What is Wi-Fi Direct and How Does It Work?

මොකක්ද මේ WiFi Direct කියන්නේ. 


බොහොමයක් උපකරණ "WiFi Direct" කියන පහසුකම භාවිතා කරනවා. එම පහසුකම මගින් අවස්තාව ලබා දෙනවා "Wireless Router " එකක් නොතිබුණද රැහැන් රහිත "peer-to-peer" සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට. එම හේතුව නිසා WiFi Direct කියන තාක්ෂනය Bluetooth වගේ රැහැන් රහිතව සන්නිවේදනය කල හැකි පහසු  ක්‍රමයක් බවට පත් වෙනවා.

"WiFi Direct" කියන තාක්ෂනය ( "ad-hoc" WiFi mode ) කියන සංකල්පයට සමාන කරන්න පුළුවන්. ඒවගේම android මෙහෙයුම් පද්දතියද WiFi Direct කියන පහසුකම සඳහා සහයෝගය දක්වනවා. එසේ නමුත් වැඩසටහන් කිහිපයක් පමණයි එම පහසුකම මේ වන විට භාවිතා කරන්නේ. 

ඔබට සිතෙන්න පුළුවන් මේ තරම් ඒ පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්නේ මොකද කියා. මෙය ඉතාමත් වැදගත් තාක්ෂණයක් නිසා තමයි ඒ පිළිබඳව අපි කතා කරන්නේ. කෙටියෙන්ම කියනවානම්  ඒ මගින් හැකියාව ලබා දෙනවා උපකරණ වලට බොහොම පහසුවෙන් එකිනෙකා සමග සන්නිවේදනය කරගැනීමට. එම නිසා ඔබට සිදු වෙන්නේ නැහැ කිසිලෙසකින් වත් විශාල ක්‍රමවේදයක් හරහා ගමන් කරමින් අනෙක් උපකරණය සමග සම්බන්ධ වීමට. උදාහරණයක් විදියට ඔබේ ( WiFi passphrace ) එක සම්බන්ධ වෙන device එකට ඇතුලත් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සම්බන්ධතාවය  ස්වයන්ක්රීය ව ක්ෂන්කිවම ඇති වෙනවා. එසේ සම්බන්ධ වීමට අමතර කිසිම Hardware එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. 





එය ක්‍රියා කරන්නේ කෙසේද 

"WiFi Direct" කියන තාක්ෂනය භාවිතා කරන්නේ WiFi පහසුකම තිබෙන උපකරණ විසින් භාවිතා කරනු ලබන WiFi තාක්ෂණයමයි. එනම් WiFi පහසුකම ඇති උපකරණ Wireless Router එකක් හා සන්නිවේදනය කරන තාක්ෂනය.  "WiFi Direct"  ප්‍රධාන වශයෙන්ම ක්‍රියා කරන්නේ " access point" එකක් ලෙස. එම නිසා WiFi පහසුකම තිබෙන අනෙකුත් උපකරණ වලට පුළුවන් කෙලින්ම ඒ හා සම්බන්ධ වීමට.

මෙම protocol එක මගින් "WiFi Direct" පහසුකම තිබෙන  උපකරණ වලට හැකියාව ලබා දෙනවා එකිනෙකා සොයාගැනීමට සහ සම්බන්ධ වීමට ප්‍රථමව එම උපකරණ මෙම සේවාව සඳහා සහයෝගය දක්වනවාද නැද්ද යන්න සොයා බැලීමට. 

මේ ආකාරයට උපකරණ දෙකක් සම්බන්ධ වෙන විට එම සම්බන්ධ තාවය ඉතාමත් ආරක්‍ෂිත එකක් වෙනවා. එම නිසා ඒ අතරට කිසිවෙකුට පැමිණීමට ඉඩක් නැහැ. එලෙස සම්බන්ධ වීමේදී දත්තයන් "WPA2" කියන "Encryption" ක්‍රමයට ආරක්ෂා වෙනවා. 




එය භාවිතා කර හැක්කේ කුමක් සඳහාද? 

ඔබට තිබෙනවා කියා සිතමු ලැප්ටොප් පරිගණක දෙකක් wifi direct කියන පහසුකම සඳහා සහෝයෝගය දක්වන. එසේනම් ඔබට හැකියාව තිබෙනවවා මෙම උපකරන දෙක අතර වඩාත් පහසුවෙන් දත්ත හුවමාරු කරගැනීමට. දැනටනම් ඔබට සිතෙන්න පුළුවන් මෙය එතරම වැදගත් නොවෙන බව නමුත් අනාගතයේදී මෙම තාක්ෂනය පුළුල් ලෙස පැතිරීමට ඉඩ තිබෙනවා. 


හොඳයි එසේනම් අපි ඔබව දැනුවත් කරා අලුතෙන්ම පැමිණුන මෙම තාක්ෂනය පිළිබඳව. එහි වටිනාකම ඔබට වැටහෙන්න ඇති කියා සිතෙනවා. එහෙනම් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. 


12 comments:

  1. wifi set kala internet share karaddi tikak witara setting hadanna one... ekata "connectify hotspot" wage eeetawa lesi... soft ekak neadda??

    ReplyDelete
    Replies
    1. http://www.apps-lanka.com/2013/09/turn-your-pc-into-wifi-hotspot.html

      menna

      Delete
  2. Lankawe wifi speed 1ka ahma khmada

    ReplyDelete
  3. nice post thank you

    ReplyDelete
  4. අලුත් දෙයක් දැනගත්ත :-D

    ReplyDelete
  5. අලුත් දෙයක් දැනගත්ත :-D

    ReplyDelete
  6. Tab ekekin lap ekekete connect kerela data share keranne baride....

    ReplyDelete