A Smartphone App To Detect Earthquakes
භුමිකම්පාවන් හඳුනාගැනීමට හැකි ස්මාට් ෆෝන් app එකක් .
ලොවම හැඬවූ සුනාමි ඛේධවාචකය පැමිණ අදට අවුරුදු 9ක් පමණ වෙනවා. එයින් ජීවිත දහස් ගණනක් අපට අහිමි වුවා. එවැනි අනතුරක් පැමිණීම කල්තියා දැනගත හැකිවූවා නම් අහිමි වූ ජීවිත ගණන දහස් ගණනකින් අඩු කරගැනීමට හැකිවෙන්න තිබුනා.
මහත් වූ විනාශයක ආරම්භක අවස්තාව පිළිබඳව කල්තියා දැනගැනීමට අවශ්‍යද? මෙන්න ඔබට ඒ සඳහා හොඳ අවස්තාවක්. ස්මාට් ෆෝන් එකක් ඔබ සතුව තිබේනම් ඒ සඳහා මෙම app එක ස්ථාපිත කරගැනීමෙන් ඔබට හැකියාව තිබෙනවා භුමිකම්පාවන් පිළිබඳව පෙර තියා දැනගැනීමට.
භූකම්පන ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරපු app එකක් තමයි (ishake) කියන්නේ. එම app එක මගින් ස්මාට් ෆෝන් එකක තිබෙන ඇක්සලරෝමීටරය ( accelerometer) ප්‍රයෝජනයට ගනු ලබනවා භුමිකම්පාවන් හඳුනා ගැනීම සඳහා . ඇක්සලරෝමීටරය සහ සැබෑ භූකම්පන සංවේදකයන් පරීක්ෂකයින් විසින් එකිනෙකට සන්සන්ධනය කර බැලීමේදී ඔවුන් සොයා ගනු ලැබුවා iphone එකකට හැකියාව තිබෙන බව ඒකක 5ක හෝ ඊට වඩා වැඩි භුමිකම්පාවක් හඳුනා ගැනීමට .
ඔබට සිතෙන්නට පුලුවන්, සිදුවෙමින් පවතින භූමිකම්පාවක් පිළිබඳව දැනගැනීම සඳහා app එකක් අවශ්‍ය වෙන්නේ කුමකටද කියා. සිදු වෙමින් පවතින භූමිකම්පාවන් පිළිබඳව හදිසි තොරතුරු ජනතාව වෙත වහාම සැපයීමටයි මෙම app එක නිර්මාණය කර තිබෙන්නේ . උදාහරණයක් විදියට විනාශයේ පැහැදිලි චයාරූප සහ භූමිකම්පාවේ අපිකෙන්ද්රයේ පින්තූර වැනි දේ. භූකම්පනය සිදු වෙන අතරතුර පොලවේ සෙලවීම සහ තීව්‍රතා පරාමිතිය ( intencity parameters ) වැනි දේ භාවිතා කොට භූමිකම්පාව විසින් සිදු කල හැකි විනාශය පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ජනතාවට හැකි වෙනවා.
0 comments: