How to Check What Web Sites Your Computer is Secretly Connecting To

පරිගනකය රහසිගතව සම්බන්ධ වී සිටින Web Sites මොනවාද යන්න සොයා බලමු. 


ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය අසාමාන්‍ය ලෙස මන්දගාමී වෙලාද? එලෙස අසාමාන්‍ය ලෙස අන්තර්ජාල සම්බන්ධ තාවය මන්දගාමී වීමට බලපාන ප්‍රධානම හේතුව  වෙන්නේ පරිගනකයට පැමිණි malware, spayware සහ adware වැනි වෛරසයන් වල ක්‍රියා කාරීත්වයයි. ඔබ නොදැන සිටියත් එම වෛරසයන් මගින් රහසිගතව යම් යම් වෙබ් අඩවි වලට සම්බන්ධ වීමට උත්සහ කරනවා. එම හේතුව නිසා අසාමාන්‍ය ලෙස අන්තර්ජාලය මන්දගාමී වෙනවා. මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ ඔබේ පරිගනකය එලෙස රහසිගතව සම්බන්ධ වී සිටින්නේ කුමන වෙබ් අඩවි වලටද යන්න සොයා බැලීම පිළිබඳවයි. 


ඔබේ පරිගනකය රහසිගතව සම්බන්ධ වී සිටින්නේ කුමකටද යන්න පරික්ෂා කර බලන ආකාරය. 




netstat විධානය භාවිතා කරමින් අපිට පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. මෙම ක්‍රමය windows 7, vista, සහ xp මෙහෙයුම් පද්දති වල සාර්ථකව ක්‍රියාත්මකව වෙනවා. 


මෙමගින් අපිට හැකියාව තිබෙනවා යම් කිසි විශේෂිත කාලයක් තුල පරිගනකය සම්බන්ධ වී සිටින්නේ කුමන වෙබ් අඩවි වලටද සහ අන්තර්ජාලය භාවිතා කරන්නේ කුමන මෘදුකාංගද යන්න ඇතුළු ලැයිස්තුවක් සකස් කරගැනීමට. මෙම විධානය භාවිතා කිරීම සඳහා ඔබ command prompt එක administrator අවසරය ඇතුව run කල යුතු වෙනවා. start menu එක විවුර්ත කොට search box හී "cmd.exe" යනුවෙන් type කර search result එක පැමිණිය පසුව ඒ මත right-click කර "run as administrator" යන්න තෝරන්න. 




command prompt වින්ඩෝ එක පැමිණිය පසුව පහත තිබෙන විධානය ඒ ආකාරයෙන්ම type කර enter ඔබන්න. 


netstat -abf 5 > activity.txt


දැන් එම විධානය ඇතුලත් කර enter කල පසුව විනාඩි දෙකක පමණ කාලයක් සිටින්න මොකද එම කාලය තුල පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබෙන සියලුම සම්බන්ධ තාවයන් පටිගත කරනවා. විනාඩි දෙකක පමණ කාලයක් ගත වී ගිය පසුව Ctrl+C එක වර එබීමෙන් පටිගත වීම නවත්වන්න. 




දැන් ඔබ සියලු දත්තයන් පටිගත කරගෙන ඉවරයි. එම ප්‍රතිපලය දැකගැනීම සඳහා command prompt එකේම activity.txt යනුවෙන් type කර enter ඔබන්න. දැන් විවුර්ත වූ text file එකේ සියලුම විස්තරයන් අන්තර්ගත වී තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. 


විනාඩි 2ක කාලය තුල අන්තර්ජාලය හා සම්බන්ධ තාවය පැවැත්වූ වෙබ් බ්‍රව්සරයද ඇතුලත්ව සියලුම මෘදුකාංග වල ලැයිස්තුවක් ඔබට එහි දැකගන්න පුළුවන්. ඒ අතර ඔබට හුරු පුරුදු නොමැති වෙබ් අඩවියක ලිපිනයක් තිබෙනවානම් google හී පරික්ෂා කර බලන්න. එම වෙබ් අඩවිය අහිතකර එකක් යැයි ඔබ සිතනවානම් එයින් වැළකීම සඳහා විසඳුම google හී පරික්ෂා කර බැලීමෙන්ම සොයා ගන්න පුළුවන්. 


ඉහත සඳහන් කල පරිදි malware, spyware සහ adware වගේ වෛරසද අන්තර්ජාලය භාවිතා කරනවා වෙන්න පුළුවන්. එවැනි සැකකටයුතු ක්‍රියාකාරීත්වයක් ඔබ දුටුවොත් දැනගන්න එය වෛරස බලපෑමක් බව. ඒ සඳහා විසඳුමක් වශයෙන් හොඳ ප්‍රතිවෛරස මෘදුකාංගය ස්තාපිත කරගන්නට පුළුවන්. නැතිනම් පරිගනකය සම්පූර්ණයෙන් ෆොර්මැට් කර අලුතෙන්  මෙහෙයුම් පද්දතිය පිහිටුවා ඒ සමගම ප්‍රතිවෛරස මෘදුකාංගයක්ද අලුතෙන් ස්ථාපිත කරගන්න. 




CurrPorts භාවිතයෙන් පහසුවෙන්ම මෙය කරගැනීම. 

ඉහත ක්‍රමය නම් තරමක්  සංකීර්ණ manual ක්‍රමයක්. නමුත් CuurPorts කියන මෘදුකාගයෙන් පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. එය නොමිලේම ලබා ගන්න පුළුවන් portable මෘදුකාංගයක්. එම නිසා install කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පිළිබඳව වැඩි වශයෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේ මගින් මෙය කරගැනීම ඉතාමත්ම පහසුයි. එම මෘදුකාංගය පහතින් බාගන්න. 






මේම ක්‍රමයන් මගින් ඔබට දැනගන්න පුළුවන් අන්තර්ජාල වේගය මන්දගාමී වෙමට බලපා තිබෙන හේතුව. ඒවගේම අන්තර්ජාලය භාවිතා කරන වෛරසයන් පරිගනකයට පැමිණ තිබෙනවාද යන්නත් සොයා බලන්න පුළුවන්.  මේ පිළිබඳව ඔබට ඇති වෙන ගැටළු comment කරන්න අපි සුදානම් පළිතුරු දෙන්න. 


comment එකක් දාගෙන යන්නත් අමතකර කරන්න එපා  

0 comments: