Does Your Android Phone Need an Antivirus?
ඔබේ Android දුරකතනය සඳහා ඇත්තටම Anti-Virus මෘදුකාංගයක් අවශ්‍ය වෙනවාද?
නොයෙකුත් මාධ්‍යයන් විසින් වාර්තා කරනු ලබනවා Android දුරකථන සඳහා Malware වගේ වෛරස් පැමිණෙන බවට. ඔවුන් පවසන්නේ Android මෙහෙයුම් පද්දතිය භාවිතා කරන පුද්ගලයින් එම නිසා අනතුරේ බවයි. එයින් අදහස් වෙන්නේ ඔබේ Android දුරකතනයට හෝ ටැබ්ලට් එකට ප්‍රතිවෛරස App එකක් ස්ථාපිත කල යුතු බවද?
මේ වන විට බොහොමයක් දරුණු ගනයේ Malware විශාල සංඛ්‍යාවක් තිබෙනවා Android මෙහෙයුම් පද්දතිය සඳහා පැමිණෙන. නමුත් ප්‍රතිවෛරස මෘදුකාංග නිපදවන එම සමාගම් වලින් පවසන ආකාරයට එවැනි Malware වලින් ඔබට ආරක්ෂා වීමට පුළුවන් වෙනවා ඔබ විසින් කිසිඳු ප්‍රති වෛරස මෘදුකාංගයක් ස්ථාපිත කරගෙන නොතිබුණත්. ඒ සඳහා ඔබ අනුගමනය කල යුතු මුලික උපදෙස් කිහිපයක් තිබෙනවා.
Android Already Checks For Malware
Android මෙහෙයුම් පද්දතිය සතුව තිබෙනවා එහිම අන්තර්ගත කරන ලද "Anti-Virus Feature" එකක්. ඔබ විසින් වෙනත් ප්‍රති වෛරස මෘදුකාංගයක් භාවිතා කිරීමට පෙර. Android සතුව තිබෙන එම Feature එක පිළිබඳව අධ්‍යයනය කර බැලීම බෙහෙවින් වැදගත් වෙනවා.
- Google play apps are scanned for malware :- Google විසින් භාවිතා කරනු ලබනවා නමින් "Bouncer" ලෙස හඳුන්වන සේවාවක් ස්වයන්ක්‍රීයවම "Google play Store" එකේ තිබෙන Apps පරික්ෂා කිරීමට malware සඳහා. App එකක් Upload කල ක්‍ෂනිකව "Bouncer" විසින් එම App එක පරික්ෂා කරනු ලබනවා අනෙකුත් හඳුනා ගෙන තිබෙන malware, Trojans සහ Spyware සමග සංසන්ධනය කරමින්. හැම App එකක්ම Run කරනු ලබන්නේ ව්‍යාජ වටපිටාවක ( Simulated Environment ) ඒ මොකද එම App එකේ යම් කිසි දුෂ්ට සහගත හැසිරීමක් තිබෙනවාද යන්න පිළිබඳව පෙර තියාම හඳුනා ගැනීමටයි .
- Google play can remotely uninstall apps :- ඔබ විසින් Install කර තිබෙන App එකක් ටික කාලයක් ගොස් හඳුනාගනු ලැබුවොත් එහි යම්කිසි දුෂ්ට සහගත ලෙස හැසිරීමක් ( malicious) ඇතැයි කියා . Google වලට හැකියාව තිබෙනවා ඔබේ දුරකතනයේ තිබෙන එම App එක දුරස්ථ පාලකව Uninstall කිරීමට.
- Android 4.2 blocks premium rate SMS messages :- Android 4.2 විසින් වළක්වනවා " premium rate SMS messages " යැවීම සමහර apps මගින් සිදු කරනු ලබන. එවැනි ආකරයේ දෙයක් සිදු කරනවා කියල හඳුනාගත් ක්‍ෂණිකවම එමගින් ඔබව දැනුවත් කරනු ලබනවා. Malware නිර්මාණය කරන අය විසින් මෙම තාක්ෂනය භාවිතා කරනු ලබනවා ඔබේ දුරකතනයේ බිල වැඩි කිරීමට සහ ඔවුන්ට මුදල් උපයා ගැනීමට.
- Android 4.2 scans sideloaded apps :- "Google Play Store" එකෙන් ඔබ install කරගනු ලබන apps "malware" සඳහා පරික්ෂා කර තිබෙන නිසා ගැටළුවක් නැහැ, නමුත් ඔබ එයට පිටින් බාගෙන install කරනු ලබන apps එලෙස පෙර පරික්ෂාවට ලක් කරනු ලැබු ඒවා නොවෙයි. ඔබ විසින් එලෙස ඔබේ දුරකතනයට app එකක් install කිරීමට සැරසෙන විට. ඔබෙන් විමසනු ලබනවා එම app එක ආරක්ශිතද කියා තහවුරු කරගැනීමට අවශ්‍යද කියන කරුණ පිළිබඳව. එමගින් තහවුරු කරගැනීමට පුළුවන් වෙනවා ඔබේ දුරකථනය සඳහා ඔබ ස්තාපිට කොට තිබෙන සියලුම apps malware සඳහා පරික්ෂා කරනු ලැබූ ඒවා බවට. මෙම පහසු කම අතුලත් වී තිබෙන්නේ Android 4.2 වල බව කරුණාවන් සලකන්න.
- Android restricts apps : - Android හී අවසරය සහ "Sandboxing System" කියන තාක්ෂනය උපකාරී වෙනවා ඕනෑම malware එකක් යම්කිසි සීමාවකට කොටු කර තබා ගැනීමට. එම හේතුව නිසා Apps වලට හැකියාවක් නැහැ "Background" එකේ සිටිමින් ඔබ විසින් ඇතුලත් කරනු ලබන Password සහ ආරක්‍ෂිත දත්තයන් දෙස විපරමින් සිටීම. උදාහරණයක් විදියට "Online Banking" පිලිබඳ රහසිගත තොරතුරු. තව දෙයක් තමයි apps විසින් ප්‍රසිද්දියේ ප්‍රකාශ කල යුතු වෙනවා ඔවුන්ට අවශ්‍ය කරන අවසරයන් app එක install කිරීමට ප්‍රථම.
Where does malware come from?
ප්‍රතිවෛරස මෘදුකාංග නිපදවන ප්‍රමුඛ පෙලේ ආයතනයක් වෙන "McAfee" විසින් සිදු කරනු ලැබූ අධ්‍යනයන් මගින් හොයා ගෙන තිබෙනවා 60% පමණ ප්‍රමානයක් "Android malware sample" ලබා ගෙන තිබෙන්නේ malware වල එකම පවුලකින් බවයි. එය "Fake Installer" ලෙස හඳුන්වන්න පුළුවන්. ඒවා පැමිණෙන්නේ නීත්‍යානුකූල apps ලෙස වෙස් වලාගෙනයි. එවැනි apps ලබා ගැනීමට පුළුවන් වෙන්නේ Official වෙබ් අඩවි ලෙස පෙනී සිටින රැවටලිකාර වෙබ් අඩවි වලින්.
Android 4.2 වල තිබෙනවා එහිම අන්තර්ගත කරනලද "malware protection" එකක්. එයට හැකියාව තිබෙනවා "FakeInstaller" එකක් install කල ක්‍ෂණිකවම එය හඳුනා ගැනීමට. එසේ හඳුනා ගනු නොලැබුවත් එවැනි app එකක් මගින් "SMS message" යැවීමට තැත් කලොත් වහාම් ඒ පිළිබඳව ඔබ දැනුවත් කරනු ලබනවා.
Android වල පැරණි සංස්කරණයන් වලදී නම්, ඔබට හැකියාව තිබෙනවා ආරක්ෂාව සලසා ගැනීමට "Google Play Store" වගේ නීත්‍යානුකූල අව්‍යාජ තැනකින් පමණක් ඔබට අවශ්‍ය කරන app install කිරීමෙන්.
F-Secure කියන තවත් ආයතනයක් විසින් සිදු කරනු ලැබූ අධ්‍යනයන් වලදී සොයා ගෙන තිබෙනවා Android malware 28,398 පමණ 2012 වර්ෂයේදී. එම malware වලින් 146 පමණ පැමිණ තිබෙන්නේ "google play store" එකෙනුයි. ප්‍රතිශතයක් විදියට එම ගණන 0.5% වගේ වෙනවා. අනෙකුත් ප්‍රමාණය පැමිණ තිබින්නේ "google play store" එකට පිටිනුයි. එම ප්‍රමාණය 99.5% පමණ වෙනවා.
Do you need an Antivirus
ඉහතදී සිදු කරන ලද අධ්‍යයනයන් විසින් හෙළි කරනු ලබන එකම සත්‍යය නම් වඩාත් වැඩි ලෙස malware පැමිණෙන්නේ "Google play store" එකට පිටින් බවයි. ඔබ යම් කිසි app එකක් ස්ථාපිත කරගැනීමට ප්‍රථම විශේෂයෙන්ම සොයා බැලිය යුතු දෙයක් තමයි එම app වලට අවශ්‍ය කරන අවසරයන් පිළිබඳව. උදාහරණයක් විදියට ඉතාමත් සුළු app සංඛ්‍යාවක් sms යැවීම සඳහා ඔබගෙන් අවසරය පතනවා.
ඔබ app ස්ථාපිත කරගන්නේ "Google Play" වලින් පමණක් නම්. ඔබට ඇත්තටම Anti-Virus මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඊට අමතරව "Google Play" වලට පිටිනුත් app install කරනු ලබනවානම්. ඕබ ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපිත කරගත යුතු වෙනවා.
ඔබට Anti-Virus මෘදුකාංගයක් අවශ්‍ය වෙනවනම් ඒ සඳහා නොමිලේම ලබා ගන්න පුළුවන් හොඳම එකක් තමයි "Avast Mobile Security" කියල කියන්නේ.
Avast Mobile Security
good Information, Thanks!
ReplyDeleteNokia symbiyan ganath kiyanna.
ReplyDeleteThanks
ReplyDeleteThanks a lot
ReplyDeletethanks
ReplyDeleteThanks
ReplyDeleteavast free antivirus එක ප්‍රමාණවත්ද?? මම හැදුවේ සල්ලි දීලා kaspersky වගේ එකක් දාගන්න..හදිස්සියෙන් හරි වයිරස් එකක් ඒවිද කියලා හිතලා..avast free antivirus එක ප්‍රමාණවත්ද??
ReplyDeletethanks for informations...
Android Market එකෙන් පිටින් apps install කරන්නේ නැත්තම් ඔයාට වෛරස් ගාර්ඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එහෙම කරනවානම මුදල් ගෙවා ලබා ගන්න පුළුවන් එකක් භාවිතා කරන්න. මොකද ඒවා වල පහසුකම් ගොඩක් තියෙනවා නොමිලේ ලබා දෙන ඒවා වලින් ලබා ගැනීමට නොහැකි
ReplyDeleteඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක antivirus apps 2ක් තිබිමෙන් එහි කාර්යක්ෂමතාව අඩුවීමට හෝ වෙන යම්කිසි දෙයක් සිදුවීමට හැකියාවක් තිබෙනවාද ?
ReplyDeleteප්‍රති වෛරස app දෙකක් run කරන්න යන්න එපා. එකෙන් දුරකතනයේ වේගය අඩාල වෙනවා.
ReplyDelete