Detect HIV On The Spot
එම ස්ථානයේදීම ( HIV) හඳුනාගැනීමට හැකි පහසුවෙන් රැගෙන යන්න පුළුවන් චිපයක් නිර්මාණය කරයි.
අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා ආසාදනය විය හැකි දරුණු වෛරසයක් තමයි (HIV) කියන්නේ. ආසාදනය වුනු පුද්ගලයෙකු භාවිතා කරන ලද ඉදිකටු, බෙහෙත් එන්නත් වගේ දේවල් භාවිතා කිරීමෙන් වුවද මෙම වෛරසය පුද්ගලයෙකුට ආසාදනය වීමට හැකියාව තිබෙනවා . තවද වෛරසය ආසාදනය වුනු මවක් බිහි කරන දරුවාට ද HIV වෛරසය ආසාධනය වීමක් සිදු වෙනවා. මෙම වෛරසය මගින් සිදු කරන්නේ මිනිසාගේ ශරීරයේ තිබෙන ප්රත්ෂක්තීකරණ පද්දතියට පහර දීමයි. මෙම තත්ත්වය නිසා ආසාදනයන්ට සහ විෂබීජ වලට මුහුණ දීමට ශරීරයට හැකියාවක් නැතිව යනවා.
HIV වෛරසය සඳහා සාර්ථක ඖෂදයක් මේ වන තුරු සොයා ගෙන නැහැ. නමුත් ආසාදනය වුනු පුද්ගලයා දිගු කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් කිරීම සඳහානම් ප්‍රතිකාර තිබෙනවා. හොදයි දැන් ඔබට මෙම වෛරසය කුමක්ද මෙයින් සිදු වෙන්නේ කුමද යන්න පිළිබඳව සුළු වශයෙන් හෝ අවභෝධ වෙන්න ඇති. එහෙනම් අපි දැන් අපේ ප්‍රධාන මාතෘකාවට පිවිසෙමු.
මෙම වෛරසය ආසාධනය වුනු පුද්ගලයින් සමාජයෙන් කොන්කිරීමකට ලක් කරනවා. එම හේතුව නිසා වෛරසය ආසාධනය වී තිබෙනවාද යන්න පවා වෛද්‍යවරයෙකු හමු වී පරික්ෂා කර බැලීමට පුද්ගලයින් මැලි කමක් දක්වනවා. නමුත් තව දුරටත් එය ගැටළුවක් වෙන්නේ නැහැ මොකද විද්‍යාඥයන් විසින් මේ වන විට නිපදවා තිබෙනවා ඕනෑම කෙනෙකුට පහසුවෙන් තමා යන ඕනෑම තැනක රැගෙන යාමට හැකියාව තිබෙන එම වෙලාවේදීම HIV වෛරසය හඳුනා ගැනීමට හැකියාව තිබෙන කුඩා චිපයක්. ඉල්නොයිස් සහ ඩක්ටෝරි විශ්වවිද්‍යාල වල පරීක්ෂකයින් තමයි මෙම අපුරු චිපය නිර්මාණය කර තිබෙන්නේ.
මෙය ප්‍රමාණයෙන් බිස්නස් කාඩ් එකකට සමාන HIV වෛරසය පරීක්ෂා කර හඳුනාගැනීමට හැකි Bio-Chip එකක්. කුඩා ලේ බිඳක් මගින් වුනත් පරීක්ෂණය පැවැත්වීමට මෙම චිපයට හැකියාව තිබෙනවා.මෙහි තිබෙන T-cell ගණනය කරන සංවේදක වලින් යුතු කුටීර මතට ලේ බින්දුවක් දැමීමේදී සුදු රුධිරානු සෛල වෙන් කර හඳුනා ගනු ලබනවා. T-cell ගණනය කිරීම යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකුට HIV වෛරසය ආසාධනය වී තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වෛද්‍ය වරුන් විසින් භාවිතා කරන ක්‍රමවේදයක්. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට වඩා ඉතාමත් අඩු T-cell ප්‍රමාණයක් තමයි HIV ආසාධනය වුන පුද්ගලයෙකුට තිබෙන්නේ. රුධිර සාම්පලය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන බලය ලබා ගැනීම පිණිස බැටරි වලින් බලයලත් කුඩා උපකරණයක් තුල තමයි මෙම චිපය ස්ථානගත කර තිබෙන්නේ. මෙය ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යෑමට හැකි නිසා අහල පහලක රෝහලක් නොමැති වුනත් HIV වෛරසය පරික්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා.
මෙය හරියට කුඩා චිපයක් තුල තිබෙන විද්‍යාගාරයක් වගේ. ඒ මොකද මේ මගින් කරන කාර්ය සුළු පටු එකක් නොවෙයි. ඕනෑම සාමාන්‍ය වැසියෙකුට භාවිතා කරන්න පුළුවන් වෙන පරිදි මෙම චිපය වෙළඳ පොල සඳහා නිකුත් කිරීමටද ඉදිරියේදී ක්‍රියා කරන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
තාක්ෂනය දියුණු වෙමින් පවතින් ලෝකයේ නොයෙකුත් වර්ගයේ සුපිරි උපකරණ එදිනෙදා නිපදවනවා. අපගේ බලාපොරොත්තුව වෙන්නේ එම දෙවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි. එය ඔබ අගය කරනවානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
0 comments: