Simplify your Android phone (and life!) with just one click
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තියෙන අයට වැදගත්ම මෘදුකාංගයක්.
ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය නිවැරදිව කළමනාකරණය කරගැනීම සඳහා මෙම මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන්. පරිගණක පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබෙන කෙනෙකුට උනත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදියට මෙය නිර්මාණය කර තිබෙනවා. ඒවගේම Samsung, Sony, LG, HTC, Motorola වැනි ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ක් සඳහා සහයෝගය දක්වනවා. නිදහස්ව සහ පහසුවෙන් ඔබේ දුරකථනය කළමනාකරණය කරගන්න ඔබට අවස්තාව තිබෙනවා මෙම මෘදුකාංගය හරහා. දුරකතනයේ තිබෙන සියලුම files බැකප් කරගැනීමට පුළුවන්. ඔබේ දුරකථනය නැති උනත් contacts අහිමි වෙන්නේ නැහැ. එලෙස බැකප් කරගනු ලැබූ files පහසුවෙන්ම නැවත දුරකතනයට restore කරගැනීමට පුළුවන්.
විශේෂාංග
1. එක ක්ලික් එකකින් බැකප් කරගැනීම සහ Restore කරගැනීම
දුරකතනය නැති උනත් එහි තිබෙන දත්තයන් නැති වීම ගැන තවදුරටත් ඔබට වද වීමට සිදු වෙන්නේ නැහැ. Mobogenie මෘදුකාංගය මගින් සියලුම දත්තයන් එක ක්ලික් එකකින් බැකප් කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය වූ විට නැවත එක ක්ලික් එකකින් එම සියලුම දත්තයන් Restore කරගන්නද පුළුවන්. අවශ්‍යනම් වෙනත් දුරකතනයකට වුනත් එම දත්තයන් Restore කරගන්න පුළුවන්.
2. Contacts පහුවෙන් එඩිට් කරගැනීම සහ කළමනාකරණය කරගැනීම.
සියගණනක් වූ Contacts ඔබේ දුරකතනයෙන්ම එඩිට් කිරීම අපහසු කාර්යයක්. පරිගනකයෙන් එය වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් contact එකතු කරගැනීම, අනවශ්‍ය ඒවා ඉවත් කරගැනීමද වඩාත් පහසු වෙනවා මෙම මෘදුකාංගය හරහා.
3. හොඳම වීඩියෝ , ගීත සහ පින්තූර අන්තර්ජාලයෙන් බාගත කරගන්න.
ඔබේ දුරකතනයේ තිබෙන්නේ අවුරුදු ගණනක් පරණ වීඩියෝ සහ ගීතද? එහෙනම් මේ තමයි හොඳම අවස්තාව අලුත්ම වීඩියෝ සහ ගීත ලබා ගැනීම සඳහා. ඔබ කැමති ඒවා තෝරා බලා දුරකතනයට එක් කරගෙන ඔබ යන තැන ඒවාද රැගෙන යන්න.
4. දුරකථනය සඳහා වැඩසටහන් නොමිලේම බාගත කරගන්න.
ඇප්ස් ස්ටෝර් එකෙන් වැඩසටහන් කෙලින්ම ඔබේ දුරකතනයට බාගත කරගන්න පුළුවන් මෙම මෘදුකාංගය හරහා.
5. දුරකථනය පරිගනකයට සම්බන්ධ කර පරිගනකයෙන්ම කෙටි පණිවුඩ යවන්න.
මෙය ඔබට අලුත් අත්දැකීමක් වෙනවාට සැකයක් නැහැ. එක වර පුද්ගලයින් කිහිප දෙනෙකුට වුනත් කෙටි පණිවුඩ යැවීමට ඔබට පුළුවන්.
ඇන්ඩ්‍රොයිඩ් පිළිබඳව ලිපයක් පල කිරීමට නොහැකි වුන නිසා අද මෙම ලිපය ලියන්න තීරණය කරා. මෙම මෘදුකාංගයේ වැදගත්කම ඔබ අවබෝධ කරගන්න ඇති කියල හිතනවා. එසේනම් පහතින් එම මෘදුකාංගය බාගෙන ස්ථාපිත කරගන්න.
Mobogenie
0 comments: