Potatoes Can Be Used To Charge Your Gadgets

අල ගෙඩියකින් යාන්ත්‍රික උපකරණ  ආරෝපණය කර ගන්න පුළුවන් කිව්වොත්  ඔබ විශ්වාස කරනවාද ? 



අද වන විට විද්‍යුතයේ බලවත් අවශ්‍යතාවයක් තිබෙනවා කියා ඔබ දන්නවානේ. අප භාවිතා කරන සෑම යාන්ත්‍රික උපකරණයක් ම බලගැන්වීම සඳහා අපට විදුලි බලය අවශ්‍ය වෙනවා. නමුත් බලශක්ති අර්බුධය කියන්නේ අනාගතයේදී අප සැමට මුහුණ දෙන්නට වෙන පොදු ගැටළුවක්. 



පාසල් යන කාලයේදී නම් ඔබ දැක ඇති අල ගෙඩියකින් බල ගැන්වූ ඔරලෝසු වැනි දේවල්. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා අලගෙඩි කිහිපයක් භාවිතා කොට ඔරලෝසුවක් පණගැන්වීමට වඩා වැඩි විදුලි බලයක් එයින් උත්පාදනය කරගත හැකිබව. එම පරීක්ෂකයින් විශ්වාස කරනවා මෙම අලගෙඩි බලශක්ති ප්‍රභවයක් හැටියට භාවිතාකරන්න පුළුවන් බව. උදාහරණයක් විදියට විදුලි බලය සපයා නොමැති ලොව වටා තිබෙන දුෂ්කර පළාත් වලට විදුලි බලය ලබා ගැනීම සඳහා අල බලශක්ති ප්‍රභවයක් විදියට භාවිතා කරන්න පුළුවන් බව. 

අලගඩියක අඩක්  පමණ කොටසක් මිනිත්තු අටක් පමණ තම්බා ගත් කල LED විදුලි බල්බයන්  පන ගන්වන්න පුළුවන් තරමේ විදුලි බලයක් එයින් ලබා ගන්න පුළුවන්. එපමණක් නොව ඒ මගින් ජංගම දුරකතන, සහ අනෙකුත් විද්‍යුත් උපකරණද බලගන්වන්න පුළුවන්. එම අල බැටරි කට්ටලය සඳහා තඹ වයර් කැතෝඩයක්ද ( wired copper cathode),   සින්ක් ඇනෝඩයක්ද ( zink anode )ඇතුලත් වෙනවා. 







මේ සඳහා විශේෂයෙන් අලම තෝරාගෙන තිබෙන්නේ මන්ද? කියා ඔබට සිතෙන්න ඇති. අල කියල කියන්නේ බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් මුළු ලෝකයේම තිබෙන සුලබ  දෙයක්. අනික අල තමයි ලෝකයේ  එළවලු  අතරින් හතරවෙනි ස්ථානයට බහුලවම තිබෙන එළවලු වර්ගය. ඇත්තටම අල බලශක්ති ප්‍රභවයක් විදියට ක්‍රියා කරන්නේ නැහැ එය ඇත්තටම ක්‍රියා කරන්නේ " salt bridge " එකක් ලෙසයි. ලෝහමය ධ්‍රැව දෙක අතර ගලාගෙන යන ආකාරයට ඉලෙක්ට්‍රෝන ධාරාවක් සැපයීම සහ විදුලි සනායකයක් ලෙසත් එය ක්‍රියා කරනවා. 





නුදුරු අනාගතයේදී අපගේ නිවෙස් බලගැන්වීම සඳහා විකල්ප බලශක්තියක් හැටියට ආහාරමය  දේවල් භාවිතා කරන්න වේවිද කියා  කියන්නත් බැහැ. 





4 comments:

  1. conventional copper-zinc wet battery
    ala gediya is only a joke.
    lol

    ReplyDelete
  2. put the copper plate and sink plate into mud. its works with led. try this its works .....

    ReplyDelete
  3. ala wageda gowa massina

    ReplyDelete