FAT 32 vs NTFS

FAT 32 සහ NTFS අතර ඇති වෙනස.




දෘඩ තැටියක  ෆයිල්ස් තිබෙන ආකාරය සටහන්  කරගැනීම සඳහා නිර්මාණය කරපු ( file system) දෙකක් තමයි FAT 32 සහ NTFS කියල කියන්නේ. ( file system) එකක් කියන්නේ දෘඩ තැටියක ධාරිතාවය ප්‍රයෝජනයට ගත යුතු වෙන්නේ කෙසේද යන්න පිළිබඳව අණ කිරීම සඳහා සාදා ගනු ලැබූ තර්කාණු කූල වූ ක්‍රමවේදයක්. ඒ අතරින් NTFS තමයි වඩාත්ම  බලවත් සහ ක්‍රියාකාරී  ( file system) එක වෙන්නේ . එහි තිබෙන උසස් පහසුකම් වලින් සමන්විත තාක්ෂනය වැඩකටයුතු වේගයෙන් සහ පහසුවෙන් කරගැනීමට උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් FAT කියන ෆයිල් සිස්ටම් එක ඉතාමත් සරල ලෙස දත්ත හසුරුවන්නක්, එම හේතුව නිසා යම් කිසි කාර්යක් සිදු කිරීමේදී සෑහෙන වෙලවාක් ඒ සඳහා වැය වෙනවා. 



FAT  සහ NTFS වල මුලාරම්භය.  


FAT ( File Association Table) නිර්මාණය කරනු ලැබුවේ බිල් ගේට්ස් සහ Marc McDonald විසිනි. එනම් 1977 වසරේදීය. FAT හී 32 යනුවෙන් දක්වන්නේ file වල සටහන් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වෙන bit ගන්නයි . ඒවගේම FAT 16 කියන ෆයිල් සිස්ටම් එක ජනප්‍රියව පැවතියේ  4GB දෘඩ තැටි පැමිණෙන තුරු පමණයි. දැන් අපි බලමු NTFS කොහොමද ආරම්භ උනේ කියල . මයික්‍රෝසොෆ්ට් සහ IBM කියන සමාගම් දෙකේ සහයෝගයෙන් තමයි NTFS කියන ෆයිල් සිස්ටම් එක නිර්මාණය උනේ.  ( HPFS) කියන ෆයිල් සිස්ටම් එක මුලික කරගෙන තමයි එය නිර්මාණය කර තිබෙන්නේ. NTFS මුල් වරට දැකගන්නට පුළුවන් වුනේ NT Platform එකේ. නමුත් අද අපි භාවිතා කරන මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම  මෙහෙයුම් පද්දති වලද දැකගන්නට පුළුවන් තරමට එය සංවර්ධනය වී තිබෙනවා. 


 NTFS vs FAT

FAT 32 කියන්නේ ප්‍රධාන වශයෙන් files තිබෙන ස්ථානයන් පිළිබඳව සටහන් විස්තර සහිතව තබා ගෙන සිටින  බොහොම සරල ෆයිල්  සිස්ටම් එකක්. FAT 32 වල තිබෙන එම සරල භාවය නිසාම වැඩි වශයෙන්ම එය භාවිතා කරනු ලබන්නේ  පහසුවෙන් රැගෙන යාහැකි දත්ත ගබඩා කල හැකි උපකරණ ( Portable Device) සඳහායි. උදාහරණයක් විදියට මෙමරි කාඩ්, mp3 ප්ලේයර්ස්, ෆ්ලෑෂ් ප්ලේයර්ස් සඳහන් කරන්න පුළුවන්. නමුත් NTFS ෆයිල් සිස්ටම් එක සංකීර්ණ වූ එකක්. එහි තිබෙන ඉහළ තාක්ෂණික ක්‍රම වේදය මගින් කාර්යක්ෂම තාවය වගේම ආරක්‍ෂිත භාවයද ඉහල මට්ටමකින් සපයනු ලබනවා. ඒවගේම  ( automatic file compression ) කියන පහසුකමද මෙහිදී ලබාගන්න පුළුවන්. තවද admin කෙනෙකුට හැකියාව තිබෙනවා තීරණය කිඊමට දෘඩ තැටියෙන් පරිශීලකයින්ට ලබා දිය යුතු වෙන කොටස කොපමණද යන්න තීරණය කිරීමට. 

FAT 32 සහයෝගය දක්වනවා 2GB මතකයකට වඩා වැඩි මතකයක් තිබෙන  drive සඳහා. හැසිරවීමට හැකි ලොකුම file එක වෙන්නේ 4GB ප්‍රමාණයේ එකක් පමණයි. මෙය ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඔබ උත්සහ කරබලන්න FAT 32 ෆයිල්  සිස්ටම් එකෙන් යුතු pen drive එකකට 4GB වලට වඩා වැඩි file එකක් පිටපත් කරන්න පුලුවන්ද කියා. ඔබට එය කෙසේවත් සිදු කල නොහැකි.  නමුත් NTFS ෆයිල් සිස්ටම් එක FAT 32 එකට වඩා වඩාත් නම්‍යශීලීයි. මෙහිදී සඳහන් කල යුතු වෙනවා NTFS සතුව පවතින තවත් සුවිශේෂී පහසුකම් කිහිපයක්. ඒවානම් encryption, sparse file support, disk usage quotas, distributed link tracing, file compression ලෙස හඳුන්වන්න පුළුවන්. 


වාසි සහ අවාසි පිළිබඳව සොයා බැලීම

FAT 32 ෆයිල් සිස්ටම් එක පහසුවෙන්ම NTFS වලට හරවා ගන්න පුළුවන්. නමුත් NTFS නැවත FAT 32 වලට හරවා ගැනීම ලෙහෙසි වෙන්නේ නැහැ. NTFS විසින් ඉහල ආරක්ෂාවක් සපයනවා. එක පරිගනකයක මෙහෙයුම් පද්දති දෙකකට වඩා පවතිනවානම් එක දෘඩ තැටියක්  හෝ කොටසක් FAT 32 ලෙස ෆොර්මැට් කරගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. නමුත් එක් මෙහෙයුම් පද්දතියක් පමණක් තිබෙනවානම් NTFS භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. 


දැන් ඔබ පරිගනකය ෆොර්මැට් කරනා විට එම ෆයිල් සිස්ටම් පිළිබඳව  දනුවත්ව එය කරාවියැයි අපි සිතනවා. මෙවැනි වැදගත් වූ ලිපි ඔබට සිංහල බසින් දැකගැනීමට හැකියාව තිබෙන්නේ apps lanka තුලින් පමණයි. එම නිසා ඔබේ අදහස් ඉදිරිපත් කර යන්නත් අමතක කරන්න එපා. 



11 comments:

  1. ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්.... පුලුවන්නම් Computer Hardwares වල අලුත් තාක්ෂනයන් ගැන විස්තර ඇතිව පෝස්ට් එකක් දානවද? උදාහරණයක් විදිහට VGA Overclocking වැනි දේ පිළිබඳව.......

    ReplyDelete
  2. api pen 1k NTFS file system 1n format kalot pen 1 speed wenawada Bro?

    ReplyDelete