See animated GIFs on Facebook with this browser add-on
Facebook එකේ තිබෙන සජීවීකරණය කරන ලද පින්තූර (Animated GIF) බලන්න බැරිද?
"GIFBooster" කියල කියන්නේ ඔබේ වෙබ් බ්‍රව්සර් එකට පැමිණෙන "add-on" එකක්. එමගින් ඔබට අවස්තාව ලබා දෙනවා facbook එකේ තිබෙන සජීවීකරණය කරණය ලද පින්තූර (Animated GIF) දැක ගැනීමට. සාමාන්‍යයෙන් සමාජීය වෙබ් අඩවි මගින් එලෙස "GIF" පින්තූර ක්‍රියාත්මක මට්ටමෙන් දැකබලාගැනීමට ඔවුන්ගේ පරිශීලකයින්ට ඉඩ ලබා දෙන්නේ නැහැ. නමුත් ඉහත සඳහන් කරන "add-on" එක ඔබේ පරිගනකයේ වෙබ් බ්‍රව්සර් එකට ස්ථාපිත කරගැනීමෙන් පසුව ඔබ සහ ඔබේ මිතුරු මිතුරියන් විසින් පල කරන ලද "GIF" පින්තූර දැකබලා ගැනීමට අවස්තාව හිමි වේ.
වචන දහසකින් කිව නොහැකි දෙයක් එක "GIF" පින්තූරයකින් කිව හැක.
සමාජීය වෙබ් අඩවි තුල බොහෝ දෙනෙක් තමන්ගේ සිතුවිලි සජීවීකරණය කරන ලද "GIF" පින්තූර මගින් ප්‍රකාශ කිරීම විලාසිතාවක් බවට පත්කරගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන්, කවුරුන් හෝ විසින් "Animated GIF" එකක් පෙන්වීම සඳහා ලින්ක් එකක් "facebook" හී share කල විට, අනෙකුත් පුද්ගලයින්ට සහ තමන්ට දැකගන්නට ලැබෙන්නේ චලනය වීමකින් තොර පින්තූරයක් පමණයි.
ඒ සඳහා පහසුම සහ සරලම විසඳුම වෙන්නේ "GIFBooster" ස්ථාපිත කරගැනීමයි. එලෙස ස්ථාපිත කල පසුව ඔබ විසින් facebook හී පල කරන "Animated GIF" එක චලනය වෙමින් ක්‍රියාකාරී තත්වයෙන් තිබෙනවා ඔබට දැකගන්නට පුළුවන්. ඔබ විසින් මතකයේ තබා ගතයුතු වැදගත් දෙයක් තිබෙනවා ඒ තමයි ඔබ විසන් පලකරනු ලබන එවැනි "GIF" තවත් කෙනෙකුට දැකගැනීමට පුළුවන් වෙන්නේ එම පුද්ගලයාත් "GIFBooster" වැනි මෘදුකාංගයක් බ්‍රව්සර් එක සඳහා ස්ථාපිත කොට තිබුනොත් පමණයි.
මෙම (Browser add-on) එක Firefox, Chrome, Internet Explorer, Opera, Safari යන ඕනෑම වෙබ් බ්‍රව්සර් එකකට ස්ථාපිත කරගැනීමට හැකියාව තිබෙනවා.
එසේනම් මෙම ලිපිය මගින් ඔබට facbook හී වෙනදා තිබුනාට වඩා වැඩි ආශ්වාදයක් ලබා ගැනීමට පුළුවන් වේවි කියල හිතනවා. ඔබට වචන දහසකින් කිව නොහැකි ඔබේ සිතුවිලි GIF පින්තූරයක් මගින් පහසුවෙන්ම තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීමට අවස්තාව ලැබෙන නිසා.
tanx aiye,excellent
ReplyDeletegif upload karanne normal image ( jpeg ) upload karana widiyaatamada''???
ReplyDeleteඒ විදියටම තමයි upload කරන්නේ. නැත්නම් ලින්ක් එක උනත් පෙන්වන්න පුළුවන් GIF Image එකක
Deleteසහෝ ලොකු උදව්වක් ඕනි...මට IDM Latest Version1ක් හොදට වැඩ කරන Crack1ක් එක්ක හොයලා දෙන්න.අවුරුදු ගානක් ඕක පාවිච්චි කරා.කිසි අවුලක් තිබ්බේ නැ..ඒත් මේ ලඟදි ඉදල මොන Crack1k දැම්මත් Fake Serial 1k දාල තියෙනවා කියන message1 එනවා.හරිම කරදරයක්.Crack ගොඩක් දාල බැලුවා..වැඩේ තාම නැ.V 6.17 තමයි පාවිච්චි කරන්නේ.සහෝ අවුලක් නැති 1k hoyala denawada..hackrish pora upload karala thibuna IDM1th damma..eth hari giye na
ReplyDeleteFatttaaaa
ReplyDeletematath ashange prashnema thiyenawa sahooo
ReplyDeleteyaluwa mage pc eketh gif penne samanya 4to ekak wage witharai e ei? win 7 thiyenne
ReplyDeleteWin 8 dagena hitiyath GIF nikan penwanne naha. me software eka install karaganna, ethakota hari
Delete