What is Speach Recognition on Windows 7 or 8?

මොකක්ද මේ "Speech Recognition" කියන්නේ.





ඔබ දැන  සිටියාද මයික්‍රොසොෆ්ට් ආයතය විසින් වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්දතියේ සිට දැනට අප භාවිතා කරන වින්ඩෝස් 8 මෙහයුම් දක්වා වූ මෙහෙයුම් පද්දති වලට "Speech Recognition" කියන සුපිරි පහසුකම ඇතුලත් කර ඇති බව. එම පහසුකම මගින් ඔබට පුළුවන් පරිගනකයේ තිබෙන වැඩසටහන් සහ ඩෙස්ක්ටොප් තිරය ඔබේ  කටහඬින්ම  පාලනය කිරීමට. 

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය භාවිතාකරන්නන් බොහෝ දෙනෙක් මෙම පහසුකම පිළිබඳව දැනුවත් නැහැ.එම නොදැනුවත්කම හේතුවෙන් "Speech Recognition" කියන පහසුකම ලබා ගැනීමට ඔවුන් මුදල් ගෙවා මෘදුකාංග මිලදී ගන්නවා. ඇත්තටම එය ලැජ්ජාවට පත්විය යුතු දෙයක්. මොකද එම පහසුකම ඔබේ පරිගනකයේ "Control Panel"  වෙතින් නොමිලේම ලබා ගැනීමට හැකියාව තිබෙනවා.


"Speech Recognition"  පහසුකම සක්‍රීය කරගනිමු.

පළමුව "Control Panel" විවුර්ත කරගන්න. ඉන් පසුව " Ease of Access" කියන තැන ක්ලික් කරන්න. දැන් "Speech Recognition" තෝරන්න.

මෙහිදී ඔබගේ කටහඬ තමයි ප්‍රධානම දෙය වෙන්නේ. එම  නිසා මයික්‍රෝෆෝනය පරිගනකයට නිවැරදිව සම්බන්ධ කොට තිබේද යන්න තහවුරු කරගන්න.මෙහිදී ඔබට හැකියාව තිබෙනවා ලැප්ටොප් පරිගණකවලම ඇතුලත් කොට තිබෙන මයික්‍රෝෆෝනයක් වුවද  භාවිතා කිරීමට. නමුත් හොඳ ප්‍රතිපලයක් ලබා ගැනීමටනම් උසස් ප්‍රමිතියකින් යුතු හෙඩ්සෙට් එකක් හෝ ඩෙස්ක්ටොප් මයික්‍රෝෆෝනයක් තිබීම අනිවාර්ය වෙනවා. දැන් ඔබට පුළුවන් " Start Speech Recognition" යන්න තෝරා මයික්‍රෝෆෝනය නිවැරදිව සකස් කරගැනීමේ ක්‍රියාවලියට පිවිසීමට.


   
සක්‍රීය කරගැනීමේ ආකාරය කැමති ලෙස තෝරාගැනීමට පුළුවන්. " Manual Activation Mode " එකේදීනම් විශේෂිත යතුරක් "hotkey"  මගින් හෝ බටන් එකක් ක්ලික් කිරීම මගින් " Speech Recognition"පහසුකම සක්‍රීයකර ගැනීමට පුළුවන්. ඒවගේම " Voice Activation Mode" එකේදී ඔයාලට පුළුවන් "start listening"යැයි පැවසීමෙන් එම පහසුකම සක්‍රීය කරගැනීමට.  

" Speech Recognition" බාර් එක සාමාන්‍යයෙන් දිස් වෙන්නේ තිරයේ උඩම කොටසේ. එයින් ඔබට අදහසක් ගැනීමට පුළුවන් මේ වෙලාව තුල " Speech Recognition" සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව. ඔබ පවසන දෙය හඳුනා ගැනීමට නොහැකි වුන හොත්. එම බාර් එක  මගින් ඔබව  දැනුවත් කරනවා නැවත එම විධානය ලබා දිය යුතු බවට.


"Speech Recognition" පුහුණුව

අපගේ ඉංග්‍රීසී උච්චාරණය බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන් නොමැති නිසා  පරිගනකයට එය හඳුනා ගැනීමට අපහසු වීමට පුළුවන්. එම නිසා ඔබ තරමක් පහුණු විය යුතු වෙනවා. එලෙස පුහුණු වීම මගින් ඔබ ලබා දෙන විධානයන් පහසුවෙන්ම ග්‍රහණය කරගැනීමට පරිගනකය සමත් වෙනවා . පුහුණුව ඇරඹීම සඳහා "Control Panel" එකෙහි " Speech Recognition" වල තිබෙන " Train your computer" කියන ඔප්ෂන් එක මත ක්ලික් කරන්න.

මෙම පුහුණු වැඩසටහන ඉතාමත් බුද්ධිමත් එකක්. එමගින්   ඔබ සහ පරිගනකය යන දෙදෙනාම එකවර ඉගෙන ගනු ලබනවා. පුහුණුව නිම වුනු පසුව පරිගනකයට විධානයන් දීම සඳහා ඔබ සුදුසු වෙනවා. නමුත් පසුව ඔබ තවත් හොඳින් පුහුණු විය යුතුයි . මෙම " Speech Recognition" කියන පහසුකම කාලයත් සමග ඔබේ කටහඬ වඩාත් හොඳින් අවභෝධ කරගනු ලබනවා. එලෙස අවබෝද  කරගැනීමත් සමග ඒ විසින් සපයන සේවාව තවත් වැඩි දියුණු වෙනවා.



"Speech Recognition" මගින් පරිගනකය පාලනය කිරීම.

අන්තර්ජාලයේ සැරිසැරීමට, ඩෙස්ක්ටොප් සහ වින්ඩෝස් 8 style යන වැඩසටහන් පරිහරණය කිරීමට මේ මගින් හැකියාව තිබෙනවා. නිවැරදිව මෙය භාවිතා කිරීමෙන් මුළු පරිගනකයම වුවද ඔබට පාලනය කිරීමට පුළුවන්. ඇත්තටම එය සරල දෙයක් . ඔබ ඉගෙනගත යුතු වෙනවා ඒ සඳහාම වෙන් වූ විධානයන්. උදාහරණයක් විදියට "Start" යැයි පැවසුව සැනින් " Start Screen" එක විවුර්ත කර ගැනීමට පුළුවන්. 

වැඩසටහනක් විවුර්ත කරගැනීම :- වැඩසටහනේ නම කියමින් එය විවුර්ත කරගැනීම. " open notepad or open internet explorer"    


වැඩසටහන් අතර මාරුවීම :- විවුර්ත කරතිබෙන වැඩසටහන් අතර මාරු වීමට පුළුවන්. උදාහරණයක් විදියට "switch to notepad" පැවසීමෙන් එම වැඩසටහන විවුර්තව පවතීනම් ක්ෂණිකව එයට පිවිසීමට පුළුවන්.      


වැඩසටහන් වසා දැමීම :-  විවුර්තව පවතින වැඩසටහනක් වසා දැමීමට පුළුවන් "close notepad" යැයි පැවසීමෙන්


යතුරු එබීම :- විශේෂිත යතුරක් එබීමට හැකියාව තිබෙනවා " press c" ලෙස පැවසීමෙන්. නමුත් ( Delete , Backspace, Enter) වැනි විශේෂිත යතුරු එබීම සඳහා ඔබ පළමුව "press" යන්න පැවසිය යුතු නැහැ. 




 හොඳයි එහෙනම් ලිපිය මෙතනින් ඉවර කරනවා. ඔබලාට ඇතිවෙන ගැටළු පහතින් comment එකක් මගින් දක්වන්න. ඒවා සඳහා පිළිතුරු ලබා දීමට අපි කටයුතු කරනවා.
  

11 comments:

  1. me kiyala thiyenne win 7 wala karana widiya thamai

    ReplyDelete
  2. නියමයි.....නොදන්න දෙයක් ඉගෙන ගත්තා. සමහර දේවල් අපි කියන ඒවා open වෙනවා.සමහර ඒවා නෑ.සමහර විට ඒ වචන නියම අාකාරයෙන් ශබ්ද ෙනාවෙන නිසා වෙන්න අැති.....

    ReplyDelete
  3. webcam ekak microphone eka widiyata pawichchi karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. වෙබ්කැම් එකකින් සහ මයික්‍රෝෆෝනයකින් කරගන්නේ එකිනෙකට වෙනස් කාර්යයන් දෙකක්. නමුත් සමහර වෙබ්කැම් වල මයික්‍රෝෆෝනයක්ද ඇතුලත් කොට තිබෙනවා

      Delete
  4. meken ayen wenne komada...aka welawakata karadarayak mchn

    ReplyDelete
    Replies
    1. පහසුවෙන්ම අයින් වෙන්න පුළුවන්, Ease OF Access walata gihin

      Delete
  5. mage mic aka hariyata connect kalath wada ne neh ai a man kiyana aka mage speker walin ahenawa bt speach recognation wada ne

    ReplyDelete