Future Robots

යුධමය තත්වයන් වලදී  තමන්ගේ සේවාව  ලබා දීමට සුදානමින් සිටින අනාගත රොබෝවරුන්. 

යුධමය තත්වයන් වලදී මිනිසුන් වෙනුවට රොබෝවරුන් සටන් කරන කාලය වැඩි ඈතක නෙවෙයි. එම රොබෝ වරුන්ට හැකියාව තිබෙනවා සටන් බිම තුල අවසාන මොහොත දක්වාම සතුරන්ට එරෙහිව දරුණු ලෙස සටන් වැදීමට. බර අවි පාලනය කිරීමටද හැකි ලෙස ඔවුන් නිර්මාණය කරනවා. අනාගත යුධමය තත්වයන් වලදී පෙරමුණ ගෙන සටන් කිරීමට මෙම රොබෝවරුන් ක්‍රියා කරනවා ඇති. 



මේ පහතින් ඔබ දකින්නේ අනාගතයේදී ඇති වෙන යුධමය තත්වයන් වලදී සටන් භූමිය සඳහා යැවීමට අරමුණු කරගෙන මේ වන විටත් නිර්මාණය කරමින් පවතින රොබෝ වරුන් 5 දෙනෙකි. 
Cheetah

(DARPA)  හී  නවතම  නිපයුම "Cheetah" යනුවෙන් නම් කර තිබෙනවා. ලෝකයේ සිටින උසස් තාක්ෂණයෙන් යුතු රොබෝ වරුන්ගෙන් උසස්ම තාක්ෂණයෙන් යුතු රොබෝ වරයා ලෙස "Cheetah" හඳුන්වන්න පුළුවන්. කකුල් 4කින් සමන්විත මෙම රොබෝට 18mph වේගයෙන් දිවීමට හැකියාව තිබෙනවා. මේ වන විට සාර්ථක ලෙස DARPA හී විද්‍යාගාර වල මෙම රොබෝ පරික්ෂාවට ලක් කර තිබෙනවා. නැවත වැඩිදියුණු කරන ලද මෙම රොබෝ ගේ උපරිම වේගය 28 mph යනුවෙන් සටහන් වී තිබෙනවා. 





RHex 

කකුල් 6ක් ඇති මෙම රොබෝට ඕනෑම ආකාරයේ බිමක ඇවිදීමට හැකියාව තිබෙනවා. මඩේ, වැල්ලේ ගස්කොලන් ඇති බිමක, දුමිරිය පාරක, දුරකථන කුළුණු වලට, පල්ලම් ඇති බිමක සහ පඩිපෙළවල් වල ඇවිදීමට මෙම රොබෝට පුළුවන්. වාහනවල වලට සාමාන්‍යයෙන් ලඟා විය නොහැකි මඩ සහිත ගොහොරු බිම් හරහාද ගමන් කිරීමට මෙම රොබෝට හැකියාව තිබෙනවා. 






AlphaDog LS3 

මෙම ව්‍යාපෘතිය (Boston Dynamics) යටතේ සිදු වන්නක්. ඒවගේම මෙම රොබෝ  නිර්මාණය  කරනු ලබන්නේ යුධමය තත්වයන් වලදී මෙහෙයවිය හැකි සුනකයෙකු ආකාරයටයි. කිසිඳු ඉන්ධන පිරවීමකින් තොරව රාත්තල් 400ක බරක් සැතප්ම 20ක් පමණ දුර රැගෙන යන්න පුළුවන් විදියට මෙම රොබෝ නිරාමාණය කර තිබෙනවා . තවද ස්වයන්ක්රීයවම මිනිස් නායකයෙකු පිටු පසින් පැමිනිය හැකි ආකාරයට සහ  කටහඬින් ලබා දෙන විධානයන්ට ප්‍රතිචාර දක්වන ලෙස මෙම සුපිරි රොබෝ වරයා නිර්මාණය කිරීමට පරීක්ෂකයින් උත්සහ කරනවා. 








Sarcos 

මනුෂ්‍යයෙකුට වඩාත් සමාන ආකාරයට තමයි මෙම රොබෝ වරයා නිර්මාණය කරන්නේ. ඉතා ඉහල මට්ටමක සමබර තාවයකින්ද වැටුනොත් ක්ෂණිකව නැගිට ගත හැකි වෙන ලෙසද මෙම රොබෝ නිර්මාණය කිරීමට පරීක්ෂකන් වැඩි වෙහෙසක් ගනු ලබනවා. සතුරාගේ අඩවියට ඇතුළු වී සතුරා සමග මුහුණට මුහුණ සටන් කිරීම සඳහායි මෙම රොබෝවරයා නිර්මාණය කරනු ලබන්නේ. 






අනාගත රොබෝ යුද්ධයන් ගැන වැඩි දුර දැනුමක් ලබා ගන්න මෙම පහත තිබෙන කෙටි Documentary වීඩියෝ එක බලන්න. 




අනාගතයේදී ඇති වෙන යුද්ධයන් සඳහා සටන් වදින සිත් පිත් නැති රොබෝවරුන්ගේ එම යුද්ධයන් කෙසේ වේවිද? දියුණු ආර්ථිකයක් පවතින් රටල් විසින් නිපදවන මෙම රොබෝ සොල්දාදුවන් අප රට වගේ අඩු ආර්ථික දියුණුවක් පවතින රටවල් සඳහා කෙසේ බලපාවිද? මේ සියල්ල සඳහා පිළිතුරු ලැබෙන දිනය වැඩි ඈතක නෙවෙයි.  

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස් දක්වා යෑමටත් අමතක කරන්න එපා.


0 comments: