Deaths Caused By Video Games

වීඩියෝ ක්‍රීඩාවන් හේතුවෙන්  අවාසනාවන්ත ලෙස මරණයට පත් වුවන්.



බොහොමයක් දෙනෙක් වීඩියෝ  ක්‍රීඩාවන් මගින් අහින්සක සතුටක් ලබනවා. නමුත් වීඩියෝ ක්‍රීඩාවන් සඳහා ඇබ්බහි වීම කියන්නේ අතිශය බරපතල තත්වයක්. මෙම ලිපියෙන් ඔබට දැකගන්නට ලැබෙන පුද්ගලයින් වීඩියෝ ක්‍රීඩාවන් වලට ඇබ්බැහි වීම නිසා මරණයට පත් වුවන්. ඔබත් වීඩියෝ ක්‍රීඩාවන් සඳහා වැඩි කැමැත්තක් දක්වනවානම් මෙම ලිපිය කියවීම ඔබට ඉතාමත් වැදගත් වෙනවා.

මෙම ලිපියේ අන්තර්ගත වෙන තොරතුරු ඔබට සපයන්නේ ඔබව අනිසි ලෙස බියකිරීම සඳහා නෙවියි. අපගේ ප්‍රධාන අරමුණ වෙන්නේ වීඩියෝ ක්‍රීඩාවන් සඳහා ඇබ්බැහි වීම කෙතරම් භයානකද යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.ඇබ්බැහිවීම යන්නෙහි සරල තේරුම වන්නේ පුද්ගලයාට තමන්ගේ එම හැසිරීම පාලනය කරගැනීමට නොහැකි වීමයි. එයින් විඳීමට සිදු වෙන ප්‍රතිවිපාක කොතරම් භයානකද යත් හදිසි  මරණයකට වුවද පත් වීමට හැකියාව තිබෙනවා. මේ පහතින් ඔබ දකින්නේ වීඩියෝ ක්‍රීඩාවන් වලට  දැඩි ලෙස ඇබ්බැහිවීම නිසා තමනේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ පුද්ගලයන්. 

1. "Diablo" වීඩියෝ ක්‍රීඩාව නිසා මරණයට පත් වුවෙක්.


විදෙස් රටවල් වල "Internet Cafe" මිනිසුන් අතර අතිශයින් ජනප්‍රියයි. එයට හේතුව වෙන්නේ එහි තිබෙන  අධිවේගී සම්බන්ධතාවයන් මගින් වීඩියෝ ක්‍රීඩකයින්ට සුපිරිම අත්දැකීමක් ලබාදෙන නිසා. අවුරුදු 18ක් වයසැති තායිවානයේ ( Chung ) කියන්නේ වීඩියෝ ක්‍රීඩාවන් සඳහා වැඩි කැමැත්තක් දැක්වූ කෙනෙක්. ඔහු විසින් ඉන්ටර්නෙට් කැෆේ එකක පෞද්ගලික කාමරයක් වෙන් කර ගත්තා. ඉන්පසුව එකදිගටම "Diablo III" කියන වීඩියෝ ක්‍රීඩාව පැය 40ක් ප්ලේ කරා. අවසානයේදී ලේ කැටියක් අවහිර වීම නිසා බිම ඇද වැටුනා. රෝහල් ගත කරනු ලැබුවත් දිවි බේරා ගැනීමට නොහැකි වුනා.


2. සැබෑ ජීවිතයේ මෝටර්රථ හොරෙක්



අපරාධයන් සිදු වීම හේතුවෙන් යම් කිසි වීඩියෝ ක්‍රීඩාවක් සඳහා දෝෂාරෝපණය කරනු ලැබුවාද. ඒ තමයි අප කවුරුත් ප්‍රිය කරන GTA ( Grand Theft Auto) වීඩියෝ ක්‍රීඩාව. මෙය සිදු වුයේ 2013 වර්ෂයේ, අවුරුදු 18ක් වයසැති ( David Moore )  GTA වීඩියෝ ක්‍රීඩාව ප්ලේ කර පසුව හදිසියේම අපරාධයන්  සිදු කිරීම සඳහා පෙළඹුනා. මෝටර් රථයක් සොරකම් කිරීමට උත්සහ කිරීම සහ නිලධාරියෙකුගේ ගිනි  අවියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වුවා . පොලිස් මොටර්රතය සොරකම් කිරීමට ප්‍රථම ඔහු විසින් නිලධාරීන් තුන් දෙනෙකුට වෙඩි තබා තිබෙනවා . ඉන් පසුව ක්ෂණිකව ඔහු අත්අඩංගුවට අරගනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා .  ඔහු විසින් සිදු කරනු ලැබූ අපරාධ ක්‍රියා හේතුවෙන්  එරට අධිකරණය විසින් ඔහුට මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා. 


3. හානිකර "Halo" පුරුද්ද 


අනෙකුත් පුද්ගලයින් වගේම "Chris Staniforth" බ්‍රිතාන්‍ය ජාතික තරුණයාත් ඔහුගේ නිදහස් කාලයෙන් වැඩි හරියක් වීඩියෝ ක්‍රීඩාවන් ප්ලේ කිරීම සඳහා වැය කරනු ලැබුවා. ඔහු සතුව තිබුණු (XBOX) එකෙන් දවසකට පැය 12ක් පමණ එක දිගට " Halo" වීඩියෝ ක්‍රීඩාව ප්ලේ කිරීම සඳහා ඇබ්බැහි වී සිටියා. 2011 වර්ෂයේ මැයි මස මේ ආකාරයට " Halo" ප්ලේ කරන අතරතුර ඔහු මරණයට පත් වුනා. හේතුව විදියට සොයා ගෙන තිබෙන්නේ කකුල් ප්‍රදේශයේ හටගත් ලේ කැටියක් පෙනහැල්ල දක්වා ගමන් කිරීම නිසා මරණය සිදු වූ බවයි. 

4.තමන්ගේ දෙමව්පියන්ගේ ජීවිතයට වඩා වීඩියෝ ක්‍රීඩාව වැදගත් වීම.
 


"Daniel Petric" කියන තරුණයා ඔහුගේ මව සහ පියා දෙදෙනාම වෙඩි තාබා ඝාතනය  කරනු ලැබුවා. වෙඩි තැබීමට හේතුව වී තිබෙන්නේ " Halo 3" කියන වීඩියෝ ක්‍රීඩාවේ පිටපත දෙමව්පියන් විසින් ඔහුගෙන් අරගැනීමයි. පසුව ඔහු අල්ලාගනු ලැබුවා. ඉන් අනතුරුව ඔහුට මරණ දණ්ඩනය පැමිණවුනු ලැබුවා.

මෙයට හේතුව වෙන්නේ දෙමව්පියන් සමග ගත කරන කාලයට වඩා වැඩි කාලයක් වීඩියෝ ක්‍රීඩාවන් සමග ගත කිරීමයි. එහිදී ඔහුගේ මුළු ලෝකයම වෙන්නේ එම පරිගණක ක්‍රීඩාවයි. එම ලෝකය උදුරාගැනීමට උත්සහ කරන සියල්ලෝම ඔහුට පෙනෙන්නේ හතුරෙක් හැටියටයි.

5. මව්පදවිය පවා පිරිහීමට ලක් කිරීමට සමත් වුනු " FarmVille" 


 "Alexandra Tobias' කියන්නේ රැකියාවක් කරනා කාන්තාවක් නෙවෙයි. ඇය ගෘහනියක්. ඇය  පුරුද්ද්දක් විදියට Facebook සමාජ  ජාලයෙහි තිබෙන "FarmVille" ක්‍රීඩාව ප්ලේ කිරීමට පුරුදුව සිටියා. එසේ ක්‍රීඩාව ප්ලේ කරන අතරතුර එක දවසක් ඇයගේ  අත  දරුවා හඬන්නට පටන් ගත්තා. තමන්ගේ ක්‍රීඩාව ප්ලේ කිරීම සඳහා එයින් භාධාවක් ඇති වුන් හෙයින් ඇයට  අධික ලෙස කේන්ති ගියා. එහිදී ඇය දරුවා හඬන එක නවතන තුරු සොලවනු ලැබුවා. එහිදී එම දරුවා මිය ගොස් තිබෙනවා. දරුවා මිය යන තෙක් හෙලවීම හේතුවෙන් ඇය අවරුදු 50කට සිර ගත කරනු ලැබුවා. 

මව්පියන් සහ දරුවන් යන දෙපක්ෂයම වීඩියෝ ක්‍රීඩාවන් සඳහා ඇබ්බැහි වීම ඉතාමත් අහිතකර බව දැන් ඔබට තේරෙනවා ඇති. 


6. වීඩියෝ ක්‍රීඩාවේ අවසානය දරාගත නොහැකිව සියදිවි හානිකර ගැනීම


"Shawn Woolley' කියන්නේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවුණු  අවුරුදු 21 ක් වයසැති සාමාන්‍ය තරුණයෙක්. නමුත් ඔහු ( Everqust) කියන ඔන්ලයින් මල්ටිප්ලේයර් වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටියා.2001 වර්ෂයේදී, එම වීඩියෝ ක්‍රීඩාවේ සිදුවුනු  බරපතල සිදු වීමක්  වුනා ඔහු දැඩි ලෙස මානසිකව ඇදවැටී තිබෙනවා. ඔහු තමනිවසින් බැහැරට යෑම සම්පූර්ණයෙන්ම නවත්වනු ලැබුවා. අවාසානයේදී ඔහු සියදිවි හානිකරගෙන තිබෙනවා.

වීඩියෝ ක්‍රීඩාවන් වලට ඇබ්බැහි වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුන බොහෝ පිරිසක් අතරින් වැඩි පිරිස තරුණ වියේ පසුවුණු තරුණයන් බව මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙන්න ඇති. තව දෙයක් තමයි ලේ කැටියක් නිසා මරණයට පත් වීමට වැඩි අවධානමක් තිබෙනවා. එය සිදු වෙන්නේ වැඩි වෙලාවක් එකම තැන ඉඳ ගෙන සිටීමයි. එම නිසා ඔබ වැඩි වෙලාවක් වීඩියෝ ක්‍රීඩාවන් ප්ලේ කරන විට විරාමයක් ගෙන ඉරියව් මාරු කිරීමට වගබලා ගන්න. 


මෙවැනි මරණයන් පිළිබඳව ඔබත් තොරතුරු දන්නවානම් ඒවා කොමෙන්ට් එකක් මගින් පහතින් දක්වන්න සැමගේම දැනගැනීම පිණිස. ඒවගේම comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා මේ ලිපිය පිළිබඳව.




29 comments:

  1. පිස්සු යක්කු

    ReplyDelete
  2. Replies
    1. පරීක්ෂණ මගින් හෙළි වෙලා තියෙනවා එකම තැන දීර්ඝ වෙලාවක් ඉඳගෙන සිටීම නිසා ලේ කැටියක් ඇති වී එයින් මරණයට පත් වීමට හැකියාවක් තිබෙනවා කියලා.

      Delete
    2. ow ow...oyat game gahana eka adu karanna wei den..

      Delete
  3. eka nemei wadipura fb hitiyat oka tama wenne

    ReplyDelete
  4. yap mama hithana widihata lankawe a wage aya adui

    ReplyDelete
  5. Munta nam pissu..anyway good post........

    ReplyDelete
  6. When u more than 3 hour in same position blood clot may form.if u in airplane more than 3 hour advise to move legs

    ReplyDelete
  7. When u more than 3 hour in same position blood clot may form.if u in airplane more than 3 hour advise to move legs

    ReplyDelete
  8. mata eka wenne naha mama paya 20k halo play karath dawasata 10km walata wala cycling karanawa warm up wenna skipping karanawa game witharak gahana kammaly aungana mata karanna deyak naha

    ReplyDelete
  9. OMG! WTF? එක තැන ඉඳගෙන කරන රස්සාවල් කරන්නත් බෑනේ ඔයා කියන විදිහට ලේ කැටි හැදෙනවානම්.

    ReplyDelete
  10. Me post eke thiyena game tika copy karala pissu nathi ayatat pissu hadei.but good post....

    ReplyDelete
  11. Me post eke thiyena game tika copy karala pissu nathi ayatat pissu hadei.but good post....

    ReplyDelete
  12. Oya game gahanna bari hinda ohoma kiyanna api rawatei hooooooooo

    ReplyDelete
  13. mamath eka game pissek.thanx mcho wisthara tikata..apahu nam game epa..

    ReplyDelete
  14. affoi mat gamer kenk tami..smahara daws walata eka digtma 5,6 hrs game play krnwa..mehma side effect tiynwa kiyla danne nane..thanks post ekta!!!!!!!!!!!! you save my life.......

    ReplyDelete
  15. පිස්සු නැත්තන් හරිසොහොක්

    ReplyDelete