Could Wi-Fi be Harmful to a Newborn Baby?

අලුත උපන් ළදරුවෙකුට WiFi හානිකරද?




WiFi වලින් නිකුත් වෙන කිරණයන් වල අයහපත් බලපෑමක් තිබෙනවද යන කාරණය පිලිබදව විශාල කතිකාවතක් ලොව පුරා නිර්මාණය වී තිබෙනවා. ඇතැමෙක් විශ්වාස කරනවා අලුත උපන් ළදරුවන්ට මෙම WiFi වලින් නිකුත් වෙන කිරණයන් මගින් තරමක් හානිකර තත්වයක් තිබෙනවා කියා. ඇත්තටම එවැනි අවධානමක් තිබෙනවාද? මෙම ලිපියෙන් අපි ඔබ දැනුවත් කරන්නේ  ඒ පිළිබඳවයි? 


සාමාන්‍යයෙන් (විකිරණ) යැයි කියූ සැනින් වැඩි දෙනෙක් කලබලයට පත් වෙනවා. මෙතනදී අපි අවධානය යොමු කල යුතු වෙනවා "සංඛ්‍යාතය" සහ "තීව්රතාව්‍ය" යන සාධක දෙක කෙරෙහි. WiFi සහ ගුවන් විදුලි සන්නිවේදන සඳහා භාවිතා කරන්නේ ඉතාමත් අඩු සංඛ්‍යාතයක්. 


විකිරණ වලට ඇත්තටම හැකියාවක් තිබෙනවා පිළිකාවන් ඇති කිරීමට. විශේෂයෙන්ම අයනිකාර විකිරණ වලට. ඉතාමත් ඉහල සංඛ්‍යාතයක් තිබෙන එවැනි විකිරණ වලට හැකියාව තිබෙනවා DNA විකුර්ති කරමින් පිළිකාමය තත්වයක් ඇති කිරීමට. සාමාන්‍යයෙන් මෙවැනි අහිතකර විකිරණ වල සංඛ්‍යාතය 1,000,000 GHz හෝ ඊට වැඩියෙන් තිබෙනවා. නමුත් WiFi මගින් සම්ප්‍රේෂණය කරන්නේ  2,4 GHz සහ 5GHz අතර ඉතාමත් අඩු සංඛ්‍යාතයක්. අහිතකර අයනිකාර විකිරණ වල සංඛ්‍යාතය WiFi වල සංඛ්‍යාතයට වඩා 500,000 වාරයක් වැඩි බව ඔබට දැන් අවභෝධ වෙන්න ඇති. 


අපි ඒ කතා කරේ සංඛ්‍යාතය පිළිබඳවයි දැන් කතා කල යුතු වෙනවා තීව්‍රතාවය පිලිබදව. "Non Ionizing" අයනිකාර නොවෙන විකිරණත් හානිකර වෙනවා. එසේ වීමට නම් එම විකිරණ වල තීව්‍රතාවයේ ඉහල අගයක් තිබිය යුතු වෙනවා. ඒවගේම තමයි අයනිකාර විකිරණද හැම විටකම හානිකර වෙන්නේ නැහැ. මොකද අඩු තීව්‍රතාවයක් සමග සටන් කිරීමට අවැසි බලය අප ශරීරයට තිබෙනවා. අන්න එම හේතුව නිසා තමයි අපි සුර්ය ආලෝකයට නිරාවරණය වීමේදී මිය යන්නේ නැත්තේ. WiFi විකිරණ වල තිබෙන අඩු තීව්‍රතාවය සමග සටන කිරීමට තරම් බලයක් ළදරුවන්ට මෙන්ම මනුෂ්‍ය ශරීර වලට තිබෙනවා. නමුත් සමහරක් පැලැටි වලට එම බලය නැහැ එම නිසා wifi අසල තිබෙන පැලැටි වලට අහිතකර බලපෑමක් ඇති කිරීමට wifi විකිරණ වලට හැකි වෙනවා. එය පරීක්ෂණ මගින්ද සනාත වී තිබෙනවා. 



හොඳයි මේ සියල්ල සලකා බලා කියන්න පුළුවන්. WiFi වලින් නිකුත් වෙන විකිරණ මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවෙන බව. 

0 comments: