5 Famous Logos That Have A Hidden Meaning

ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ සමාගම් 5 ක Logo වලින් කියවෙන ඔබ මෙතෙක් නොදැන සිටි සැඟවුණු අරුත්.



ලෝකයේ අතිශයින්  ප්‍රසිද්ධ  මෙම පහතින් දක්නට ලැබෙන සමාගම් වල logo බැලූ බැල්මට හරිම සරලයි. ඕනෑවට වඩා වැඩි බාහිර අලංකාරයෙන්ගෙන්  සහ වැඩි වශයෙන් සංකේත භාවිතා කරමින් නරඹන්නන් අවුල් සහගත තත්වයකට පත් කරන්නේ නැහැ. කොහොම නමුත්, එම සමාගම් වලටම අනන්‍ය වූ  එම logo ප්‍රමාණවත් වෙනවා ඔවුන්ගේ සමගම වගේම ඔවුන් සපයන එම විශේෂ සේවාව පහසුවෙන්ම හඳුනා ගැනීමට සහ නියෝජනය කිරීමට. එහෙනම් අපි සොයා බලමු ලෝකප්‍රසිද්ධ එහෙත් බොහොම සරල එම logo පිළිබඳව. ඒවා මෙතරම් අපගේ මතකයේ රැඳෙන්නට හේතුව  සහ ඒවා පිටිපස තිබෙන අර්ථය කුමක්ද යන්න පිළිබඳව. 


1. Apple





මෙම ලිපියේදී අපි පළමුවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලු ලෝකයම නම කිව් සැනින් හඳුනන Apple සමාගමේ නිල ලාංචනය පිළිබඳවයි. 

එම ලාංචනය නිර්මාණය වීම සඳහා මුලික වී තිබෙන්නේ බයිබලයේ සඳහන් වෙන අප කවුරුත් දන්නා ආදම් සහ ඒවා ගේ කතා පුවතයි. එහි දිස් වෙන්නේ සම්පූර්ණ Apple ගෙඩියක් නෙවියි කොටසක් කා තිබෙන ගෙඩියක්. එයින් අදහස් කරනු ලබන්නේ එය  දැනුම නමැති වෘක්ෂයෙහි හටගත් පලයක් ලෙසයි.  

2. IBM


නිල් පැහැති වර්ණයෙන් යුතු අකුරු තුනකින් සමන්විත IBM සමාගම නියෝජනය කරන එම ලාංචනය විසින්  මුලු ලෝකයටම පවසන සැඟවුණු පණිවිඩයක් තිබෙනවා. (IBM) අකුරු තුනටම විහිදෙන ආකාරයේ සමාන්තර සුදු  පැහැති රේඛාවන් වලින් අදහස් කරන්නේ සමානාත්ම තාවයේ පණිවිඩයයි. 



3. Amazon


හොඳින් අවධානයෙන් බැලුවොත් Amazon ලාංචනයේ තිබෙන ඊතලය සිනහ මුසු මුහුණකට සම කල හැකි වෙනවා. එපමණක් නෙවෙයි එහි සැඟවුණු අරුතකුත් තිබෙනවා. ඒ තමයි A අකුරේ සිට Z දක්වා වූ නොයෙක් ආකාරෙය් භාණ්ඩ විශාල ප්‍රමාණයක් Amazon මගින් පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බව එයින් ප්‍රකාශ කරනු ලබනවා.


4. BMW


මෙම ලාංචනය අනෙකුත් ලාංචන අතරින් විශේෂ වෙනවා මොකද මෙයින් කියන්නට අදහස් කර  තිබෙන්නේ ඔවුන්ගේ සමාගමේ අතීතයේ පැවති අභිමානවත් ආකාශතරණයයි. එසේත් නොමැතිනම් ඔවුන්ගේ ගුවන් යානා නිර්මාණය කිරීමේ අභිමානවත් ඉතිහාස කතා පුවතයි. 

එම ලාංචනයේ නිල් පසුබිමක තිබෙන සුදු කොටසක් ඔබට දැකගන්නට පුළුවන්. එහි සුදු කොටස කැරකෙන අවරපෙත්තක් ලෙසද නිල් පසුබිම ආකාශය ලෙසද අදහස් කරනු ලබනවා. එයින් කියන්නට අදහස් කරන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී German හමුදාව සඳහා ඔවුන්ගේ සමාගම විසින් අහස්යානා එංජින් නිර්මාණය කල බවයි.
 
5. FedEx


FedEx හී ලාංචනය බැලූ බැල්මට හරිම සරලයි. ඒවගේම එතුල සැඟවිලා තිබෙන්නේ කුමක්ද කියා දැක ගන්න එක බෙහෙවින්ම අපහසුයි. නමුත් වඩාත් සමීපව බැලුවොත් E සහ X අතර තිබෙන හිස් අවකාශය දෙස ඔබට දැකගන්නට ලැබේවි ඉදිරියට ගමන් කරන ඊතලයක්. එම ඊතලය විසින් අදහස් කරනු ලබන්නේ අනාගතය දෙසට ඉදිරියෙන් ගමන් කරන බවයි.  

මෙවැනි ප්‍රසිද්ධ ලාංචන වල තිබෙන සැඟවුණු අරුත් වගේම රසවත් කතා පිළිබඳව ඔබත් දන්නේ නම් පහතින් ඔබගේ අදහස් සැමගේ දැනගැනීම පිණිස දක්වන්න.

26 comments:

  1. BMW ලාංචනය නිර්මාණය කර තිබෙන්නේ ගුවන්යානයක එන්ජිම මගින් එහි අවරපෙත්ත වේගයෙන් කැරකෙන විට රවුමක ආකාරයෙන් සැදෙන දෘෂ්ඨි මායාව පිළිබිඹු වන ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. ඔවුන් එයින් පිළිඹිඹු කරන්නේ ඔවුන්ගේ අභිමානවත් ඉතිහාස කතා පුවතයි

      Delete
  2. BMW means "Bavarian Motor Works (car manufacturer)"

    ReplyDelete
  3. පට්ට :) තව logo ගැන කියන්න පුලුවන්නම් සුපිරි :) ජය!

    ReplyDelete
  4. NIKE මෙය ග්‍රීක වචනයක් එහි තේරුම ...විජයක්ග්‍රහණය ....

    ReplyDelete
    Replies
    1. NIKE kiyanne wegayata adipathi dewiyange nama.greek thamai.

      Delete
  5. TOYOTA logo eken sankethawath wenne his paaththarekata kelin athata watena sahal atayak.. Eken eyalage sasreekathwaya, sawubhagyaya plibimbu karanawa..

    ReplyDelete
    Replies
    1. TOYOTA logo eke TOYOTA kiyana word eka hangila thynawa....

      Delete
  6. Apple one is wrong. Steve jobs first mac came out with the phrase "take a BYTE from apple" this came up with the logo.

    ReplyDelete
  7. in IBM logo 7 white strip define 7 continental in world. That's mean IBM in all over the world.

    ReplyDelete
  8. FedEx- Federal Express : -> means deliveries from one place to another.

    ReplyDelete
  9. They name it as Apple cuz it was the favorite food of steve Jobs. He has given some time to his team to come up with a name for the new company. By the time no one was suppose to come up with a good name therefore he names the company as apple.

    ReplyDelete
  10. Apple company eke name eka apple nisai Apple gediyak logo ekata dala thiyenne
    FedEx kiyanne DHL wage ekak

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොකද සම්පූර්ණම Apple ගෙඩිය නැතිව. එයින් කොටසක් කාල තිබෙන Apple ගෙඩියක් Logo එක සඳහා යොදා ගෙන තිබෙන්නේ

      Delete
  11. https://discussions.apple.com/thread/2812071

    ReplyDelete