Everything You Need to Know About Refreshing and Resetting Your Windows 8 PC
Windows 8 වල තිබෙන "Refresh" සහ "Reset" කියන පහසුකම් පිළිබඳව ඔබ දැනුවත්ද?
Windows මෙහෙයුම් පද්දතිය භාවිතා කරන බොහොමයක් පුද්ගලයින් විසින් මෙහෙයුම් පද්දතියේ යම්කිසි දෝෂයක් පැනනැගුන විට සිදු කරනු ලබන්නේ නැවත අලුතෙන් Windows මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කිරීමයි. Windows 8 මෙහෙයුම් පද්දතිය සඳහා අලුතෙන් ඇතුලත් කර තිබෙන "Refresh" සහ "Reset" කියන Option මගින් පහසුවෙන්ම පරිගනකය "Factory Default Configuration" වලට Restore කරගැනීමට පුළුවන් වෙනවා. එමගින් බොහොමයක් පද්දති දෝෂයන් නිරාකරණය කරගැනීමට පුළුවන් වෙනවා.
එය හරියට ජංගම දුරකථන වල තිබෙන "Reset to factory defaults" කියන Option එකට සමාන කරන්න පුළුවන්. ඒවගේම තමයි ඔබට හැකියාව තිබෙනවා "Refresh Image" එකක් හදාගෙන පරිගනකය boot නොවෙන විටකදී වුනත් එම පහසුකම් වල පිහිට ලබා ගැනීමට.
"Refresh" සහ "Reset" අතර ඇති වෙනස
Windows 8 සතුව තිබෙනවා "Factory Reset" Option දෙකක්. ඒවා නමින් "Refresh" සහ "Reset" ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ දෙකින්ම සිදු කරනු ලබන්නේ ඔබේ මෙහෙයුම් පද්දතිය Install කර මොහොතේ තිබු තත්වයටම පත් කිරීමයි. "Reset" කියන පහසුකම මගින් සියලුම ඔබේ පෞද්ගලික දේවල් මකා දමන අතර "Refresh" මගින් ඔබේ Files සහ Install කරන ලද "Modern Programs" ආරක්ෂා කරනු ලබනවා.
ඔබ පරිගනකය "Refresh" කරන විට
- Windows විසින් ( Personal Files, Personalization Settings, Installed Modern Apps) ආරක්ෂා කරනු ලබනවා.
- Windows විසින් ඔබේ පරිගනකයේ Settings "Reset" කරනු ලබනවා.
- Install කර තිබෙන "Desktop Programs" සියල්ලම මකා දමනවා. එලෙස මකා දමන ලද "Programs" ලැයිස්තුව ඔබේ Desktop එකෙහි Save වෙනවා.
"Reset" කිරීමේදී සිදු වෙන්නේ පරිගනකයේ තිබෙන "Settings", "Desktop Programs " සියල්ලම පාහේ මකා දැමීමයි. නමුත් "Refresh" වලට හැකියාව තිබෙනවා "Personal Files" ඉවත් කිරීමකින් තොරව අලුතෙන්ම Windows මෙහෙයුම් පද්දතිය ස්තාපිට කර ආකාරයට ඔබේ පරිගනකය පත් කිරීමට.
ඔබ පරිගනකය "Reset" කරන විට, Windows විසින් සියල්ලම මකා දමනවා. එය හරියට Hard Drive එක Format කර අලුතෙන් Windows මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කරා වගේ කියල කියන්න පුළුවන්.
ඔබ විසින් පරිගනකය Reset හෝ Refresh කල යුතුද ?
ඔබේ පරිගනකයේ යම් කිසි දෝෂයක් පැන නැගී ඇති බව ඔබට දැක ගන්නට ලැබෙනවානම් සහ එය නිරාකරණයට පත් කර ගැනීමට අවශ්‍ය නම්. පළමුව ඔබට පුළුවන් "Refresh" මගින් ඒ සඳහා උත්සහ කර බැලීමට. Windows විසින් පරිගනකයේ "System Files" සහ "Desktop Programs" එහි "Default" තත්වයට පත් කරනු ලබනවා. ඒවගේම ඔබේ Personal Files වලට කිසිඳු හානියක් සිදු කරනු ලබන්නේ නැහැ.
ඉහතදී ඔබේ ගැටලුව විසඳුනේ නොමැතිනම්. ඔබට පුළුවන් පරිගනකය "Reset" කිරීමට. එයින් පරිගනකය "Factory Default State " එකට පත් වෙනවා. එයින් ඔබේ "Personal Files" සම්පූර්ණයෙන්ම මැකී යනවා.
"Refresh" සහ "Reset" කරගන්නේ කෙසේද?
ඔබේ පරිගනකය ක්‍රියාකාරී තත්වයේ තිබෙනවානම්. ඔබට පුළුවන් පහසුවෙන්ම "Refresh" හෝ "Reset" කරගැනීමට "PC Settings" වලින්.
ඔබේ පරිගනකයේ windows 8 මෙහෙයුම් පද්දතිය boot වෙන්නේ නැතිනම්. ඔබට පුළුවන් boot menu එකෙන් "Refresh" හෝ "Reset" කර ගැනීමට.
නිවැරදිව Boot Menu එක හරහා ඒ වෙත පිවිසීමට මේ වීඩියෝ එක බලන්න
Windows විසින් ඔවුන්ගේ අලුත්ම මෙහෙයුම් පද්දතිය වන Windows 8 සඳහා ඇතුලත් කරන ලද මෙම පහසුකම් මගින් ඔබට ඔබේ පරිගනකයේ ඇති වෙන දෝෂයන් නිරාකරණය කර ගන්නට අවස්තාව ලැබෙනවා. ඒ සඳහා මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි කියා අප සිතනවා.
Nice Post machn.. all the best.
ReplyDeleteHow to get start button on windows 8?
ReplyDeleteApi e gana lipiyak damma. SErch karala balanna blog eke athi
Deletemage lp 1 DEll i5,, Pen 1k, Device 1k gahaddi HDD 1n wage authu saddayak awith thama ON wenne a ai,, HDD eke awlakda
ReplyDeletenice.........................
ReplyDeleteටොප් post එක .
ReplyDeletelog on passward eka amathakay karnna deyak eththema nedda
ReplyDeleteNice post
ReplyDeletevaluable post ekak ela ela thanks
ReplyDeleterefresh karahama active karapu eka nathiweida
ReplyDeleteane puluwannam win 7 ho win8 cd akak burn karaganna widiyak kiyannako
ReplyDelete