How to Check If an iPhone Is Original?

Apple iPhone දුරකතනයක් Original ද කියල දැනගන්නේ කොහොමද? 




ව්‍යාජ Apple iPhone දුරකතන වලට  රැවටී මුදල් නාසිති කරගත් පුද්ගලයින් කොපමණවත් මා දැක තිබෙනවා. මෙම තත්වයට  වැඩි වශයෙන් ඔවුන්  ගොදුරු වෙන්නේ භාවිතා කරන ලද iphone මිලදී ගැනීමට යැමේදී. මොකද එහිදී නියම iphone එකත් සමග ලැබෙන උපකරණ, පෙට්ටිය වැනි දේවල් ලැබෙන්නේ නැහැ . සාමාන්‍යයෙන් මිලදී ගන්නේ  දුරකථනය සහ චාජරය පමණයි. නමුත් ඔබ කෙලින්ම විශ්වාසවන්ත Apple iPhone අලෙවි ප්‍රවර්ධකයෙකු වෙතින්   iphone එකක් මිලදී ගන්නවානම් මෙවැනි අවධානමකට ඔබට මුහුණ දීමට සිදු වෙන්නනේ නැහැ.  මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ iPhone දුරකතනයක් අව්‍යාජ නොවන Original එකක්ද යන්න පරික්ෂා කර බලන විදියයි. 


Serial Number


සෑම iPhone දුරකතනයක්ම හඳුනාගැනීමට හැකි වෙන ලෙස serial number එකක් තිබෙනවා. එම අංකය Apple සමාගෙම් දත්ත ගබඩාව (database) තුල පරික්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා. ඔබේ iphone එකේ  එම අංකය සොයා ගැනීමට settings/genaral/about වෙත පිවිසෙන්න. දැන් එම අංකය ඇපල් සමාගමේ දත්තගබඩාව තුල පරික්ෂා කර බැලීමට මෙම පහත තිබෙන ලින්ක් එකට පිවිසෙන්න. 







දැන් ඔබට පුළුවන් එම වෙබ් අඩවියට පිවිස ඔබේ iphone දුරකතනයේ serial number එක පරික්ෂා කර බැලීමට. අංකය ඇතුලත් කර "continue" කර පසුව එම පද්දතිය විසින් දුරකථනය පිළිබඳව විස්තරයක් ඔබට ලබා දෙනවා. ඔබ නිවැරදිව අංකය ඇතුලත් කරත් මේ පහත තිබෙන දෝෂ පණිවිඩය පැමිනෙනවානම් එම දුරකථනය ව්‍යාජ එකක් බව වටහා ගන්න.





මේ ඔබට අපි පෙන්වා දුන්නේ නියම ආකාරයට iphone එකක ව්‍යාජ එකක්ද නැද්ද යන්න පරික්ෂා කර බැලීමයි. මෙයට අමතරව දුරකතනයේ තිබෙන බාල දෘඩාංග කොටස් මගින්ද  iTunes මෘදුකාංගය සමග සම්බන්ධ කර බැලීමෙන් දුරකථනය හඳුනා ගන්නේ නොමැතිනම් එය ව්‍යාජ එකක් බව දැනගන්න පුළුවන්. 


නමුත් අද වන විට භාහිරින් බලා iphone එකක් ව්‍යාජ එකක්ද යන්න බව පැවසීමට අපහසුයි. හොඳම දෙය නම් අප ඉහතදී සඳහන් කල ක්‍රමයට හෝ බලයලත් apple අලෙවි නියෝජිත වෙළඳ සැලකට ගොස් ඒ පිළිබඳව පරික්ෂා කර බැලීමයි. 


තව දුරටත් ව්‍යාජ Apple iPhone දුරකථන වලට ඔබ රැවටෙන එකක් නැහැ කියා සිතනවා. මෙය ඔබට ප්‍රයෝජනවත් වුවා නම් කමෙන්ට් එකක් දමා යන්නත් අමතක කරන්න එපා .

0 comments: