Click & Grow Smart Flowerpot

හැමදේම ස්මාට් වෙන ලෝකයේ මල් පෝච්චිත් ස්මාට් වෙයි. 

ඔබ කැමතිද ඩොලර් 75ක් වගේ මුදලකට මල් පෝච්චියක් මිලදී ගන්න. එය සාමාන්‍ය මල්පොච්චියක්නම් එම මුදලට මිලදී ගන්න අපි කෙසේවත් කැමති වෙන්නේ නැහැ. නමුත් අපි අද කතා කරන මෙම මල්පෝච්චිය නම් ඩොලර් 75කට වඩා වැඩි මුදලකට මිලදී ගත්තත් පාඩුවක් නැහැ. මොකද එය නවීන තාක්ෂණයෙන් යුතු ස්මාට් මල්පොච්චියක්. මෙය හඳුන්වන්නේ "Click & Grow" යන නාමයෙන්. එහි තිබෙන සංවේදකයන් සහ විශේෂයෙන්ම නිර්මානය කරපු වැලි මගින් වගා කිරීම පිළිබඳව කිසිඳු අත්දැකීමක් හෝ දැනුමක් නැති කෙනෙකුට වුනත් තමන් කැමති පැළෑටියක් පහසුවෙන් වගා කරගන්න පුළුවන්. 

මේ දවස් වල ලෝකයේ පවතින විලාසිතාවක් තමයි ගෘහස්ත වගා කිරීම (Indoor Gardening) කියන කාරණය. නමුත් මෙය තරමක් කරදරකාරී ක්‍රියාවක් වෙනවා මොකද  වතුර සැපයීම, පොහොර යෙදීම වගේ දේවල් නිතර සිදු කිරීමට වෙන නිසා. මෙහිදී විශේෂයෙන්ම අප ස්තුතිවන්ත විය යුතු වෙනවා ගෘහස්ත වගාව පිළිබඳව  අවධානය යොමු කරපු පරීක්ෂකයින්ට. මොකද ඔවුන් මේ වන විට නිපදවා තිබෙනවා විද්‍යුත් පෝච්චි පද්දතියක් (Electronic Smartpot System). එයින් ඉඩලබා දී තිබෙනවා ගෘහස්ත වගාව සිදු කරන අයට නොයෙකුත් ආකාරයේ පැළෑටි වර්ගයන් එක බටන් එකක් එබීම මගින් වගා කර ගැනීමට. 


මෙම ගෙවතු වගා බඳුනේ විද්‍යුත් සංවේදකයන්, බැටරියන්, පොම්පයක් සහ වතුර ටැංකියක් යන දේවල් අඩංගු වෙනවා. මෙම උපකරණය මගින් පැලෑටියට අවශ්‍ය කරන වතුර, පොහොර සහ වාතය යන දේවල් වල මාත්‍රාවන් මැන ගෙන ඒවා නිසිලෙස නියම අවස්තාවේදී ලබා දෙනවා.  




තවද මෙම අධි තාක්ෂණික විද්‍යුත් වගා බඳුනේ  අඩංගු වෙනවා බීජ වලින් සමන්විත පලෑටි කාට්‍රීජයන්, පෝෂක පදාර්ථයන් සහ විශේෂිත මෘදුකාන්ගයක්. මෙම  විද්‍යුත් වගා බඳුන සහ පැළෑටි කාට්‍රීජය හරියට කරන්නේ ප්‍රින්ටර් එකක් විදියට. ප්‍රින්ටරයේ  තිබෙන හිස් කාට්‍රීජය මාරු කරනවා වගේ මෙම බන්දුනේ කට්‍රීජය හිස් වූ පසුව මාරු කරන්න පුළුවන්. 

මේ වන විට chilli pepper, mini tomato වැනි පැලෑටිද  ඇතුලත්ව බොහොමයක් පැලෑටි වර්ග යොදා ගෙන සාර්ථකව මෙම වගා බඳුන පරික්ෂා කර තිබෙනවා. මෙම සම්පූර්ණ වගා බඳුන් කට්ටලය ඩොලර් 70 ක් වැනි මුදලකට ඔබටත් මිලදී ගන්න පුළුවන්. ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පිවිසීමට පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.




0 comments: