Android Apps On Windows?

වින්ඩෝස් දුරකථන වලටත් Android ඇප්ස් පැමිණෙන ලකුණු.


මයික්‍රොසොෆ්ට් සමාගමේ පරිගණක මෙහෙයුම් පද්ධතිය සියලු මෙහෙයුම් පද්දති අබිභවා ඉදිරියෙන්ම සිටින බව ඔබ දන්නවා ඇති. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගමේ mobile මෙහෙයුම් පද්දතියට තවමත් හැකියාවක් ලැබී නැහැ දුරකථන මෙහෙයුම් පද්දති ලොවේ ප්‍රභලයා වෙන Android පරාජය කිරීමට තරම්. 


වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට  android apps ස්ථාපිත කිරීමට අවස්තාව ලබාදුන හොත්  තම පාරිභෝගිකයින්ගෙන් වඩාත් ඉහල ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම විශ්වාස කරනවා.



මේ වන විට මයික්‍රොසොෆ්ට් සමගම තමන්ගේ desktop සහ mobile මෙහෙයුම් පද්දති දෙකම android මෙහෙයුම් පද්දතියේ apps සඳහා විවුර්ත කරලීම  පිළිබඳව මහත් සැලකිල්ලක් දක්වමින් සාකච්චා කරන බව "The Verge" වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එම සැලැස්මට අනුව වින්ඩෝස් පාරිභෝගිකයින්ට හැකියාව තිබෙනවා windows Store එකට පිටින් third-party Android apps ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කර ගැනීමට. 


මෙම සාකච්චාවන්  තවමත් මුලික අදියරේ පවතින අතර මෙය සාර්ථක කරගැනීමට නම් තවත් බොහෝ පිරිසක් මෙයට එකඟ වියයුතු වෙන බව එම වෙබ් අඩවිය තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. ඒවගේම මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක නිලධාරීන්ගෙන් බහුතරයක් විශ්වාස කර සිටිනවා android apps සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ දොරගුළු විවුර්ත කළ හොත් සෑහෙන පාරිභෝගිකයින් පිරිසක් වින්ඩෝස් වෙතට ඇද ගැනීමට හැකි බව. 


වින්ඩෝස් පරිගනක මෙහෙයුම් පද්දතිය සඳහා Blustack මෘදුකාංගය හරහා Android Apps ස්ථාපිත කිරීමට හැකියාව තිබෙන බව ඔබ දන්නවා ඇති. නමුත් වින්ඩෝස් දුරකථන මෙහෙයුම් පද්දතිය සඳහා නම් මේ වන තෙක් එවැනි ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. කොහොම නමුත් නිල වශයෙන්ම වඩාත් පහසුවෙන් android apps windows මතට ස්ථාපිත කරන්න ලැබුනොත් ඒ සඳහා වැඩි ප්‍රතිචාරයක් අනිවාර්යයෙන්ම ලබෙනවා නොඅනුමානයි. 


මෙම සැලැස්ම මගින් මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ දුරකථන මෙහෙයුම් පද්දති පරිශීලකයින් වැඩි වශයෙන් windows මෙහෙයුම් පද්දතිය වටා එක් රැස් කරගැනීමයි. 


මයික්‍රොසොෆ්ට් විසින් NOKIA සමාගම මිලදී ගැනීමට ප්‍රථමව  NOKIA සමාගමද  උත්සහ කරේ android මෙහෙයුම් පද්දතියේ පිහිටෙන් තම දුරකථන වෙළඳ පොළ ස්ථාවර කරගැනීමට බව ඔබ දන්නවා ඇති. 


මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න.

Android Apps on Windows



කොහොම නමුත් ලැබෙන ආරංචිමාර්ග මගින් බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව තිබෙනවා මයික්‍රොසොෆ්ට් සමාගම කෙසේ හෝ මෙම කාර්ය සාර්ථක කරගනියි කියා. මේ පිළිබඳව ඔබ දක්වන පෞද්ගලික මතය පහතින් දැක්වීමට හැකියාව තිබෙනවා. 

1 comment: