You Cannot Stain This Shirt

ඔබ කොපමණ උත්සහ කලත් මෙම කමීසයේ එකඳු පැල්ලමක් වත් ඇතිකළ නොහැකියි.



ඔබ වඩාත්ම ප්‍රියකරන කමීසයේ පැල්ලමක් ඇතිවුනහොත් ඔබට එය කෙසේ දැනේවිද? සමහර දෙනෙක්ට මෙවැනි අත්දැකීම වලට දිනපතා මුහුණ දීමට සිදු වෙනවා. තවදුරටත් ඔබට වද වීමට සිදු වෙන්නේ නැහැ තේ, කොපි වැනි දෙවල් වලින් ඇති වුන පැල්ලම්  පිළිබඳව. මොකද මෙම කමීසයේ කිසිඳු ආකාරයකින් පැල්ලමක් ඇති වෙන්නේ නැහැ. එම නිසා එය ( Stain-Free) කමීසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 




"Kickstarter" කියන සමාගමේ අරමුදල් ඇතිව තමයි මෙම අපූරු කමීසය නිර්මාණය කර තිබෙන්නේ. මෙහි තිබෙන සුවිශේෂී පහසුකම තමයි ද්‍රවමය ද්‍රව්‍ය විකර්ෂණය කිරීම. මෙම සොයාගැනීමෙයි පිටුපස සිටින්නේ " Amir Patel" කියන පුද්ගලයා. මෙය කමීසයෙහි රෙද්ද නිර්මාණය කර තිබෙන්නේ ඉතා සියුම් "silica" අංශු වලින්. එය රෙද්දෙහි තිබෙන තන්තු සමග එකට බැදී පවතිනවා. එය හරියට කමීසය වටා ආරක්‍ෂිත භාධකයක් ලෙස පැතිරී තිබෙනවා. අන්න එම හේතුව නිසා තමයි ද්‍රවමය ද්‍රවය පහලට ඇදී වැටෙන්නේ කමීසයට කිසිඳු හානියක් සිදු නොකර.



"Kickstarter" කියන සමාගම එය හඳුන්වන්නේ " තමා විසින්ම පිරිසිඳු වෙන ජලභීතික( hydrophobic) නැනෝ තාක්ෂනය ලෙසයි " එම තාක්ෂණය ඇත්තටම විශ්මය ජනකයි. මේ පහතින් ඔබ දකින්නේ එම කමීසය භාවිතා කරමින් පවත්වන පරීක්ෂණ කිහිපයක්. 





9 comments: