Sony Sells New Walkman Packed In Water Bottles

වතුර බෝතලයක දමා අලෙවි කරන Sony සමගමේ අලුත්ම Walkman එක. 


තම පාරිභෝගිකයාට  පහසුකම් දහසක් සපයන බව කියමින් වෙළඳ පොලට පැමිණෙන Gadgets අතරින් බොහොමයක් එම පොරොන්දු නිසි ලෙස ඉටු කරන්නේ නැහැ. කොහොම නමුත් Sony සමගම තම සමාගමේ අලුත්ම  Walkman යන්ත්‍රය වතුර සඳහා කොතරම් ප්‍රතිරෝධකයක් දක්වනවාද යන්න සැමටම දැක ගත හැකි වෙන ලෙස වතුර බෝතලයක අසුරා එය ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබෙනවා. 



මෙම Walkman යන්ත්‍රය සඳහා විශේෂ යමක් අලුතෙන් ඇතුලත් කර තිබෙන බවක් නම් පෙනෙන්නට  නැහැ. නමුත් SONY සමගම තම පාරිභෝගිකයින්ට පොරොන්දු වෙනවා කිසිලෙසකින් වත් මෙම උපකරනය සඳහා ජලය කාන්දු නොවෙන බවට.  මෙම Walkman යන්ත්‍රය ප්‍රචාරණය කිරීම සඳහා සකසා තිබුණු වෙළඳ දැන්වීමේද තිබුනේ මෙම  Walkman යන්ත්‍රය පැළඳ පිහිනන වීඩියෝ දර්ශනයක්. නවසීලන්තයේ පිහිනුම් තටාක වල සහ කායවර්ධන මධ්‍යස්තානයන් වල තිබෙන සිසිල් බීම යන්ත්‍රයන් (Vending Machine) වල මෙම Walkman යන්ත්‍රය ප්‍රදර්ශනය කිරීමෙන් නවතම ක්‍රමවේදයකට ප්‍රචාරය කිරීමේ ක්රියාවලියකටද SONY සමාගම උත්සහ කර තිබෙනවා. 





අවුරුදු ගනනාවක සිට Sony සමාගම Waterproof (ජලය කාන්දු නොවෙන ) උපකරණ නිපදවීමේ කාර්යයේ නිරත වෙමින් සිටි බව ඔබ දන්නවා ඇති. ලෝකයක් පුදුමයට පත් කරමින් ජලය කාන්දු නොවෙන smart දුරකතනද ප්‍රථම වරට නිෂ්පාදනය කරනු ලැබුවේ එම සමාගම විසිනි. ඉදිරියේදී පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම සඳහා SONY සමාගම එම උපකරණද ජලය පිරුණු බඳුන් වලම දමා අලෙවි කිරීමට ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. 


මෙම Walkman යන්ත්‍රයක් ඔබට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා Amazon වෙබ් අඩවිය වෙතින්. එම වෙබ් අඩවියට පිවිසීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න. 



0 comments: