How to Identify A Fake Samsung Galaxy Phone
(Samsung Galaxy) දුරකථනයක් Original ද කියා දැනගන්නේ කොහොමද ?
සැම්සුන් දුරකථන උණු කැවුම් වගේ මුළු ලෝකය පුරාම විකිනෙනවා. ඒවා මිලදී ගන්නා අය එහි අන්තර්ගත වෙන දෘඩාංග කොටස් පිළිබඳව වත් අවධානයක් යොමු කරන්නේ නැහැ. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා උත්සහ කරන පිරිස් සැම්සුන් සමාගමෙන් නිෂ්පාදනය කරන දුරකථන වලට සමාන වෙන ලෙසම අනුරු (Replica) දුරකථන නිර්මාණය කරනවා. ඔරිජිනල් සහ ව්‍යාජ දුරකථන හඳුනා ගැනීමට නොහැකි වැඩි දෙනෙක් (Replica) ගණයට අයත් වෙන ව්‍යාජ දුරකථන වලට රැවටී නිකරුනු මුදල් නාස්ති කරගන්නවා. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ සැම්සුන් සමාගම විසින් නිෂ්පාදනය කරන නියම දුරකථන වලින් ව්‍යාජ දුරකථන වෙන් කර හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි.
ඔරිජිනල් දුරකථන වල සහ ව්‍යාජ දුරකථන වල තිබෙන දෘඩාංග, මෘදුකාංග වල විශාල වශයෙන් වෙනස් කම් පවතිනවා. මෙහිදී අපි සොයා බලමු දෘඩාංග වල තිබෙන වෙනස් කම් පිළිබඳව.
මේ ඔබ දකින්නේ සැම්සුන් S4 ඔරිජිනල් දුරකතනයකට සමාන වෙන ලෙස නිපදවනු ලැබූ ව්‍යාජ දුරකතනයක්. බැලූ බැල්මට කියන්න හැකියාවක් නැහැ මෙය ව්‍යාජ එකක් බව. නමුත් තරමක් අවධානයෙන් බැලුවොත් ඔබට දැකගන්න පුළුවන් සැම්සුන් ලෝගෝ එක ඉතාමත්ම විශාල ලෙස නිර්මාණය කර තිබෙනවා, Home බටන් එක screen එකට වඩාත් පහලට වෙන්න තිබෙනවා, screen එක දුරකථනයේ කොනටම වෙන්න නැතිව වැඩි වාසියක් හතර පැත්තෙන්ම තබා නිර්මාණය කර තිබෙනවා. එයින් පෙනී යන්නේ කිසිඳු නිමාවක් නැතිව නිර්මාණය කර තිබෙන බවක්. දුරකතනයේ ඉදිරිපස තිබෙන්න්නේ බාල වර්ගයේ ප්ලාස්ටික්. ඒවගේම දුරකතයේ උඩ කොටසේ තිබෙන සැම්සුන් ලෝගෝ එක පහුවෙන්ම සුරා ඉවත් කිරීමටද වුනත් හැකියාව තිබෙනවා. සැම්සුන් ගැලැක්සි S4 ව්‍යාජ දුරකතයක් උදාහරණයකට ගෙන ඔබට පෙන්වා දුන්නේ ව්‍යාජ දුරකථන වල පොදුවේ දැකගන්නට පුළුවන් භාහිර වෙනස් කම් කිහිපයක්.
මෙය නම් සැම්සුන් සමාගම විසින් නිර්මාණය කරන ලද ඔරිජිනල් සැම්සුන් S4 දුරකතනයක්. දැන් ඔබට ඉහත ව්‍යාජ දුරකථනය සහ මෙම නියම දුරකථනය සංසන්දනය කිරීමෙන් අවභෝධ කරගන්නට පුළුවන් මේවා අතර තිබෙන පැහැදිලි වෙනස.
සැම්සුන් සමාගමේ ඔරිජිනල් දුරකථන සඳහාම පමණක් ක්‍රියා කරන කේතයෙන් තිබෙනවා. ඒ මගින් අපට ව්‍යාජ දුරකථනයන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. *#0*# මෙම කේතය භාවිතා කරන්නේ screen එක පරික්ෂා කිරීමටයි. ඔබ සැක සිතන ව්‍යාජ දුරකතය ගෙන මෙම කේතය වැඩ කරනවාද යන්න සොයා බලන්න. කිසිඳු ගැටළුවක් නැතිව මෙය ක්‍රියාත්මක වී ඔබට පුළුවන් නම් එම දුරකතයේ LCD තිරය පරික්ෂා කර බැලීමට. ඔබගේ දුරකතනය සැම්සුන් සමාගම විසින් නිපදවා තිබෙන ඔරිජිනල් දුරකතයක් බව හඳුනා ගන්න පුළුවන්.
එම කේතයන්ට අමතරව මෙම කේතයන්ද උත්සහ කර බලන්න. මෙම සියල්ලම පාහේ සාර්ථකව වැඩ කරනවානම් ඔබේ දුරකතය ඔරිජිනල් එකක් බව ඔබට තහවුරු කරගන්න පුළුවන්.
*#1234# (View SW Version PDA, CSC, MODEM)
*#0*# (General Test Mode)
*#12580369# (SW & HW Info)
*#197328640# (Service Mode)
*#0228# (ADC Reading)
*#32489# (Ciphering Info)
*#232337# (Bluetooth Address)
*#232331# (Bluetooth Test Mode)
ඒවගේම දුරකතයේ තිරයෙන්ද ව්‍යාජ දුරකතයන් හඳුනා ගන්න පුලුවන්. උදාහරණයක් විදියට මෙම පහත තිබෙන පින්තූරය දෙස බලන්න.
AMOLED වර්ගයේ තිර වල ගැඹුරු උද්දීපනය වූ වර්ණයක් (deep vibrant color ) දැකගන්න පුළුවන්. නමුත් ව්‍යාජ දුරකථන වල තිබෙන්නේ සුදු පැහැයට හුරු දීප්තිමත් වර්ණයක් පමණයි.
සැම්සුන් ව්‍යාජ දුරකථනයන් හඳුනා ගන්න මෙම දැනුම ප්‍රමාණවත් යැයි සිතනවා. ලිපිය කියව බලා ඔබේ අදහස් දක්වා යන්නත් අමතක කරන්න ඒපා.
0 comments: