Download Android APK in PC directly from Google Play

Android App වල "APK" ෆයිල් එක කෙලින්ම පරිගණකයට බාගමු  Google Play වෙතින්ම.




බොහොමයක් පරිශීලකයින්  සිටිනවා ඔවුන්ගේ ඇන්ඩ්රොයිඩ් උපකරණයෙන් "apk" ෆයිල් බාගැනීමට නොහැකි. එයට හේතුව වෙන්නේ නෙට්වර්ක් වල දෝෂයන් නිසා හෝ බාගැනීමට යන File වල විශාල ප්‍රමාණයන් තිබීම නිසා. එවැනි කිසිම අපහසුතාවයකට ඔබට මුහණ දීමට සිදු වෙන්නේ නැහැ නේද ඔබේ පරිගනකයට කෙලින්ම "Google Play" වලින්ම App බාගැනීමට පුළුවන් නම්.  IOS මෙහෙයුම් පද්දතියෙන් යුතු උපකරණ භාවිතා කරන පරිශීලකයින් සඳහානම් පහසුවෙන්ම එය කරගනීමට පුළුවන්. ඒවගේම  ඇන්ඩ්රොයිඩ් උපකරණ භාවිතා කරන අයටත් ඒ ආකාරයටම App පරිගනකයට බාගැනීමට හැකියාව තිබෙන බව ඔබ දන්නවද? 


පියවර 1 

ඔබේ ඇන්ඩ්රොයිඩ් දුරකතනයෙන් ( *#*#8255#*#*) මෙම අංකය ඩයල් කරන්න.


 
 පියවර 2

ඉන්පසුව ඔබට දැකගන්නට ලැබේවි මෙම පහත තිබෙන ආකාරයේ තොරතුරු කිහිපයක් ඔබේ දුරකථනය පිළිබඳව.


 

 පියවර 3

ඉහත තොරතුරු වලින් ඔබගේ දුරකතනයේ "Device ID" එක හොයා ගන්න. එය මෙන්න මේ වගේ තමයි දිස් වෙන්නේ (Device ID: android-xxxxxxxxxxxxxxxx). 


පියවර 4 

ඉහත ආකාරයට අමතරව පහසුවෙන්ම (Android Device ID App) එක ස්ථාපිත කරගැනීමෙන්ද ඔබට එම "Device ID" එක හොයා ගැනීමට පුළුවන්. එම app එක ස්ථාපිත කරගෙන අවසන් වූ විට ( Google Service Framework Key) එක සටහන් කරගන්න. 

එම app එක බාගන්න මෙම පින්තූරය මත ක්ලික් කරන්න 


https://play.google.com/store/apps/details?id=com.evozi.deviceid&hl=en


පියවර 5 

මීළඟට මෙම පහත තිබෙන ලින්ක් එක‍ට ගොස් (Real APK Leecher ) මෘදුකාංගය බාගෙන එය දිගහැරගන්න.



http://forum.xda-developers.com/attachment.php?s=2c4be891ab674157dbd71d83e5565406&attachmentid=1781884&d=1362512292

පියවර 6 

දිගහැරගත් එම Folder එක තුලට යන්න


පියවර 7


එම Folder එක තුල තිබෙන ( Real APK Leecher.exe ) එක දියත් කරගන්න.

 
පියවර 8 

එම මෘදුකාංගයේ "Options Window" එකට ගොස් "Google Play Account" එකේ e-mail එක සහ පාස්වර්ඩ් එක ඇතුලත් කරගන්න. ඒවගේම ඉහතදී ඔබ විසින් සටහන් කරගනු ලැබූ "Device ID" එකද ඇතුලත් කරගත යුතු වෙනවා.


 
සැ.යු :- "Device ID" එක ඇතුලත් කරගැනීමට තිබෙන තැනට ඔබ විසින් ඇතුලත් කර යුතු වෙන්නේ ඉලක්කම් පමණයි. කිසිවිටෙක එම අංක ඉදිරියෙන් තිබෙන "android" කියන වචනය ඇතුලත් කල යුතු වන්නේ නැහැ.


පියවර 9 

ඔබ විසින් සිදු කල වෙනස් කම් Save කරගන්න "Save"  කියන තැන ක්ලික් කරන්න .


පියවර 10 

දැන් ඔබට කැමති app එකක් එහි පරික්ෂා කර බලන්න පුළුවන්.


පියවර 11 

එයින් ඔබට බාගැනීමට අවශ්‍ය කරන app එක මත "right-click" කොට "Download" යන්න තෝරන්න.



පියවර 12 

දැන් එම App එකේ "apk" ෆයිල් එක කෙලින්ම ඔබේ පරිගණකයට Download වෙනවා ඇති. 




දැන් ඔබට පුළුවන් "Google Play" එකේ තිබෙන ඕනෑම Free app එකක් මෙම ක්‍රමය මගින් ඔබේ පරිගනකයට බාගැනීමට. වැඩි දෙනෙක්ගේ ඉල්ලීමක් මත තමයි මේ ලිපිය ලියන්න අදහස් කරේ. ඔබේ අදහස් comment එකක් මගින් පහතින් දක්වන්න.

26 comments:

  1. machan s4 walata wada naane

    ReplyDelete
  2. error while connecting to server kiyala error ekak enawane

    ReplyDelete
    Replies
    1. Internet Connection එක Device ID එක double check කරලා බලන්න ඒවා නිවැරදිද කියල

      Delete
  3. USSD code eka wada karan na

    ReplyDelete
    Replies
    1. Ehenam deela thiyena app eka install karala device id eka ganna

      Delete
  4. real APK leecher eka klik kalate option windos eka open wenne nane

    ReplyDelete
  5. Error while connecting to sever :(

    ReplyDelete
  6. මේකෙ පරණ post එකක තිබ්බ PC එකට Android OS එක දාන විදිහ. ඒත් දෑන් ඒ Post එකේ Android OS එක download කරගන්න දීලා තියෙන Link එක වැඩ කරන්නෙ නෑ. පුලුවන්නම් Android OS එක download කරගන්න පුලුවන් අලුත් Link එකක් දෙන්න්

    ReplyDelete
    Replies
    1. Download karaganna puluwan meka kiyawanna

      http://www.apps-lanka.com/p/adfly.html?m=1

      Delete
  7. Machan galaxy grand duos 1ka ussd 1ka run karanda baha ne..kohomada grand 1ka ussd 1ka run karanne..

    ReplyDelete
    Replies
    1. ehenam deela thiyena app eka install karannna. eken puluwajn device id eka laba ganna
      ]

      Delete
    2. galaxy grand duos 1k tynwa android 4.2.2..korean copy 1k hebei..eke 3g weda krnne naane.network mode kiyana option 1th off wela thynne.EDGE witrai enne.mekata mata help 1k denna puluwanda??

      Delete
  8. Machan khmada android 4.04 os eka kitkat os 1ta upgrade karnne? tablet pc ekak.model eka 'woxter tablet pc 97ipsdual'..plz help

    ReplyDelete
    Replies
    1. hama android phone ekakma Kitakat walata upgrade karanna baha. ekata phone eka support wenna one

      Delete
  9. Gtalk service monitor kyla ekak wetenawane....ara code eka not working.... :(

    ReplyDelete
  10. mekama anith peththata berida.......?lap eke phone ekata............?

    ReplyDelete