US Army Iron Man Suit

2014 ජුනි මස අත්හදා බැලීමට නියමිත ඇමරිකානු හමුදාවේ (Iron Man) ඇඳුම් කට්ටලය.




Iron Man කියන්නේ බටහිර සිනමාවේ සුපිරි චරිතයක්. ඔබ එම චිත්‍රපටය නැරඹුවානම් එම  වීරයා පැළඳ සිටින සුපිරි යකඩ ඇඳුම් කට්ටලය පිළිබඳව ඔබ දන්නවා ඇති. එම ඇඳුම් කට්ටලය පැළඳ සිටින ඕනෑම පුද්ගලයෙකු සුපිරි වීරයෙක් කිරීමට තරම් අධි තාක්ෂණික බලයක් එහි තිබෙනවා. 


2012 වර්ෂයේදී ඇමරිකානු හමුදාව විසින් ප්‍රකාශ කර සිටියා ඔවුන් Iron Man ඇඳුම් කට්ටලයට සමාන අධි තාක්ෂණික ඇඳුම් කට්ටලයක් නිර්මාණය කරමින් සිටින බව.  TALOS (Tactical Assault Light Operator Suit)  ලෙස නම් කර තිබෙන එම ඇඳුම නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව විසින් ලෝකයේ තිබෙන සියලුම සුපිරි තාක්ෂනයන් යොදා ගනු ලබන බවට නම් කිසිඳු සැකයක් නැහැ.


බොහෝ දුරට වැඩ අවසන්ව පවතින එම ඇඳුම් කට්ටලය අත්හදා බැලීම සඳහා ඇමරිකාව විසින් 2014 වර්ෂයේ ජුනි මස දිනයක් වෙන් කරගෙන තිබෙන බව (Defense Tech Reports) වෙබ් අඩවිය නිලවශයෙන් වාර්තා කර සිටිනවා.




සුපිරි පහසුකම් වලින් සමන්විත මෙම ඇඳුම් කට්ටලයේ සමහරක් පහසුකම් දැනටමත් සන්වර්ධනය කර තිබෙන අතර අනෙකුත් පහසුකම් ඉදිරියේදී ඇතුලත් කිරීමට නියමිතව තිබෙනවා. උදාහරණයක් විදියට අවසාන සංස්කරණය සඳහා (liquid amour system) කියන පහසුකම ඇතුලත් කිරීමට ඔවුන් බලාපොරොත්තුව සිටිනවා. 




සොල්දාදුවාගේ ශරීර සෞඛ්‍ය තත්වය නිරන්තරයෙන් විශ්ලේෂණය කරමින් අවශ්‍ය කරන උපදෙස් ලබාදීම සිදු කරන අතර  වඩාත් අවධානම් තත්වයකදී හයිඩ්‍රජන් සපයමින් ජීවිතය රැක ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දීමටද  මෙම ඇඳුම් කට්ටලය ක්‍රියා කරනවා.  තවදුරටත් වැඩිදියුණු කිරීමට   බලාපොරොත්තු වෙන මෙම ඇඳුම් කට්ටලය  වැඩිදියුණු  කිරීම සඳහා සමාගම් 56 ක, විශ්වවිද්‍යාල 16ක සහ විද්‍යාගාර 10ක සහයෝගය  ඇමරිකානු හමුදාවට ලැබෙනවා. 


සටන් බිමේදී හමුදා සොල්දාදුවන්ගේ මල සිරුරු ගණන අඩු කරගැනීම මගින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සහ තවත් බොහෝ දෙනෙක්ගේ ජීවිත බේරා ගැනීමට මෙමගින් හැකිවෙනු ඇතැයි  ව්‍යාපෘතියේ නායකත්වය ගෙන කටයුතු කරන "මයිකල් ෆීල්ඩ්සන්" මහතා විශ්වාස කරනවා. 



මෙම ජුනි මස පැවැත්වීමට නියමිත අත්හදා බැලීමෙන් පසුව 2018 වර්ෂය වෙන විට මෙම අධිතාක්ෂණික සුපිරි ඇඳුම් කට්ටලය පැළඳ සිටින ඇමරිකානු හමුදා සෙබලා සටන් බිම වෙත ප්‍රවිෂ්ඨ කිරීමට ඇමරිකාව බලාපොරොත්තුව සිටිනවා. 


මෙම ඇඳුමේ තිබෙන සමහරක් පහසුකම් සහ තාක්ෂනයන් ඇමරිකාව විසින් මාධ්‍යයට ඉදිරිපත් කර නොමැති අතර  ඒවා අතිශය රහසිගත ලෙස ලෝකයෙන් වසන් කරගෙන සිටීමට ඔවුන් උත්සහ කරනවා . 





මෙම ඇඳුම සහ ඇමරිකාවේ මෙම ප්‍රයත්නය පිළිබඳව ඔබ දරන මතය comment එකක් මගින් දක්වන්න. 

0 comments: