Why Using a Public Wi-Fi Network Can Be Dangerous

පොදු ස්ථාන වල තිබෙන WiFi Network භාවිතාකිරීම අනතුරු දායක වෙන්නේ ඇයි? 



"කිසිවිටෙක ඕන්ලයින් බැන්කින් වගේ රහස්‍යමය කටයුතු පොදු Wifi network එකක් තුලදී සිදු කරන්න එපා". ඇත්තටම පොදු wifi network එකක් භාවිතා කිරීම අනතුරු දායක වෙන්නේ ඇයි? ඔබ ඔන්ලයින් බෑන්කින් සිදු කරන වෙබ් අඩවිය encrypt කරන ලද එකක් වුවත් පොදු wifi network එකක් තුල එය සිදු කිරීම ආරක්‍ෂිත වෙන්නේ නැහැ. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි. 

එවැනි පොදු ස්ථානයක තිබෙන wifi network එකක් භාවිතා කිරීම නිසා ඔබට මහත්වූ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වෙනවා. විවුර්ත භාවයෙන් යුතු එවැනි network මගින් ඉඩ ලබා දෙනවා අනුන්ගේ තොරතරු සෙවීමට. තවද එම network එක දුෂ්ට සිතැති ( malicious ) එකක් වීමටද ඉඩ තිබෙනවා. 


අනුන්ගේ දේ සොයාබැලීම 

ඔබේ "network traffic" එක දෙස රහසිගතව බලා සිටින පුද්ගලයන්ගෙන් ආරක්ෂා වීම සඳහා "Encryption" කියන තාක්ෂනය ඔබට උපකාරී වෙනවා. උදාහරණයක් විදියට අපි සිතමු ඔබේ wifi network එක අසල්වාසී පුද්ගලයා භාවිතා කරනවා කියලා. එසේ වුනත් ඔහුට හැකියාව නැහැ ඔබ නරඹන වෙබ් පිටු මොනවාද යන්න සොයා බැලීමට. අන්න එය තමයි "Encryption" කියන තාක්ෂණයේ ඇති වාසිය. ඉහත සඳහන් කල ආකාරයේ network traffic ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාට් ෆෝන් සහ wireless router එක අතර encrypt වෙලා තමයි තියෙන්නේ. ඒ ආකාරයට encrypt වීමක් සිදු වෙන්නේ ( wifi passphrace )  එක මගින්.  

නමුත් ඔබ කෝපි ෂොප් සහ ගුවන් තොටුපළවල් වල තිබෙන විවුර්ත wifi network එකකට සම්බන්ධ වීමේදී එම network එක encrypt වෙලා තිබෙන්නේ නැහැ. ඒ මොකද එවැනි network එකකට සම්බන්ධ වීමේදී password එකක් ඇතුලත් කිරීමට සිදු නොවන නිසා. එවැනි encrypt නොකරන ලද network එකක traffic එක එම සීමාවේ සිටින ඕනෑම කෙනෙකුට දැක ගැනීමට හැකියාව තිබෙනවා. එහිදී ඔබ පිවිසෙන encrypt නොකරන ලද වෙබ් පිටු මොනවාද යන්න පවා පුද්ගලයින්ට දැකගන්නට පුළුවන්. තවද ඔබේ එවැනි වෙබ් පිටු වළ type කරන වචන වුවද දැකගන්නට පුළුවන්. නමුත් ඔබ   encrypt කරන ලද වෙබ් පිටුවකට පිවිසුන පසුව ඔබ එහි සිදු කරන්නේ කුමක්ද යන්නනම් ඔවුන්ට දැකගන්නට බැහැ. 

නමුත් "Firesheep" වැනි මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් පහසුවෙන්ම ඕනෑම කෙනෙකුට හැකියාවක් තිබෙනවා සාමාන්‍ය ආකාරයට කෝපි ෂොප් එකක වාඩි වී සිට විවුර්ත  වූ එම wifi network එකට සම්බන්ධ වී සිටින පුද්ගලයින්ගේ තොරතුරු අනවසරයෙන් සොයා බැලීමට. එම මෘදුකාංගයට වඩා වැඩිදියුණු උසස් මෘදුකාංගත් තිබෙනවා. උදාහරණයක් විදියට "wireshark" හඳුන්වන්න පුළුවන්. ඒ මගින් හැකියාව තිබෙන traffic ග්‍රහණය කරගෙන එවා තර්කනය කිරීමට. 





ආරක්ෂාව සලසා ගැනීම. 

පොදු wifi network එකක් තුල පෞද්ගලික වූ රහසිගත දෙයක් සිදු කරනවානම් සැම විටම encrypted වෙබ් අඩවියකම එය කිරීමට වගබලා ගන්න. ඔබ නිරන්තරයෙන් මෙවැනි network එකක් භාවිතා කරනවානම් මුදල් ගෙවා  VPN සේවාවක් භාවිතා කිරීම යෝග්‍ය වෙනවා. පොදු තැනක තිබෙන විවුර්ත wifi network එකක්  ඔබ භාවිතා කරන සෑම විටකම VPN එකක් හරහා අන්තර්ජාලයට පිවිසෙන්න. එය ඔබේ ආරක්ෂාවට බෙහෙවින් වැදගත් වෙනවා. තවදුරටත් කිසිවෙකුටත් හැකියාවක් නැහැ ඔබේ තොරතුරු අනවසරයෙන් සොයා බැලීමට. 



ඒවගේම වැදගත් දෙයක් තමයි එවැනි network එකකට connect වීමේදී පරිගනකයේ දිනය සහ වෙලාව නිවැරදිව තිබිය යුතු වෙනවා. තවද Firewall පහසුකම සක්‍රීය කරතීමද අනිවාර්ය වෙනවා. 


ඒ වගේම තමයි සම්බන්ධ වෙන විටදී " Public Network" කියන option එක select කරන්න. එය වඩාත් වැදගත් වෙනවා. 



හොඳයි එහෙනම් මෙහි තිබෙන අවධානම ඔබ වටහා ගන්න ඇති කියල හිතෙනවා. මෙම ලිපිය හොඳයිනම් අදහස් පල කරලා යන්නත් අමතක කරන්න එපා. 

3 comments:

  1. machan ethakota airport wala thiyana wifi eken skype fb log wena ekath aulakda

    ReplyDelete
  2. බෝහොම ඉස්තුතිය් දැනුවත් කලාට

    ReplyDelete