How to Make a Resume for Free Without Using Microsoft Office

මයික්‍රොසොෆ්ට් Office වැනි මෘදුකාගයන් භාවිතා නොකර නොමිලේම CV එකක් සාදා ගන්නා ආකාරය. 



ඔබට තව දුරටත් මයික්‍රොසොෆ්ට් Office වගේ මෘදුකාංගයන් අවශ්‍ය වෙන්නේ නැහැ ඉහල ගුණාත්මක තාවයෙන් යුතු වුර්තීය මට්ටමේ CV එකක් නිර්මාණය කරගැනීමට. ඔබ දන්නවනේ එවැනි මෘදුකාංග භාවිතා කරමින් CV එකක් සාදා ගැනීමට නම් තරමක ඉහල දැනුමක් තිබිය යුතු බව.  නමුත් අපි ඔබට මෙහිදී හඳුන්වා දෙන ක්‍රමයට ඕනෑම කෙනෙකුට වුර්තීය මට්ටමේ CV එකක් විනාඩි කිහිපයක් තුල පහසුවෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්. 


අපි මෙහිදී භාවිත කරන්නේ Google සමාගමේ සුවිශේෂී සේවාවක්. තව දුරටත් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ ඔබගේ කුසලතාවයන් උද්දීපනය වී පෙනෙන ලෙස විශාල කාලයක් වැය කොට CV එකේ format එක සැකසීමට. ඒ සඳහා පහසුම ක්‍රමය තමයි Google Docs.


ඔබ කැමති Template එකක් තෝරා ගන්න. 


Google Docs කියන්නේ Microsoft Office සඳහා හොද තරගයක් ලබා දෙන්න පුළුවන් සේවාවක්. google සමාගමේ අනෙකුත් සේවාවන් වගේම මෙම සේවාවද අන්තර්ජාලය හරහා නොමිලේම ලබා දෙන්නක්. එය භාවිතා කිරීම සදහා ඔබට අවශ්‍ය වෙන්නේ වෙබ් බ්‍රව්සර් එක සහ gmail ගිණුමක් පමණයි. 


වැඩි දෙනෙක් CV නිර්මාණය කිරීම සඳහා මෙම සේවාව තෝරාගන්නේ ඒ විසින්ම CV එකට අවශ්‍ය කරන Template එක සපයන නිසා. කාලය ඉතුරු කරගෙන ඉතා සුළු කාලයකින් ඔබට පුළුවන් CV එකක් සාදා ගන්නට ඒ මගින්. 


Google Docs හී තිබෙන Template gallery එකෙන් ඔබ කැමති template එකක් CV එක සඳහා පහසුවෙන්ම තෝරා ගන්න ඔබට පුළුවන්. මෙම සේවාව ලබා ගැනීමට නම් ඔබට gmail ගිණුමක් තිබීම අනිවාර්ය වෙනවා. හොඳයි එහෙනම් මෙම පහත තිබෙන ලින්ක් එක ක්ලික් කර Google Docs හී Template gallery එක වෙත පිවිසෙන්න. 



එම වෙබ් අඩවිය වෙත පිවිස එහි search bar එකේ search කරන්න resume යනුවෙන් එහිදී ඔබට CV Templates රාශියක් දැක ගන්නට පුළුවන්. 




එම Template අතරින් ඔබ සිත් ගත් එකක් තිබේනම් එහි දර්ශනය දැක ගැනීමට (Preview) යන බටන් එක ක්ලික් කරන්න. ඉන් පසුව එක Template එකක් තෝරා ගෙන එය ඉදිරියෙන් තිබෙන  (Use This Template) යන්න තෝරන්න. 




ඔබේ තොරතුරු CV එක වෙත ඇතුලත් කරන්න. 


දැන් ඔබට අවස්තාව තිබෙනවා මෙහි තිබෙන තොරතුරු වෙනුවට ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමට. ඔබේ පෞද්ගලික තොරතුරු , අධ්‍යාපන තොරතුරු ඇතුලත්ව බොහොමයක් දේවල් ඒ වෙත ඇතුලත් කරන්න හැකියාව තිබෙනවා. ඔබ තොරතුරු ඇතුලත් කරන විට ස්වයන්ක්‍රීයවම එම තොරතුරු Save වීමක්ද වෙනවා. සියලුම තොරතුරු පුරවා අවසන් කර පසුව එම Document එක  ඔබේ Google Drive එක තුලින් ඔබට සොයා ගන්න පුළුවන්. ඒ වෙත පිවිසීමට පහත තිබෙන ලින්ක් එක කිලික් කරන්න. 





සදා නිම කරගත් CV එක බාගැනීම සහ ප්‍රින්ට් කරගැනීම

දැන් ඔබට අවශ්‍ය වෙනවා google docs වෙතින් එම CV එක ලබා ගැනීමට. මෙහිදී එය ප්‍රින්ට් කරගැනීමට අවශ්‍ය නම් file menu එකේ තිබෙන print විධානය මගින් එය ප්‍රින්ට් කරගන්නට පුලුවන්. 


file එකක් විදියට එම CV එක email කිරීමට සහ upload කිරීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් එය PDF එකක් විදියට බාගන්නට. ඒ සඳහා file menu එක වෙත ගොස් download as කියන තැන ක්ලික් කර අවශ්‍ය file ෆොර්මැට් එකකට download කරගන්න.





හොඳයි ඔන්න එහෙනම් Apps Lanka වෙතින් ඔබව දැනුවත් කරනු ලැබුවා වඩාත් පැහැදිලි ලෙස  පියවරෙන් පියවර CV එකක් පහසුවෙන්ම සාදා ගන්නා ආකාරය පිළිබඳව. මෙය ඔබට ප්‍රයෝජනවත් නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. 


0 comments: