The Difference Between Full Format and Quick Format
"Full Format" සහ "Quick Format" අතර ඇති වෙනස
පරිගණක භාවිතා කිරීමේදී යම් හේතුන් නිසා අපට සිදු වෙනවා දෘඩ තැටි, pen drive වැනි දත්ත ගබඩා කරන දෘඩාංග කොටස් format කිරීමට. එහිදී අපට විකල්ප දෙකක් හමු වෙනවා. ඒවා නම් "Quick Format" සහ "Full Format" ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී වැඩි දෙනෙක් භාවිතා කරන්නේ "Quick Format" යන විකල්පයයි. මොකද "Full Format" වලට යන කාලයට වඩා ඉතාමත් අඩු කාලයකින් Format කරගන්නට පුළුවන් නිසා. නමුත් ඔබ දැන සිටියාද ඒවා අතර තිබෙන වෙනස. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි..
ඇත්තටම වෙනසක් තිබෙනවද?
ඉහතදී අප කතා කරනු ලැබූ "Quick" සහ "Full" යන විකල්පයන් දෙකේදී වැඩි දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ "Quick" කියන විකල්පයට. ඒ මොකද ඒ මගින් කාලය ඉතුරු කරගෙන තමන්ගේ වැඩේ ක්ෂණිකව කරගන්න පුළුවන් නිසා. ඒ වගේම වැඩි දෙනෙක් "Full Format" කියන විකල්පය දකින්නේ කාලය නාස්ති වෙන වැඩකට නැති දෙයක් හැටියටයි. නමුත් එම විකල්පයන් දෙක අතර පැහැදිලි වෙනසක් පවතිනවා. ඔබ ඒ අතරින් එක විකල්පයක් තෝරා ගන්නා විට එයින් සිදු වෙන තර්කානුකුල තාක්ෂණික ක්‍රියාවලිය එකිනෙකට වෙනස් . මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Format කිරීම සඳහා මෙලෙස විකල්ප දෙකක් හඳුන්වා දී තිබෙන්නේ පැහැදිලිවම හේතුවක් ඇතුවයි. මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබට නිවැරදිවම දැන ගන්න පුළුවන් වෙනවා එම විකල්පයන් අතර තිබෙන පැහැදිලි වෙනස.
"Full Format" කිරීමකදී සිදු වෙන්නේ කුමක්ද?
පරිගණක පිළිබඳව මනා දැනුමක් ඇති ප්රවීනයින් පවසන්නේ (NTFS , FAT32) කියන ක්‍රමයට දෘඩතැටි Format කරගැනීමේදී "Full Format" කියන විකල්පය තෝරාගැනීම පරිගණක සඳහා වඩාත් සුදුසු වෙන බවයි. ඇත්තටම් එය වඩාත් නිවැරදි වෙනවා මොකද "Full Format" කිරීමකදී දෘඩතැටි වළ තිබෙන දත්තයන් සම්පූර්ණයෙන්ම මැකී යන නිසා.
ඒවගේම තමයි දෘඩ තැටියේ තිබෙන bad sectors පරික්ෂා කිරීමක්ද සිදු වෙනවා "Full Format" එකක් සිදු වෙන අතරතුර. ඔබේ පරිගනකයේ තිබෙන්නේ තරමක් පරණ දෘඩ තැටියක් නම් එහි bad sectors සැළකියයුතු ප්‍රමාණයක් තිබෙන්න පුළුවන්. bad sectors තිබීම නිසා දත්තයන් හදිසියේ විනාශ වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ අතර ඔබේ වැදගත් තොරතුරුද තිබීමට ඉඩ තිබෙනවා. "Full Format" එකක් සිදු කරන විට ඒ විසින් bad sector එකක් සොයා ගනු ලැබුවොත් එම bad sector එක නිවැරදි කිරීම සඳහා යම් උත්සහයක් ඒ අතරතුර අරගනු ලබනවා. ඒ ආකාරයට දෘඩ තැටියක තිබෙන bad sectors නිවැරදි කරගැනීමෙන් සම්පූර්ණ දෘඩ තැටියම දත්ත ගබඩා කරගැනීමට භාවිතා කරන්න පුළුවන් වෙනවා. හරියට අලුතෙන් අරගත් දෘඩ තැටියක වාගේ. තවද දෘඩ තැටිය ෆොර්මැට් කරගනු ලැබූ file system එක කිසිඳු අඩු පාඩුවක් නොමැතිවම නිවැරදිවම පිහිටුවීමද "Full Format" එකකින් සිදු කරනවා.
"Quick Format" කිරීමකදී සිදු වෙන්නේ කුමක්ද?
Format කිරීම සඳහා අපිට තිබෙන අනිත් විකල්පය තමයි "Quick Format" කියන එක. මෙම විකල්පය "Full Format" කියන විකප්ලපයට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. "Quick Format" එකකදී සිදු වෙන්නේ file system එකක (journalling part) මකා දැමීමක් පමණයි. (journal) කියන කොටසින් සිදු කරන්නේ දෘඩ තැටියේ files තිබෙන පිළිවෙල සටහන් කර තබා ගැනීම සහ එම file සොයා ගැනීමට හැකි වෙන්නේ කොතනින්ද යන කරුණු තර්කානුකූල ක්‍රමයකට සටහන් කර තබා ගැනීමක්. "Quick Format" එකක් සිදු කිරීමකදී අන්න එම (journal) කියන කොටස පමණයි මකා දමන්නේ. එය මකා දැමීමෙන් හිස් file system එකක් පමණක් ඉතුරු වෙනවා. එය සිදු කිරීම ඉතාමාත් ක්ෂනිකව කිරීමට හැකියාව තිබෙනවා. අන්න එපමණයි "Quick Format" එකකදී සිදු වෙන්නේ.
අලුතෙන් file system (NTFS, FAT32) එක පිහිටුවීම, bad sectors පරික්ෂා කිරීම , සම්පූර්ණයෙන් දත්තයන් මකාදැමීම වගේ කිසිඳු දෙයක් මෙහිදී සිදු වෙන්නේ නැහැ. ඒවගේම ඒ ආකාරයට ෆොර්මැට් කරනු ලැබූ දෘඩ තැටියක හෝ pen එකක තිබෙන දත්තයන් පහසුවෙන් recover කරගන්න පුළුවන්. එම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම Quick විකල්පය සාර්ථක නැහැ.
"Full Format" කියන විකල්පය තෝරා ගැනීම ඔබේ දෘඩ තැටියේ ආරක්ෂාවට වඩාත් සුදුසු වෙනවා. මොකද ඒ මගින් දෘඩ තැටියේ කාර්යක්ෂමතාවය සහ වේගය ස්ථාවර මට්ටමකින් පවත්වා ගෙන යන්න පුළුවන්. කොහොම නමුත් අවශ්‍ය තාවයේ හැටියට මේ අතරින් වඩාත් සුදුසු විකල්පය ඔබට තෝරා ගන්න පුළුවන්.
ඔබේ අදහස් කමෙන්ට් එකක් මගින් දක්වා යන්නත් අමතක කරන්න එපා.
0 comments: