගනු ලබනවා භුමිකම්පාවන් හඳුනා ගැනීම සඳහා . ඇක්සලරෝමීටරය  සහ සැබෑ භූකම්පන සංවේදකයන් පරීක්ෂකයින් විසින් එකිනෙකට සන්සන්ධනය කර බැලීමේදී ඔවුන් සොයා ගනු ලැබුවා iphone එකකට හැකියාව තිබෙන බව ඒකක 5ක හෝ ඊට වඩා වැඩි  භුමිකම්පාවක් හඳුනා ගැනීමට .




ඔබට සිතෙන්නට පුලුවන්, සිදුවෙමින් පවතින භූමිකම්පාවක් පිළිබඳව දැනගැනීම සඳහා app එකක් අවශ්‍ය වෙන්නේ කුමකටද කියා. සිදු වෙමින් පවතින භූමිකම්පාවන්  පිළිබඳව හදිසි තොරතුරු ජනතාව වෙත වහාම සැපයීමටයි මෙම app එක නිර්මාණය කර තිබෙන්නේ    . උදාහරණයක් විදියට විනාශයේ පැහැදිලි චයාරූප සහ භූමිකම්පාවේ අපිකෙන්ද්‍රයේ පින්තූර වැනි දේ. භූකම්පනය සිදු වෙන අතරතුර   පොලවේ සෙලවීම සහ තීව්‍රතා පරාමිතිය ( intencity parameters ) වැනි දේ භාවිතා කොට භූමිකම්පාව විසින් සිදු කල හැකි විනාශය පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ජනතාවට හැකි වෙනවා. 




මෙම app එක භාවිතා කිරීමට හැකියාව තිබෙනෙන්  iphone සඳහා පමණයි. එම app එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න. 





Learn more »

5 Android Apps That Change Wallpaper To Match The Weather

පවතින කාලගුණ තත්වයට ගැලපෙන ආකාරයට ඇන්ඩ්රොයිඩ් දුරකතයේ වෝල්පේපර් වෙනස් කරන වැඩසටහන් 4 ක්.  




පවතින කාලගුණ තත්වය කෙසේද යන්න ඔබට දැනගැනීමට අවශ්‍යනම් අවට පරිසරය දෙස බැලීමට ඔබට සිදු වෙනවා. අපි හිතමුකෝ ඔබ දැන් සිටින්නේ සෑහෙන පිරිසක් සිටින ශ්‍රවනාගාරයක මධ්‍යයේ කියා. එහිදී ඔබට දැනගන්නට අවශ්‍ය වුන හොත් පිටත කාලගුණ තත්වය කෙසේද කියා .ඔබ සිටින ස්ථානයේදී ඔබට කිසිලෙසකවත් අහස දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ ස්මාට් ෆෝන් එකේ මෙම වැඩසටහන් 4න් එකක් හෝ ස්ථාපිතකොට තිබෙනම් ඔබට පහසුවෙන්ම දැනගැනීමට පුළුවන් කාලගුණ තත්වය කෙසේද යන්න. මේ වැඩසටහන් මගින් සිදු කරන්නේ කාලගුණ තත්වයට ගැලපෙන ආකාරයට දුරකතනයේ වෝල්පේපර් වෙනස් කිරීමයි. 






"Stormfly" කියන්නේ බොහොම සරල වැඩසටහනක්. (HD Image) ඩවුන්ලෝඩ් කරගෙන දැන් පවතින කාලගුණතත්වයට ගැලපෙන පින්තූර දුරකතනයේ වෝල්පේපර් සඳහා භාවිතා කිරීමයි එම වැඩසටහන මගින් සිදු කරන්නේ. ඉතාමත් සුළු MB ප්‍රමාණයක් තමයි එම කාර්ය සඳහා වැය වෙන්නේ. ඔබ සිටින ප්‍රදේශය ස්වයන්ක්රීයවම GPS හරහා හඳුනා ගැනීමටද ඉඩ දෙන්න පුළුවන්. නැතිනම් මැනුවල් විදියට ඔබේ ස්ථානය තොරන්නද පුළුවන්. 




ඉහතදී සඳහන් කරන ලද වැඩසටහනට වඩා මෙම වැඩසටහන උසස් තාක්ෂණයෙන් යුතු එකක් වෙනවා. ඒ මොකද මෙහි තිබෙන වෝල්පේපර් සජීවීකරණය කරන ලද ඒවා වෙන බැවින්. වලාකුළු සහිත පැහැදිලි අහසක් ඇති  කාලගුණයක් පවතින  දවසක් නම් එම වෝල්පේපර් එකෙහි සුදු වලාකුළු එහා මෙහා පාවෙන ලෙස සජීවීකරණය කර තිබෙනවා. වැසිබරිත දවසක් නම් වර්ෂාව වැටෙන ආකාරයට සජීවීකරණය කර තිබෙනවා. ඒ ආකාරයට අලංකාරවත්ව එම වෝල්පේපර් සජීවීකරණය කර තිබෙනවා. තමන් කැමති ආකාරයට ඒවා සකස් කරගැනීමටද හැකියාව තිබෙනවා. 




තරමක් පැරණි වැඩසටහනක් වුනත් මෙය ඉතාමත් හොඳ වැඩසටහනක්. අවුරුදු දෙකකට පෙර අවසන් වරට යාවාත්කාලීන කරනු ලැබුවත් තවමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෙහි තිබෙන වෝල්පේපර් සජීවීකරණය කරනු ලැබූ ඒවා වුනත් අනෙකුත්  වැඩසටහන් සමග සසඳන විට පිටුපුසින් සිටිනවා. සජීවීකරණය කර තිබුනත් බොහොම සන්සුන්ව තමයි එම වෝල්පේපර් ක්‍රියා කරන්නේ.  



මෙම වැඩසටහන විසින් භාවිතා කරනු ලබන වෝල්පේපර් මගින් අවට පරිසරය සැබෑ ආකාරයෙන්ම නිර්මාණය කිරීම සඳහා උත්සහ කර නොතිබුණත් ඒවා කලාත්මක ලෙස දිස් වෙනවා. මෙම වැඩසටහනේ තිබෙන කරදරකාරී වෙළඳ දැන්වීම් මගින් ඔබව පෙළඹවීමට උත්සහ කරනවා අමතර වැඩසටහන් ඩෝවුන්ලෝඩ් කරගන්නා ලෙස. එම කරදරය නොමැති කොට මෙය සාමාන්‍යයෙන් හොඳ වැඩසටහනක්. 

සැ.යු :- ඉහතදී සඳහන් කරන ලද එම වැඩසටහන් ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා එම වැඩසටහන් වල නම් මත කිල්ක් කරන්න.


Learn more »