The Moving Rocks in Death Valley National Park

(Death Valley) ජාතික උද්‍යානයේ ඇවිදින ගල් 


(Death Valley) ජාතික උද්‍යානය කියන්නේ බොහොමයක් අබිරහස් වලින් සමන්විත ගුප්ත ස්ථානයක් . ඒ අතරින් වැඩි දෙනෙක්ගේ කතා බහට ලක්වෙන අභිරහස තමයි එහි තිබෙන පාෂාණ ඇවිදීම කියන කාරණය. 

කැලිෆෝනියාවේ තිබෙන මෙම ස්තානය අධික ලෙස වියලුනු ස්වභාවයකින් යුතු වෙනවා. එහි පොලව අධික ලෙස වියලීම නිසා ඉරිතැලී තිබෙනවා. මෙම ස්ථානයේ තිබුන විලක් තමයි මෙලෙස සිඳී ගොස් තිබෙන්නේ. එම කාන්තාර ප්‍රදේශයේ තිබෙන පාෂාණ කැබලි ඒවා විසින්ම මුළු කාන්තාරය පුරාම  එහා මෙහා ඇවිදිනවා. 

ඒවා අතර තිබෙන සමහරක් පාෂාණ කැබලි රාත්තල් 700ක් පමණ බරකින් යුක්ත වෙනවා. ඒවගේම එවා ගමන් කළ  මාර්ගය කාන්තාරයේ තිබෙන වැලි සහිත මුඩු බිමේ පැහැදිලිව සටහන් වෙලා තිබෙනවා. එලෙස යාත්‍රා කරන පාශාණයන් වල සමහරක් ධාවන පථයන් අඩි 600ක් පමණ දිගු වෙනවා. 








මෙලෙස පාශාණයන් යාත්‍රා කිරීම කවුරුවත් ඇස් දෙකට දැක නැහැ. නමුත් මෙම පාශාණයන් වල ගමන් මාර්ගය පොලවේ සටහන් වෙලා තිබෙන නිසා වැඩි දෙනෙක් විශ්වාස කිරීමට පෙළඹෙනවා ඒවා ගමන් කරනවා කියලා. 

ඉතිහාසය 

පරීක්ෂකයින් විසින් මෙම යාත්‍රා කරන පාශාණයන් පිළිබඳව අවුරුදු 50ක් තිස්සේ පරීක්ෂණ පවත්වනවා. මෙම අමුතු ගමන් කිරීම පිළිබඳව ඔවුන්ගේ සිද්ධාන්තය වන්නේ චුම්භක ආකර්ෂණයක් නිසා හෝ අද්භූත බලයක් නිසා එලෙස එම පාශාණයන් චලනය වෙනවා යන්නයි. 1972 වර්ෂයේ මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂකයන් දෙදෙනෙක් තමයි   ( Bob Sharp, Dwight Carey) කියන්නේ. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පරීක්ෂණ වඩාත් ගැඹුරින් පැවැත්වුවා. ඔවුන් විසින් එවැනි පාශාණයන් 30 ක පමණ හැසිරීම අධ්‍යයනය කරනු ලැබුවා. එමගින් ඔවුන් සොයා ගනු ලැබූ දෙයක් තමයි ඒවා  චලනය වෙන්නේ අවුරුදු 2කට හෝ තුනකට සැරයක් ශ්‍රීත ඍතුවේදී පමණක් බව.

Racetrack Playa

"Racetrack Playa" කියන්නේ ඩෙත් වැලි ජාතික උද්‍යානයේ තිබෙන ප්‍රදේශයක්. එම ප්‍රදේශය තමයි මෙම යාත්‍රා කරන ගල් වල නිවස වෙන්නේ. ප්ලයාව (Playa) යනුවෙන් හඳුවන්වන්නේ තෙතමනයක් නොමැති වියලී ගිය විල් පෙදෙසයි. එය සැතපුම් 2.5 පමණ දිගකින්ද සැතපුම් 1.25ක් පළලින්ද යුතු වෙනවා. එම විලෙහි  වියලුන මතුපිට තිබෙන ඉරීතැලී ගිය පස සහ රොන්මඩ තට්ටුව පොරවනයක් සේ දිස් වෙනවා. විශේෂයෙන්ම ශීත කාලයට පමණක් එම විල තෙත් ස්වභාවයෙන් යුතු වෙනවා. එම නිසාම එහි මතු පිට පස ලිස්සන සුළු වෙනවා.  


පාෂාණ 

"Racetrack Playa" හී තිබෙන ඇවිදින ගල් වල ප්‍රමාණයන්, හැඩයන් සහ වර්ගයන්  එකිනෙකට වෙනස් වෙනවා. බොහොමයක් පාෂාණ හටගෙන තිබෙන්නේ විශාල කඳුවල තිබෙන කළු ඩොලමයිට් පාෂාණයන්ගෙන්. පාෂණයන් වල ප්‍රමාණයන් සහ බර විශාල වශයෙන් එකිනෙකට වෙනස් වෙනවා. සමහරක් ගල් ඉතාමත් කුඩා ගල් කැට නමුත් සමහරක් ඒවා රාත්තල් 700කට වඩා බර විශාල ගල්.



විශ්වාස කළ හැකි පැහැදිලි කිරීම  

"Ralph Lorenz" නමැති විද්‍යාඥයා අලුත් පැහැදිලි කිරීමක් එකතු කරනවා මෙම යාත්‍රා කරණ පාෂාණයන් පිළිබඳව. ඔවු පවසන්නේ එම පාෂාණයන් ආවරණය කරගෙන තුනී අයිස් තට්ටුවක් ඇති බවයි. එම අයිස් මගින් පාෂාණ උඩට උස්සා තැබීම සහ යම් ප්‍රමානයක් පාවෙන සුළු බවට එම පාෂාණ පත් කරනවා. අයිස් වල එම උපකාරය නිසා පාෂාණ වලට  හැකි වෙනවා ඔවුන්ගේ සංචාරය පහසුවෙන් කරගැනීමට.  එම හේතුව නිසා පාෂාණ වල චලනයන්ට පොළවෙන් වැඩි ප්‍රතිරෝධයක් එල්ල වෙන්නේ නැහැ. ඒ වගේම කාන්තාරයේ හමායන දැඩි සුළඟ පාෂණයන්  වල චලනය වේගවත් කරනවා. 



මෙම ලිපිය ඔබේ දැනුමට අලුත් යමක් එකතු කරා නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.


16 comments:

  1. හිතා ගන්න අමාරයි, එහෙම වෙන්න පුලුවන්ද.?????????

    ReplyDelete
  2. ඒ වගේ දෙයක් ඇහුවමයි......!!! :-D

    ReplyDelete
  3. mewge ads dana 1 godak hodai.. mewa gena hoyana aya wedi.danna aya adui

    ReplyDelete
  4. අපූරුයි...
    ගිහින් බලන්න ආසයි.

    ReplyDelete
  5. අපූරුයි...
    ගිහින් බලන්න ආසයි.

    ReplyDelete