What’s the Best Antivirus ?

හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගය කුමක්ද?


හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගයක් අපිට තෝරාගන්නට වෙන්නේ දහස් ගණනක් වූ ප්‍රතිවෛරස මෘදුකාංගයන් අතරින්. ඉතින් අපි කොහොමද ඒවා අතරින් හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගය තෝරා බේරාගෙන වෙන් කරගන්නේ. මේ වන විට ඔබ භාවිතා කරන්නේ ඔබේ පරිගනකය සමග පැමිණි ප්‍රතිවෛරස මෘදුකාන්ගයක් හෝ යහළුවෙක් විසින් හොඳයැයි ඔබට පවසා සිටි එකක්ද? ඔබේ පරිගනකය සමග පැමිණුන පලියට හෝ යහළුවෙකු  නිර්දේශ කරනු ලැබූ පමණින් එම ප්‍රතිවෛරස මෘදුකාංගය ඔබේ පරිගනකයට ආරක්ෂාවක් සැපයිය හැකි එකක් බව විශ්වාස කරන්නට පුලුවන්ද? මෙන්න මේ ගැටළු සියල්ල නිරාකරණය කරගන්න මෙම ලිපිය කියවන්න. 


Free Vs Paid  Antivirus

මෙහිදී ඔබ පළමුවම තීරණය කලයුතු  වෙනවා ඔබ භාවිතා කලයුත්තේ නොමිලේම ලබා දෙන ප්‍රතිවෛරස මෘදුකාංගයක්ද ? නොමැතිනම් මුදල් ගෙවා ලබා ගතයුතු එකක්ද යන්න පිළිබඳව. බොහොමයක් ප්‍රතිවෛරස මෘදුකාගයන් යම්කිසි මුදලක් වියදම් කොට ලබා ගත යුතු වෙන අතර නොමිලේම ලබා දෙන ඉතාමත්ම හොද ප්‍රතිවෛරස මෘදුකාංගද තිබෙනවා. එමනිසා ඔබට ඇත්තටම සිදු වෙන්නේ නැහැ මුදල් ගෙවාම එවැනි ප්‍රතිවෛරස  මෘදුකාංගයක් ලබාගැනීමට. 


මෙම නොමිලේ ලබා දෙන ප්‍රතිවෛරස මෘදුකාංග  සතුවද තිබෙනවා මුදල් ගෙවා ලබා ගතයුතු වෙන මෘදුකාග වල තිබෙන ඇතැම් පහසුකම්, ඒවා මගින් malware වගේ වෛරස හඳුනා ගන්මින් ඔබේ පරිගනකයට ආසාධනය වීම වලකා දමනවා. නමුත් ඔබ මෙහිදී අවභෝධ කරගතයුතු වෙනවා මුදල් ගෙවා ලබා ගත යුතු ප්‍රතිවෛරස මෘදුකාංග සතුව අමතර පහසුකම් රාශියක් තිබෙන බව. ඒවා නම් firewall, anti-theft tracking, anti-spam, phishing filters වගේ දේවල් . නමුත් එම පහසුකම් ඇත්තටම අවශ්‍යම වෙන්නේ නැහැ මොකද ඔබට අවශ්‍ය වෙන්නේ ප්‍රතිවෛරස වැඩසටහනක් පමණයි.  


නොමිලේ ලබා දෙන  මෙවැනි මෘදුකාංග මගින් පරිශීලකයා නිතර අපහසු තාවයට පත් කරනවා ඔවුන්ගේ අනෙකුත් ප්‍රතිවෛරස මෘදුකාංගය මිලදී ලබාගන්නා ලෙස . මොකද ඔවුන් ඒ විදියට තමයි මුදල් හම්බ කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි නොමිලේ ලබා දෙන සංස්කරණයන් වෙළඳ පොලට නිකුත් කරන්නේ ඔවුන්ගේ මුදල් ගෙවා ලබා ගත යුතු වෙන සංස්කරණය විකුණා ගැනීම පිණිසයි. 



2013 වර්ෂයේදී සිදු කරන ලද පර්යේෂණයන් වලදී හෙළි වී තිබෙනවා වෛරස හඳුනා ගැනීම සඳහා ඉහල හැකියාවක් තිබෙන ප්‍රතිවෛරස මෘදුකාංග අතර AVAST ඉහලින්ම සිටින බව. එම නිසා ඔබ නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් භාවිතා කිරීමට තීරණය කරනවානම් AVAST ම භාවිතා කරන්න. 


ප්‍රසිද්ධ කවුරුත් හොඳින් දන්නා ප්‍රතිවෛරස මෘදුකාංග සමග රැදී සිටීම. 


මෙහිදී අපි ඔබට නිර්දේශ කරනවා කවුරුත් හොඳින් දන්නා ප්‍රසිද්ධ කීර්තිමත් ආයතයක ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කරන ලෙස. එසේ පවසීම සඳහා එක හේතුවක් තිබෙනවා, එය නම් සෑම අවුරුද්දකම එම සමාගම් වල ප්‍රතිවෛරස මෘදුකාංග යොදාගනිමින් ඒවා වල ක්‍රියාකාරීත්වය කෙසේද යන්න පිළිබඳව ඇතැම් ආයතන විසින් පර්යේෂණ පවත්වනවා. ඉතින් එහිදී ඔබට දැනගන්නට පුළුවන් ඔබ භාවිතා කරන ප්‍රතිවෛරස මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය කෙසේද යන්න පිළිබඳව. නමුත් ඔබ භාවිතා කරන්නේ අප්‍රසිද්ධ සමාගමක මෘදුකාංගයක් නම් එහි ක්‍රියාකාරීත්වය පිලිබඳව එම සමාගමෙන් පවසන දෙය හැරෙන්නට අමතර දෙයක් ඔබට  දැනගන්නට ලැබෙන්නේ නැහැ. 

වැඩි දෙනෙක් නොදන්නා අප්‍රසිද්ධ එවැනි ප්‍රතිවෛරස මෘදුකාංග වල සැඟවී භයානක malware වෛරස පැමිණෙනවා. එවැනි සමහරක් මෘදුකාංග වල නම් කිහිපයක් මෙහිදී සඳහන් කිරීම වටිනවා. ( Antivirus Live , Advanced Virus Remover, Internet Security 2010) එවැනි ආකාරයේ ව්‍යාජ ප්‍රතිවෛරස මෘදුකාංග උත්සහ කරනවා නියම මෘදුකාංග සේ පෙනී සිටීමට එම නිසා හඳුනා ගැනීම තරමක් අපහසුයි. දැන් ඔබට තේරෙනවා නේද ප්‍රසිද්ධියක් නොමැති අප්‍රසිද්ධ ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතා කිරීම අනතුරකට අතවනන අවධානම් සහගත දෙයක් බව. 




ප්‍රතිවෛරස මෘදුකාංග යොදා කරනු ලැබූ පර්යේෂණයන් පරික්ෂා කර බැලීම. 


මෙහිදී අපි ඔබව දැනුවත් කරනවා ප්‍රතිවෛරස මෘදුකාංග යොදා ගෙන සිදු කරනු ලැබූ අලුත්ම පර්යේෂණයන් වල තොරතුරු ලබා ගන්නා ආකාරය පිළිබඳව. එලෙස පර්යේෂණ පවත්වන ප්‍රසිද්ධම සමාගමක් තමයි AV-Test කියන්නේ. ඔවුන් විසින් සිදු කරන්නේ ප්‍රතිවෛරස මෘදුකාංග සපයන ආරක්ෂාව සහ ක්‍රියාකාරීත්වය  වගේ දේවල් මගින් ඒවා පිළිවෙලකට ලැයිස්තු ගත කිරීමයි. 

ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස සියල්ල පරික්ෂා කරබලා ඔබම තීරණය කරන්න හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගය කුමක්ද යන්න පිළිබඳව.





මේ ඉහතදී සඳහන් කරනලද සියලුම තොරතුරු windows පරිශීලකයින් සඳහා පමණයි. ඔබ භාවිතා කරන්නේ MAC, Linux වර්ගයේ මෙහෙයුම් පද්දතිනම් ඔබ ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කලයුතු වෙන්නේ නැහැ. ඔබ Play Store එකෙන් පමණක්ම නම් apps ස්ථාපිත කරන්නේ Android සඳහාද ප්‍රතිවෛරස app එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පිලිබඳව කලින් අපි පල කරපි ලිපිය ඔබ කියවන්නට ඇති කියා විශ්වාස කරනවා. 


හොඳයි එහෙනම් හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගය හඳුනා ගන්නේ කෙසේද? ඔබ විසින් තෝරාගත යුතු වෙන ප්‍රතිවෛරස මෘදුකාංගය කුමක්ද යන්න තෝරා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් දැනුමක් ඔබට ලැබෙන්නට ඇතැයි කියා විශ්වාස කරනවා. ලිපිය හොඳනම් comment එකකුත් දාගෙනම යන්න . 

0 comments: