Glowing Roads

පුංචි Spray එකකින් කරපු ලොකු වැඩක්. 



බලශක්තිය නිපදවීම සඳහා භාවිතා කරන ස්වභාවික සම්පත්වල හිඟ තාවය හේතුවෙන් නුදුරු අනාගතයේදී විශාල බලශක්ති අර්බුධයකට මුහුණ දීමට සිදු වීම නොවැලක්විය හැකි කරුණක්. එම තත්වයට මුහුණ දීමට නම් විකල්ප බලශක්ති ප්‍රභවයන් අප විසින් සොයාගත යුතු වෙනවා. ඒ සඳහා විද්‍යාඥයන් මේවන විටත්  කටයුතු කරමින් පසු වෙනවා. 


වීදි ආලෝක කරනය සඳහා භාවිතා කරන විදුලි බල්බයන් සඳහාද විශාල වශයෙන් විදුලි බලය වැය වෙන බව ඔබ දන්නවා ඇති. ඒ සඳහා වැයවෙන විදුලි බලය යම් තරමකින් හෝ අවම කරගැනීම සඳහා වීදී ලාම්පු විදියට භාවිතා කාල හැකි විකල්ප ක්‍රමවේදයක් බ්‍රිතාන්‍යයේ Pro-Tech ආයතනය විසින් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. 



විදුලි ලාම්පු වෙනුවට වීදී ආලෝකකරණය සඳහා භාවිතා කරනු ලැබූ විකල්ප බලශක්ති ක්‍රමවේදය කුමක්ද යන්න ඔබට ඉහත පින්තූර නැරඹීමෙන් දැකගන්නට ලැබෙනවා ඇති. 

හොඳයි එහෙනම් දැන් බලමු එම අපූරු තාක්ෂනය කුමක්ද කියා. මුළු වීදියම වැසෙන ලෙස spray කර තිබෙන එම ද්‍රව්‍යය මුළු දහවල් කාලයේම සුර්යගෙන් නිකුත් වෙන (UV) ආලෝකය උරාගෙන රාත්‍රියේදී ඉතාමත් දීපත්මත් ආලෝකයක් පිටකරනු ලබනවා.  රාත්‍රියේදී නිකුත්කරන එම ආලෝකය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වීදී ලාම්පු නිවා දැමුවත් වීදිය සඳහා අවශය කරන ප්‍රමාණවත්  ආලෝකයක් එයින් ලැබෙනවා. ඒවගේම වැදගත්ම දෙය තමයි spray කරන ලද එම ද්‍රව්‍යයට ජලය මගින් කිසිඳු බලපෑමක් එල්ල වෙන්නේ නැහැ මොකද එය ජල ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරනවා. නිල්, රතු කොළ සහ රත්‍රන් පාටින්ද මෙම ද්‍රව්‍යය ලබා ගන්න පුළුවන්. 





වීදී ලාම්පු සඳහා විකල්පයක් විදියට භාවිතා කරන්න පුළුවන් වෙන මෙම spray එක  සඳහා විශාල ප්‍රතිචාරයක් ලෝකයෙන් ලැබෙනු ඇතැයි  Pro-Teq ආයතනය විශ්වාස කරනවා. 



මේ පිළිබඳව පෞද්ගලික මතයක් ඔබටද ඇති. එම මතය පහතින් comment එකක් මගින් දක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

0 comments: