Dubai Makes a New World Record
මල්වෙඩි 500,000 මිනුත්තු 6ක් තුල පුපුරවමින් අලුත් ලෝක වාර්තාවල් පිහිටු වීමට ඩුබායි සමත් වෙයි.
2013 අවුරුද්දේ අවාසාන හුස්ම අරගන්නවාත් සමගම විශාල ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වූ ඩුබායි රට ගිනස් වාර්තා පොතේ පිටු අතරට තමන්ගේ නම එකතු කරගනු ලැබුවා. අලුත් අවුරුදු සන්ධ්‍යාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ ඔවුන් මුළු ලෝකයේම අවධානය තම රටට ඇදගනීමට සමත් වී තිබෙනවා.
දුටුවන්ගේ නෙත්සිත් පැහැරගැනීමට සමත් වූ එම විශ්මිත දර්ශනය නිමා වුයේ මිනිත්තු 6ක කාලයකදී මල්වෙඩි 500,000 ක් පමණ පුපුරවා හරිමිනි. එම ගිනිකෙළි සංදර්ශනය සැතප්ම 62ක ප්‍රමාණයක් ආවරණය කරමින් පැවතුනු අතර එයින් නිකුත් වූ මහත් ආලෝකය මධ්‍යම රාත්‍රිය වුවද දහවලක් සේ දිස් කරවීමට සමත් වී තිබෙනවා. මෙම සංදර්ශනය පැවැත්වීම සැලසුම් කිරීම සඳහා පරිගණක 100ක පමණ සහය අවශ්‍ය වී තිබෙන අතර එය විධිමත්ව සැලසුම් කිරීමට මාස 10 ක කාලයක් ගත වී තිබෙනවා. මෙම ගිනිකෙළි සංදර්ශනය පැවැත්වීම සඳහා ඔවුන් වියදම් කර තිබෙන මුදල වෙන්නේ ඩොලර් මිලියන 6ක්.
මින් පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියන ලද්දේ 2012 අවුරුද්දේ කුවේට් හී පැවැත්වූ අලුත් අවුරුදු මල් වෙඩි සංදර්ශනයයි. ඔවුන් ඒ සඳහා භාවිතා කර තිබෙන්නේ මල්වෙඩි 77,282 ක් පමණි.
මේ පහත තිබෙන්නේ 2014 අවුරුද්දේ ඩුබායි වල පැවත්වූ උත්කර්ෂවත් මල්වෙඩි සංදර්ශනයයි. එය youtube හී සජීවීව විකාශනය කරන ලද්දක්. පහතින් එය නරඹන්න.
0 comments: