Future Apple Products

Apple සමාගමේ අනාගත නව නිපැයුම්.




"Apple" සමාගම විසින් අනාගතයේදී හඳුන්වා දිය හැකියැයි බලාපොරොත්තු වෙන්න පුළුවන් සුපිරිම උපකරණ කිහිපයක් පිළිබඳව මෙම  ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම උපකරණ වල තිබෙන තාක්ෂනයන් ඇත්තට විශ්මය ජනක වෙනවා.


iPets


iCats සහ iDog නමින් උපකරණ දෙකක් තිබෙනවා . සුරතලුන්ට ප්‍රිය කරන අයට තමන් කැමති සුරතලෙක් මිලදී ගැනීමට පුළුවන්. මෙය නිර්මාණය කරනු ලබන්නේ සාමාන්‍ය බළලෙකුට සහ බල්ලෙකුට බෙහෙවින් සමාන වන ලෙසයි. ඒවගේම මෙම උපකරණ සඳහා iOS මෙහෙයුම් පද්දතිය සහයෝගය දක්වනවා. එම නිසා නොයෙක් ආකාරයේ " Pet Trick" වැඩසටහන් ස්ථාපිත කරගැනීමටද පුළුවන්. ඔබගේ නිවසේ ආරක්ෂාව සැලසීමට, ඔබ සමග දුව පැන සෙල්ලම් කිරීමට   iDog සුරතලා විශේෂ වෙනවා. 


මෙම උපකරණය සඳහා ඇතුලත් කොට තිබෙන විශේෂ පහසුකම් 

  • Full iOS/iCloud integration to interact with all your iOS devices

  • Full iTunes store integration to directly download “pet trick” apps

  • Facetime to be able to check on your home through their eyes

  • Nike+ integration so they can track your stats as they run with you

  • Wi-Fi (802.11a/b/g/n)

  • Bluetooth 4.0 technology


iCycle


මෙය බයිසිකල් අතර සුවිශේෂී බයිසිකලයක් කිව්වොත් නිවැරදි. මෙම බයිසිකලය ඕනෑම දෙයකට ඔට්ටු වෙනවා. කඳුකර පාරක පැදයාමට , මිනිසුන් ගැවසෙන නගරබද පෙදෙසක පැදයාමට, භාධක සහිත පාරක පැදයාමට වගේ ඕනෑම දෙයක් සඳහා භාවිතා කිරීමට පුළුවන්. ස්වයන්ක්‍රීයවම ඔබ පැදයන ප්‍රදේශය හඳුනාගනිමින් එයට ගැලපෙන ආකාරයට බයිසිකලය හැඩගැසෙනවා. මෙම බයිසිකලයේ තිබෙනවා බැටරියක් ඔබ බයිසිකලය පැදයන විට charge වෙන. එ මගින් ඔබට හැකියාව තිබෙනවා ඕනෑම ( iOS Device ) එකක් ආරෝපණය කරගැනීමට ඔබ එය පැදයන අතරතුර වුනත්. 

මෙම උපකරණය සඳහා ඇතුලත් කොට තිබෙන විශේෂ පහසුකම් 

Full iOS/iCloud integration to interact with all your iOS devices

Full iTunes store integration to directly download music on the go

Nike+ integration so they can track your stats as you ride

Wi-Fi (802.11a/b/g/n)

Bluetooth 4.0 technology

iRosol


ඕනෑම චිත්‍ර ශිල්පියෙක් සඳහා  නිර්දේශ කරන්න පුළුවන් සුවිශේෂී පහසුකම් වලින් සමන්විත වූ Spray" එකක් තමයි iRosol කියන්නේ . ඒ මගින් scan කරනු ලබන ඕනෑම වර්ණයක් පින්තාරු කරගැනීමට හැකියාව තිබෙනවා. එපමණක් නෙවෙයි යම් විටෙක පැන්සල් ඉරක තරම් කුඩාවටත් ( Paint Roller ) එකක් තරම් ගනටත් පින්තාරු කරගැනීමටද  හැකියාව තිබෙනවා. 

මෙම උපකරණය සඳහා ඇතුලත් කොට තිබෙන විශේෂ පහසුකම් 



1 set of CMY cartridges

Pantone™ color chart – when bought as a set with the Black SprayCan


iSight 


මෙම උපකරණය මගින් ඔබට අවස්තාව තිබෙනවා "Full HD " තාක්ෂණයෙන් ලෝකය දැකීමට.  ඔබ දකින දෙය Full HD තාක්ෂණයෙන් යුතුව පටිගත කරගැනීමටද පුළුවන්.  iOS මෙහෙයුම් පද්දතියෙන් යුතු උපකරණ සඳහා මෙය සහෝයෝගය දක්වන නිසා වැඩසටහනක් ක්ලික් කිරීම මගින් දුරක තිබෙන දෙයක් සමීප කොට බැලීමටද පුළුවන්. කළු සහ සුදු වර්ණයන්ගෙන් මෙම උපකරණ ලබා ගැනීමට අවස්තාව තිබෙනවා. 


මෙම උපකරණය සඳහා ඇතුලත් කොට තිබෙන විශේෂ පහසුකම් 


10-megapixel iSight camera

Autofocus

Face detection in still images

Video recording, HD (1080p) up to 60 frames per second with audio

Video stabilization

Full iOS/iCloud integration to interact with all your iOS devices

Wi-Fi (802.11a/b/g/n)

Bluetooth 4.0 technology


iceBox


මෙය උසස් තාක්ෂණයෙන් යුතු ආහාර පිසින උපකරණයක්.  ඔබ ඔබේ නිදන කාමරයේ සිටින විට ඔබට අවශ්‍යයයි සිතුනොත් සැන්ඩ්විච් එකක් ආහාරයට ගැනීමට ඔබට පුළුවන් iOS උපකරණයක තිබෙන වැඩසටහනක් මගින් විධානයක් ලබා දීමට. එකිනෙකට වෙනස් වූ ආහාරයන් පවා මෙයින් පිස ගැනීමට පුළුවන්. විනාඩි කිහිපයකින් ඕනෑම දෙයක් අයිස් බවට පත් කල හැකි සුපිරි ශීතකරනයක්ද මෙහි තිබෙනවා. ඒ සියල්ල iOS උපකරණයක් මගින් පහසුවෙන් පාලනය කිරීමට පුළුවන්. 

මෙම උපකරණය සඳහා ඇතුලත් කොට තිබෙන විශේෂ පහසුකම් 

Full iOS/iCloud integration to interact with all your iOS devices

Full iTunes store integration to directly download movies or cooking apps

Built in Motion sensor and Facetime

Wi-Fi (802.11a/b/g/n)

Bluetooth 4.0 technology


සැ.යු :-  මේ ඉහතින් සඳහන් කරන ලද උපකරණයන් Apple සමාගම විසින් අනාගතයේදී නිපදවනු ඇතැයි අනුමාන කළහැකි උපකරණ පමණක් බව සලකන්න 



මෙම ලිපිය කියවීමෙන් ඔබේ දැනුමට අලුත් යමක් එකතු වුනා යැයි ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීමක් වශයෙන් Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. 

10 comments: