Camouflage Uniform Changes Colour With Weather
පාරිසරික තත්වයට අනුව පාට වෙනස් කරන කැමා නිළ ඇඳුමක්.
වෙස්වලාගෙන සැඟවී ගමන් කිරීමට හැකි මෙවැනි ඇඳුම් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ හමුදා නිලධාරීන් සහ දඩයම් කරුවන් පමණයි. ඔවුන් පළඳින මෙවැනි ඇඳුම් නිර්මාණය කරන්නේ අවට වටපිටාවේ තිබෙන වර්ණයන් සමග වඩාත් ගැලපෙන ආකාරයටයි . එහි වර්ණයන් සහ රටාවන් අවට වටපිටාව සමග එකිනෙකට වඩාත් බැදී පවතින නිසා ඉලක්කය වෙත සාර්ථකව ලංවෙන්න පුළුවන්.
අප මෙහිදී කතා කරන සුපිරි ඇඳුම පවතින කාලගුණය සහ අවට පරිසරය අනුව එහි වර්ණයන් ස්වයංක්‍රීයවම වෙනස් කරනවා. එම නිසා එකම ඇඳුම වුනත් ඕනෑම තැනකදී භාවිතා කරන්න පුළුවන්. එය පරිසරයට ඉබේම අනුගත වෙනවා.
මෙම ඇඳුම සඳහා භාවිතා කර තිබෙන්නේ උෂ්ණත්ව සංවේදී සායම් වර්ගයක්. එම නිසා උෂ්ණත්වයේ වෙනස් වීම් වලට මෙය ප්‍රතිචාර දක්වනවා. තවද කාලගුණ තත්වයට අනුව ස්වයන්ක්රීයවම වර්ණයන් වෙනස් වීමද එමගින් සිදු වෙනවා. උෂ්ණත්වය අංශක 65ට වඩා වැඩි අගයක් ගන්න විට ඇඳුමෙහි වර්ණය හරිත වර්ණයෙන් දිස් වෙනවා. උෂ්ණත්වය අංශක 65ට වඩා අඩු වෙන විට හරිත වර්ණය කෙමෙන් දුඹුරු පැහැයක් ගනු ලබනවා.
කොහොම නමුත් මෙම තාක්ෂනය මගින් අලුත් අදහස් සඳහා දොරගුල් විවුර්ත කර තිබෙනවා. ඔබ එකම ඇඳුමක් භාවිතා කරත් එය සියලුම කාලයන් සඳහා ගැලෙපෙන විදියට විලාසිතානුකූලව ස්වයන්ක්රීයවම සකස් වීම කෙතරම් විශ්මයජනකද?
thankx me gana danuwath kalata.dugatama hoda ma posst danna
ReplyDelete