iPhone 6

ලොව සිහින්ම දුරකථනය Apple iPhone 6 ද?


පසුගිය අවුරුද්දේදී Apple සමගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින් පුදුමයට පත් කරනු ලැබුවා ඉතාමත්ම සිහින් iPad එකක් හඳුන්වා දීමත් සමග. නිල නොවන ආරංචි මාර්ග වලින් පැවසෙන පරිදි Apple සමාගම විසින් ඉදිරියේදී නිපදවනු ලබන iPhone 6 දුරකතනය ලොව සිහින්ම දුරකතය වෙන බවට සැවොම විශ්වාස කරනවා. 




iPhone 6 දුරකථනය කෙසේ වේවිද යන්න පිළිබඳව සඳහන් කරන ලොකප්‍රද්ධ සංකල්ප (Concept) දෙකක් තිබෙනවා. ඒවා වලින් සඳහන් වෙන පරිදි iPhone 6 දුරකතනයේ තිරය Galaxy S4 සහ HTC One දුරකථන වල තිබෙනවා වාගේ පුළුල් තිරයකින් යුතුව නිර්මාණය කිරීම ට Apple සමාගම බලාපොරොත්තු වෙනවා. මෙහි පළමු සංකල්පය හඳුන්වනු ලබන්නේ (iPhone Air) යනුවෙන්. ඔවුන් සඳහන් කරන පරිදි අලුත්ම iPhone දුරකථනය නිර්මාණය කරනු ලබන්නේ මිලිමීටර් 4.5 ක් වගේ ඉතාමත් සිහින් සිරුරකින් යුතුවයි . අනෙකුත් සංකල්පය මගින්ද ඒ හා සමානවම iPhone දුරකථනය නිර්මාණය කරනු ඇතැයි පැවසෙනවා. Apple සමගම විසින් මෑතකදී එලි දැක්වූ iPhone 5S දුරකථනය මිලි මීටර් 7.6 ක්  සිහින් වෙන අතර iPad Air එක මිලිමීටර් 7.5 තරම් සිහින් වෙනවා. මේ හා සසඳා බලන විට iPhone 6 දුරකතනයේ සෑහෙන වෙනසක් දැකගන්නට පුළුවන්. 


ලොව සිහින්ම දුරකථනය හැටියට මෙතෙක් ලොවම හඳුනාගෙන තිබුනේ මිලීමීටර් 5.18 යුතු  (Huawei Ascend P6) දුරකතනයයි . නමුත් මෑතකදී එම වාර්තාව බිඳ හෙලීමට මිලීමීටර් 5.75 ක් තරම් සිහින් සිරුරක් ඇති  (Vivo x3) දුරකතය සමත් වී තිබෙනවා. 



(Fuse Chicken) සංකල්පයට අනුව Apple iPhone 6 දුරකතනයේ Home Button එක ඉවත් කරමින් දුරකතයේ තිරය වඩාත් පුළුල් කිරීමට Apple සමාගම කටයුතු කරනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. මේ පිළිබඳව තවත් සංකල්පයක් ඉදිරිපත් කරන (SET Solutions) පවසා සිටින්නේ දුරකතයේ Home Button එක තබා ගනිමින්ම iPhone 6 දුරකතනය උසින් වැඩිව පුළුල් තීරයක්ද සහිතව Apple සමාගම නිර්මාණය කරනු ලබන බවයි. මෙහි සිරුර උඩහරියෙන් තරමක් සිහින් බැවින් අඩු වෙන අඩු  වෙන අතර මැද හරියෙන් ඊටත් වඩා සිහින් වෙන බවයි තවදුරටත් ඔවුන් පවසා සිටින්නේ. 



අපි මින් ඉහතදී සඳහන් කරනු ලැබුවේ නිල නොලත් ආරංචි මාර්ගයන් පිලි බඳවයි. දැන් බලමු Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වෙන (Tim Cook) මහතා iPhone 6 පිළිබඳව සඳහන් කරන සිටින දේවල් කිහිපයක් පිළිබඳව. iPhone 6 දුරකථනය තවදුරටත් ප්‍රමාණයෙන් විශාල කිරීමක් සිදු නොකරන බව එම මහතා ප්‍රසිද්ධියේම පවසා තිබෙනවා. මොකද ප්‍රමාණයෙන් විශාල වීමත් සමග පහසුවෙන් භාවිතා කිරීමට සහ පාලනය කිරීමට නොහැකි වෙනු ඇතැයි ඔහු විශ්වාස කරනවා. 


නමුත් Apple සමාගම සමග තරඟයට සිටින Nokia, Samsung, HTC වගේ ලොකප්‍රසිද්ධ සමාගම් නම් ඔවුන්ගේ අනාගත නිෂ්පාධන වඩාත් පුළුල් තිර වලින් යුතුව  සහ සිහින්ව නිෂ්පාධනය කිරීමට වැඩි මනාපයක් දක්වනවා. මෙම තත්වය පිළිබඳව අදහස් දක්වන  විචාරකයින් පවසන්නේ Apple සමාගම අරගෙන තිබෙන මෙම තීරනය පිළිබඳව දෙපාරක් සිතිය යුතු බවයි. මොකද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා දුරකථන පරිශීලකයින්ගෙන් වැඩි පිරිසක් කැමැත්තක් දක්වන්නේ පුළුල් තිරවලින් යුතු සහ සිහින් දුරකථන වලට බවයි. Apple සමාගම මේ රැල්ල සමග ඉදිරියට නොගියොත් අනපේක්ෂිත ලෙස කඩා වැටීමක් සිදු වෙන්න පුළුවන් බව ඔවුන් පවසනවා. 





හොඳයි එහෙනම් අපි මෙහිදී කතා කරානේ ඉදිරියේදී එලි දැක්වීමට නියමිත iPhone 6 දුරකතය පිළිබඳව ලෝකයෙන් ඇසෙන තොරතුරු කිහිපයක් පිළිබඳව. ඔබට comment එකක් මගින් අදහස් පල කරන්නට පුළුවන්. ඒවගේම iPhone 6 දුරකතනය කෙසේවේවිද යන්න පිළිබඳව ඔබේ පෞද්ගලික සංකල්පයද comment එකක් මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. 

0 comments: