How to Reduce Data Usage When Browsing the Web on a Smartphone

ස්මාට් phone එකකින් අන්තර්ජාලයේ සැරිසරන විට වැය වෙන දත්ත ප්‍රමාණය අවම කරගන්නා අකාරය.






ඔබ භාවිතා කරන්නේ සීමා සහිත අන්තර්ජාල සම්බන්ධ තාවයක් නම් ඔබ භාවිතා කරන හැම මෙගාබයිට් එකක්ම ගණනය වීමක් සිදු වෙනවා. ඒවගේම එම දත්ත ප්‍රමාණය ඔබේ දත්ත පැකේජයෙන් අඩු  වීමක්ද සිදු වෙනවා. අද වන විට වැඩි දෙනෙක් භාවිතා කරන Google Chrome, Opera වගේ මොබයිල් බ්‍රව්සර් වල මේ වෙනුවෙන්ම  හඳුන්වා දී තිබෙන විශේෂාංගයක් තිබෙනවා එය හඳුන්වන්නේ (Data Compression) යනුවෙන්. ඒ මගින් ඔබට ඉඩ ලබා දෙනවා අවම මෙගා බයිට් ප්‍රමානයක් භාවිතා කරමින් අන්තර්ජාලයේ සැරිසැරීමට. 

අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා වැය කරන මුදලෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔබ කැමතිනම් මෙම පහසුකම සක්‍රීය කරගැනීම මගින් ඔබට හැකියාව තිබෙනවා  ඔබ ප්‍රියකරන වෙබ් අඩවි වලට අවම මෙගා බයිට් ප්‍රමාණයක් භාවිතා කරමින් පිවිසීමට . හැබැයි මෙහිදී එම වෙබ් අඩවියේ සුළු වෙනස්කමක් සිදු වෙනවා නමුත් එය එතරම් ලොකු භාධාවක් විදියට සලකන්නට බැහැ. 


මෙය සිදු වෙන්නේ කෙසේද?





ඔබේ දුරකතනයෙන් වෙබ් පිටුවක් ලෝඩ් කරන විට බ්‍රව්සර් එක කෙලින්ම සම්බන්ධ වෙනවා  වෙබ් සර්වර් එක සමග. එම වෙබ් සර්වර් එක මගින් තමයි ඔබට අවශ්‍ය කරන වෙබ් පිටුව ලබා දෙන්නේ. දුරකතය සහ වෙබ් සර්වර් එක අතර ඇතිවෙන මෙම ගනුදෙනුව සිදු කිරීම සඳහා අතරමැදියෙක් ව්දියට ක්‍රියා කරන්නේ අන්තර්ජාල සේවාව සපයන දුරකථන සමාගමයි. එහි දී සිදු වෙන දත්ත හුවමාරුව සඳහා යම්කිසි මුදලක් ඔබෙන් ඔවුන් අයකරගන්නවා. 

දුරකථන භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය  බ්‍රව්සර් දෙක තමයි Google Chrome සහ Opera කියන්නේ. Google Chrome වල මෙම පහසුකම තිබෙන්නේ (Data Compression) යනුවෙන්. ඒවගේම opera වල තිබෙන්නේ (off-road mode) යනුවෙන්. මෙම පහසුකම් සක්‍රීය කරගත් පසුව ඇත්තටම සැළකියයුතු වෙනසක් දැක ගන්නට පුලුවන් වෙනවා. 

මෙහිදී ඔබ වෙබ් පිටුවක් ලෝඩ් කරන විට කෙලින්ම එම වෙබ් අඩවියෙහි සර්වර් එක හා සම්බන්ධ වෙන්නේ නැහැ ඔබ සම්බන්ධ වෙන්නේ google හෝ opera සර්වර් වලටයි. ඉන් පසුව එම අදාල සර්වර් එක විසින්  ඔබට අවශ්‍ය කරන වෙබ් අඩවියේ  පින්තූර සහ අනෙකුත් සියල්ල download කරගෙන එම සියල්ල සුළු මෙගාබයිට් ප්‍රමාණයකට compress කරනු ලබනවා. ඉන් පසුව ඔබේ දුරකතය සඳහා එම වෙබ් අඩවිය ලබා දෙනවා. එම සේවාව සපයන සර්වර් (compressing proxy) ලෙසද හඳුන්වන්න පුළුවන්. අන්න එම හේතුව නිසා ඉතාමත් සුළු මෙගාබයිට් ප්‍රමාණයක් තමයි ඔබට වැය වෙන්නේ. මෙම පහසුකම භාවිතා කරමින් පැහැදිලිවම ඔබට පුළුවන් වැය වෙන දත්ත ප්‍රමාණය අවම කරගන්න. 

මෙලෙස දත්තයන් compress වීම නිසා වෙබ් අඩවියේ තොරතුරු වල ගුණාත්මකභාවය තරමක් අඩුවෙන බව මතක තබා ගන්න. නමුත් එය එතරම් බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඔබට එය අත්දැකීමෙන්ම දැකගන්නට පුළුවන් මෙම පහසුකම සක්‍රීය කරගත් පසුව. 

Chrome වල සහ Opera වල මෙම පහසුමක සක්‍රීය කරගන්නා ආකාරය.


Android, iPhone සහ iPad වල "Data Compression" පහසුකම  සක්‍රීය කරගැනීමට Opera Browser එකෙහි Menu/Settings වලට ගොස් Bandwidth Management යටතේ තිබෙන Advanced කියන ටැබ් එකට පිවිස "Reduce data usage" on කරගන්න. 



මෙම පහසුකම Opera වල තිබෙන්නේ (off-road mode) යනුවෙන්. එය Android වල සහ iOS වල සක්‍රීය කරගැනීමට Opera වල menu එකට ගොස් (off-road mode) on කරගන්න. 



ඔබ කොපමණ දත්ත ප්‍රමාණයක් ඉතුරු කර තිබෙනවාද යන්න දැනගන්න. 


මෙම පහසුකම සක්‍රීය කරගත් පසුව කොපමණ දත්ත ප්‍රමානයක් ඉතුරු කරගැනීමට ඔබට හැකිවී තිබෙනවාද යන්න දැනගන්නටද මෙයින් හැකියාව තිබෙනවා.





Opera බ්‍රව්සර් එකෙන් එය පරික්ෂා කිරීමට හැකියාව තිබෙනවා menu එක ක්ලික් කර සැනින්. 



ඔන්න එහෙනම් Apps Lanka සමග සිටින ඔබ සැමට වටිනා දෙයක් අපි ඉදිරිපත් කරා.  සක්‍රීය කරගන්න  ක්‍රමය පමණක් කියා දෙනවාට වඩා තාක්ෂණිකව එය සිදු වෙන ආකාරයද මෙහිදී ඔබට දැනගන්නට ලැබෙනවා. ඇත්තටම එය තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසයි අනිත් වෙබ් අඩවි වලින් Apps Lanka වෙනස් වෙන්නේ. 


මෙමගින් 50% කින් දත්ත භාවිතය අවම කරගන්නට පුළුවන් වෙන බවට සහතික වෙන්න පුළුවන්. එහෙනම් මෙම ක්‍රමය භාවිතා කර වෙනස ඔබම වටහාගන්න. comment එකකුත් දාලම යන්න. 




0 comments: