Troubleshoot Internet Connection Problems

අන්තර්ජාල සම්බන්ධතාවයේ ඇතිවෙන දෝෂයන්  නිරාකරණය කරගන්නා අකාරය.






එදිනෙදා අන්තර්ජාලය භාවිතා කරන විට සම්බන්ධතාවයේ යම් යම් ගැටළු වලට මුහුණ දීමට පරිශීලකයින්ට සිදු වෙනවා . සමහර වෙලාවට ඔබ කොතරම් වෙලාවක් ඔබේ ප්‍රියතම වෙබ් ආවියට පිවිසෙන්නට උත්සහ කරත් පිවිසෙන්නට නොහැකි අවස්තාවන් පැමිණෙනවා. එවැනි අත්දැකීමකට ඔබට මුහුණ දීමට සිදු වුනොත් ඒ සඳහා ඔබ මුහුණ දෙන්නේ කෙසේද? මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අනපේක්ෂිත ලෙස පරිශීලකයින්ට පොදුවේ මුහුණ දීමට සිදු වෙන අන්තර්ජාල සම්බන්ධතාවය පිලිබඳ ගැටළු නිරාකරණය කරගන්නා ආකාරයයි. 


ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ක්‍රියාකිරීමට ප්‍රථමව භාහිර සම්බන්ධතාවයන් පිළිබඳව අවධානය යොමු කරන්න. මොකද සමහරවිට  අන්තර්ජාල සේවාව සපයන වයරය හෝ මොඩමයේ පවර් කේබල් එක ගලවා තිබෙන්න පුළුවන්. 


Ping

යම්කිසි මොහොතකදී ඔබට වැටහී ගියොත් අන්තර්ජාල සම්බන්ධතාවය නිසිලෙස ක්‍රියාත්මක නොවෙන බව පළමුව පින් කර බලන්න. මෙහිදී පින් ලෙස හැඳින්වුයේ  සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පුණ්‍යමය කටයුත්ත නෙවෙයි. එය පරිගණක පිළිබඳව තරමක් දැනුමක් තිබෙන පුද්ගලයින් විසින් භාවිතා කරන command එකක්. පළමුව CMD එක විවුර්ත කරගෙන ping ලෙස type කර අවසානයට ඔබ කැමති වෙබ් ලිපිනයක් type කරන්න. මෙහිදී (www.) කොටස ඇතුලත් කරන්නට එපා. මේ පහත පරිදි නිවැරදිව ඇතුලත් කරන්න.


ping apps-lanka.com
ping google.com


මෙයින් සිදු වෙන තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව තරමක් ඔබ දැනුවත් කරනවානම් මෙහිදී සිදු වෙන්නේ අපි උඩ type කරන වෙබ් ලිපිනය වෙත (packets) යවා ඉහත වෙබ් ලිපිනයෙන් එය ලබාගන්නවාද නැත්තම් ප්‍රතිචාර දක්වනවාද යන්න සොයා බැලීමයි. එයින් නිවැරදිවම දැනගන්නට පුළුවන් අන්තර්ජාල සම්බන්ධතාවය නිසිලෙස වැඩකරනවාද යන්න පිළිබඳව. මේ පහත තිබෙන පින්තූරයේ තිබෙන පරිදි 0% දත්ත හානියක් නැතිව සාර්ථකව යැවීම සහ ලැබීම සිදු වී තිබෙනවානම් සම්බන්ධතාවය නිවැරදිව වැඩ කරන බව දැනගන්න පුළුවන්. 



මෙහිදී දත්ත හානියක් දැකගන්නට ලැබෙනවානම් තවත් විදියකට කියවානම් වෙබ් සර්වර් එකෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිනම් අන්න එහිදී ඔබට දැනගන්න පුළුවන් ඇත්තටම නෙට්වර්ක් එකේ දෝෂයක් තිබෙන බව. නමුත් සමහර වේලාවන් වලදී ඔබ භාවිතා කරන වෙබ් ලිපිනයට අදාල වෙබ් අඩවියේ දෝෂයක් නිසා ඔබ යවන packets වලට ප්‍රතිචාරයක් නොලැබී යන්නටද ඉඩ තිබෙනවා. එම නිසා වෙබ් අඩවි ලිපින දෙක තුනක් පමණ භාවිතා කර බලන්න. එහිදීත් දෝෂය එසේම පවතිනවානම් දෝෂය තිබෙන්නේ  අන්තර්ජාල සේවාව සපයන ආයතනයේ , ඔබේ network එකේ හෝ ඔබේ රවුටර් එකේ නැත්තම් මොඩමයේ වෙන්න පුළුවන්. 


Modem සහ Router දෝෂයන් 





වෙබ් අඩවි කිහිපයකටම  සම්බන්ධ වීමට නොහැකි නම් දෝෂය තිබෙන්නේ ඔබේ මොඩමයේ හෝ රවුටරයේ වෙන්න පුළුවන්. මොකද මොඩමය සහ රවුටරය තමයි අන්තර්ජාල සේවාව සපයන්නා සමග සන්නිවේධනය කරන්නේ.


එමනිසා රවුටරයට තරමක් අවධානය යොමු කරන්න. කොළ පැහැති බල්බයන් දැල්වී තිබෙනවානම් එයින් අදහස් කරන්නේ ජාලයන් අතර traffic එක සාමාන්‍ය විදියට සිදු වෙන බවයි. නමුත් ඔබට දැකගන්නට ලැබෙන්නේ තැඹිලි පැහැති දැල්වෙන බල්බයන් නම් එයින් අදහස් කරන්නේ දෝෂයක් පවතින බවයි. මෙම ක්‍රමය මොඩමයටත් වලංගු වෙනවා එහිදී දැල්වෙන්නේ තැඹිලි බල්බයක්නම් දෝෂයක් තිබෙන බව එයින් පැවසෙනවා. 



එවැනි අවස්තාවකදී වයරයන් ගලවා නැවත සවි කරන්න මොකද එය හරියට ගැටළුවක් වුන මොහොතක පරිගණකය Restart කරනවා වාගේ ඇතැම් අවස්තාවලදී උපකාරී වෙන්න පුළුවන්. නමුත් සමහර අවස්තාවන් වලදී බල්බයන් නිවැරදි ආකාරයෙන් දැල්වුනත් සමහර රවුටර් වල තිබෙන දෝෂයන් නිසා සම්බන්ධතාවය නිසි ලෙස වැඩ කරන්නේ නැහැ. ඒවගේ තත්වයක් තුලදී Router එක Reset කර බලන්න.

දෝෂය තවමත් එසේම පවතිනවානම් ඔබට සිදු වෙනවා අවසාන තුරුම්පුව වශයෙන් රවුටරය Factory Rest කොට Firmware එක Upgrade කිරීමට. ඇත්තටම දෝෂය පවතිනෙන්නේ රවුටරයේද යන්න නිශ්චය කරගැනීමට ඔබට පුලුවන් පරිගනකයේ Ethernet වයරය කෙලින්ම මොඩමයට සවි කර බැලීමෙන් . දැන් සම්බන්ධ තාවය නිවැරදිව පවතිනවානම් පැහැදිලිවම දෝෂය තිබෙන්නේ Router එකේ. 


එක් පරිගනකයක තිබෙන දෝෂයක්. 


නෙට්වර්ක් එකක තිබෙන එක පරිගනකයක  පමණක් සම්බන්ධ තාවයේ දෝෂයක් පවතිනවානම් එය මෘදුකාංගමය දෝෂයක් හේතුවෙන් සිදු වී තිබෙන දෝෂයක් වෙන්න පුළුවන්. එවැනි දෝෂයන් සාමාන්‍යයෙන් හටගන්නේ පරිගනකයට පැමිණ තිබෙන වෛරසයක් නිසා හෝ නැතිනම් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වෙන වෙබ් බ්‍රව්සර් එකේ තිබෙන දෝෂයක් නිසා.

ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් මුළු පරිගනකයම සම්පූර්ණ පරික්ෂාවට ලක් කරන්න. ඒවගේම අලුතෙන් වෙනත් Browser එකක් ස්ථාපිත කර බලන්න දැන් අන්තර්ජාලයට පිවිසෙනවාද කියා. ඊට අමතරව තවත් මෘදුකාංගමය දෝෂයන් නිසා මෙලෙස අන්තර්ජාලයට සම්බන්ධ නොවී පවතිනවා වෙන්න පුළුවන්. උදහරනයක් විදියට වැරදි ලෙස හැඩගස්වා තිබෙන Firewall වගේ හේතුන් හඳුන්වන්න පුළුවන්.


DNS Server දෝෂයන්  


ඔබ සුපුරුදු පරිදි Google.com වෙත පිවිසීමේදී ස්වයන්ක්‍රීයවම ඔබේ පරිගණකය DNS Server එක හා සම්බන්ධ වී google වෙබ් අඩවියේ IP ලිපිනය පිළිබඳව විමසනවා. default වශයෙන් ඔබේ Network එක භාවිතා කරන DNS Server එක සපයා තිබෙන්නේ අන්තර්ජාල සේවවාව සපයන්නා විසින්. සමහර විට එවැනි DNS server වල යම් අවස්තාවයන් වලදී දෝෂ සහගත තත්වයන් පවතිනවා. 

ඔබට උත්සහ කර බලන්න පුළුවන් වෙබ් අඩවියක IP ලිපිනය මගින් අදාල වෙබ් අඩවියට කෙලින්ම සම්බන්ධ වීමට. එහිදී DNS server එක මගහැර තමයි ඔබ එම වෙබ් අඩවියට පිවිසෙන්නේ. උදාහරණයක් විදියට මෙම පහත තිබෙන IP ලිපිනය ඔබේ web browser එකට යොදා එන්ටර් කිරීමෙන් කෙලින්ම google වෙබ් අඩවියට පිසිවෙන්නට පුළුවන්. 






කිසිඳු ගැටළුවක් නැතිව ඉහත ආකාරයට ඔබට පුළුවන් නම් IP ලිපිනය මගින් වෙබ් අඩවියට පිවිසීමට එහිදී ඔබට දැනගන්නට පුළුවන් දෝෂය පවතින්නේ DNS Server එකේ බව. අන්තර්ජාල සේවාව සපයන ආයතනය විසින් එම දෝෂය නිවැරදි කරන තුරු ඔබට සිටිය නොහැකි නම් වෙනත් තුන්වන පාර්ශවයේ DNS server එකක් ඔබට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Open DNS සහ Google Public DNS හඳුන්වන්න පුළුවන්.  

හොඳයි එහෙනම් අන්තර්ජාලය සම්බන්ධව ඇති වෙන දෝෂයන් විසඳා ගැනීම පිළිබඳව ඔබව යම් දැනුමක් ලැබෙන්නට ඇතැයි කියා අප විශ්වාස කරනවා. ලිපිය ප්‍රයෝජනවත් නම් comment එකක් දාගෙනම යන්න.  

0 comments: