Top 05 things you didn't know about your Web Browser

ඔබේ Web Browser එකට කරන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් 5ක්. 






කාලයක් තිස්සේ web browser වල ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි Internet Explorer වෙනුවට වඩාත් වැඩිදියුණු කරන ලද අලුත් පහසුකම් වලින් සමන්විත Google Chrome, Mozilla වගේ වෙබ් බ්‍රව්සර් මේ වන විට කරලියට පැමිණ තිබෙනවා. එම වැඩිදියුණු කරන ලද වෙබ් බ්‍රව්සර් වලින් කරගන්න පුළුවන් බොහොමයක් දේවල් පිළිබඳව වැඩි දෙනෙක් දැනුවත් නැහැ. මෙම ලිපියෙන් අපි උත්සහ කරනවා ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සර් එකෙන් කරගන්න පුලුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. 


Drag And Drop to Upload

පැරණි වෙබ් බ්‍රව්සර් මගින් අන්තර්ජාලයට යමක්  Upload කිරීමේදී අපිට සිදු වෙනවා  බටන් එකක් මත click කර එම අදාල file එක තේරීමට. නමුත් වැඩි දියුණු කරන ලද වෙබ් බ්‍රව්සර් වල පැමිණීමත් සමග එම තත්වය දැන් වෙනස් වී තිබෙනවා. එම වෙබ් බ්‍රව්සර් මගින් අවස්තාව ලබා දෙනවා එම අදාල file එක ඇදගෙන විත් අත හැරීමෙන් upload කිරීමට. උදාහරණයක් විදියට gmail සහ facebook ඇතුලත්ව තවත් බොහොමයක් වෙබ් අඩවි වලට යමක් upload කිරීමේදී "Drag And Drop" ක්‍රමයට upload කරන්නට පුලුවන් . 






Render 3D Graphics in the Browser 


Chrome සහ Firefox වැනි බ්‍රව්සර් වලට කිසිඳු අමතර "pluging" එකක් ස්ථාපිත කරන්නේ නැතිව  "3D Graphics" පෙන්වීමට සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මෙම බ්‍රව්සර් වල තිබෙන එම සුවිශේෂී පහසුකම හඳුන්වන්නේ WebGL යනුවෙන්. විශේෂයෙන්ම මෙම පහසුකම භාවිතා කරන්නේ ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවන් වල තිබෙන ත්‍රිමාණ වස්තු දර්ශනය කිරීමටයි.  ඒවගේම වඩාත් ජනප්‍රිය සේවාවක් සපයන Google Map වෙබ් අඩවියද WebGL තාක්ෂනය භාවිතා කරනවා. ඔබ Chrome වෙබ් බ්‍රව්සර් එකෙන්  Google Map නරඹන විට එහි තිබෙන සුවිශේෂී පහසුකමක් වෙන "MapsGL" සක්‍රීය කිරීමෙන් සජීවිකරණද  සමගින් වඩාත් විශිෂ්ඨ ලෙස "Street View" එක නරඹන්නට හැකියාව තිබෙනවා. 




Play Videos and Music Without Flash


(HTML5 Video) කියන තාක්ෂනයට අනුව වෙබ් බ්‍රව්සරයට  Flash ස්ථාපිත නොකර අන්තර්ජාලයේ තිබෙන Mp4,WebM සහ ogg වගේ ෆයිල් ෆොර්මැට් play කිරීමට හැකියාව තිබෙනවා. Chrome සහ Mozilla වෙබ් බ්‍රව්සර් වල මෙම පහසුකම අන්තර්ගත කර තිබෙනවා. අද වන විට YouTube ද ඇතුලත්ව බොහොමයක් වීඩියෝ වෙබ් අඩවි මෙම තාක්ෂනය භාවිතා කරනවා. එම නිසා ඔබට Flash Player වල අවශ්‍ය තාවයක් ඇති වෙන්නේ නැහැ. 







Access Your Webcam and Video Conference 

ඔබේ පරිගනකයේ සවිකර තිබෙන  වෙබ් cam එක හැසිරවීම සඳහා වෙබ් අඩවි වලට මේ වන විට හැකියාව තිබෙනවා. සමහරක් වෙබ් අඩවි මෙම පහසුකම භාවිතා කරමින් ඔබේ Profile එකට චයාරූපයන් අරගැනීම වීඩියෝ රෙකෝඩ් කිරීම වගේ දේවල් සිදු කරනවා. ඒවගේම කිසිඳු අමතර plugin එකක් ස්ථාපිත නොකර එකිනෙකට වෙනස් වෙබ් බ්‍රව්සර් මගින් වීඩියෝ චැට් කිරීමටද හැකියාව තිබෙනවා . නුදුරු අනාගතයේදී Skype හී වීඩියෝ චැට් කිරීමද වෙබ් බ්‍රව්සර් එකෙන්ම සිදු කරගන්නට හැකියාව ලැබෙනු ඇතයි විශ්වාස කරන්නට පුළුවන්. 


Identify Your Location


ඔබ භාවිතා කරන්නේ GPS පහසුකම ඇතුලත් Tablet, Smartphone වගේ උපකරණයක් නම් වෙබ් බ්‍රව්සරයට හැකියාව තිබෙනවා ඉතාමත් නිවැරදිවම ඔබ සිටිනා ස්ථානය හඳුනා ගැනීමට. ඔබේ උපකරණයේ තිබෙන GPS දෘඩාංග කොටස භාවිතා කරමින් තමයි එලෙස ඔබ සිටිනා ස්ථානය නිවැරදිවම හඳුනා ගැනීමට බ්‍රව්සර් එක ක්‍රියා කරන්නේ . GPS පහසුකම නොමැති උපකරණ වලදී අන්තර්ජාල සේවාව සපයන්නා (ISP) මගින් සහ ලඟම තිබෙන WiFi Network මගින් දල වශයෙන් ඔබ සිටිනා තැන පැවසීමට බ්‍රව්සර් වලට හැකියාව තිබෙනවා. 




මෙම ලිපිය මගින් ඔබේ දැනුමට යමක් එකතු වුනා නම් comment එකක් දමා යන්නට අමතක කරන්න එපා. 


0 comments: