What Is The Difference Between 32-bit & 64-bit Windows?

32bit සහ 64bit වින්ඩෝස් මෙහෙයුම් පද්දති අතර ඇති වෙනස.


වැඩි දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි වින්ඩෝස් වල 32bit සහ 64bit සංස්කරණයන් අතර තිබෙන වෙනස කුමක්ද යන ප්‍රශ්නය. මෙහිදී අප බලාපොරොත්තු වෙනවා ඔබට ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සැපයීමට. 


අද වන විට ප්‍රධාන වශයෙන් පරිගණක වර්ග දෙකක් තිබෙනවා. සමහරක් පරිගණක වල 32bit මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වෙන අතර  අනෙකුත් ඒවා වල 64bit මෙහෙයම් පද්දති ක්‍රියාත්මක වෙනවා. මේවා අතර  තිබෙන වෙනස වෙන්නේ පරිගනකයේ සකසනයට  (CPU) නිශ්චිත  මොහොතක් තුල හැසිරවිය හැකි තොරතුරු ප්‍රමාණය අතර ඇති වෙනසයි. මෙවැනි ආකාරයේ මෙහෙයුම් පද්දති සඳහා පරිගණක නිර්මාණය කරන විට එම පරිගණක වලට අවශ්‍ය වෙනවා අතිමහත් වූ ගණනය කිරීමේ බලයක්. ඒ වගේම තමයි එම මෙහෙයුම පද්දති සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමේදී මුලික වශයෙන් වෙනස්කම් කිහිපයක් කල යුතු වෙනවා. 


"bit"  කියන වචනය මගින්  අර්ථ දක්වන්නේ පරිගනකය "binary" කියන ක්‍රමය මගින් තොරතුරුත් සමග ගනුදෙනු කරන ආකාරයයි. "binary" ක්‍රමයට පරිගනකය තුල තොරතුරු ලැයිස්තුගත කර තිබෙන්නේ 0 , 1 කියන සංඛ්‍යාත්මක ක්‍රමයට. එම හැම සංඛ්යාවක්ම එක bit එකක් ලෙස හඳුන්වනවා. එම නිසා 32bit සකසනයක් ( CPU) ඇති පරිගණකයකට හැකියාව තිබෙන්නේ එකවරකට සංඛ්‍යා 32ක් ( 32 digits ) සැකසීමට  පමණයි. ඒවගේම 64bit සකසනයකට  ( CPU) හැකියාව තිබෙනවා එක වරකට සංඛ්‍යා 64ක් ( 32 digits ) සැකසීමට. දැන් ඔබට තේරෙනවා ඇති මේ අතරින් වඩාත් වේගවත් සකසනය වෙන්නේ කුමක්ද කියා. 


වින්ඩෝස් මෙහෙයුම් පද්දතියත් ඇතුලත්ව පරිගනකයේ 32bit සකසනයට ( CPU ) වඩාත් ගැලපෙන ආකාරයට තමයි මෘදුකාංග නිර්මාණය කල යුතු වෙන්නේ. එම ක්‍රමයටම තමයි 64bit පරිගණක සඳහාත් මෘදුකාංග නිර්මාණය කරන්නේ. මයික්‍රොසොෆ්ට් සමගම විසින් windows xp, vista යන මෙහෙයුම් පද්දති දෙක සඳහාම 32bit සහ 64bit යනුවෙන් සංස්කරණයන් දෙකක් හඳුන්වා දෙනු ලැබුවා. වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දති සඳහාත් එලෙසමයි. 


32bit සකසනයකට වැඩකිරීමට හැකියාව තිබෙන්නේ 4GB RAM මතකයක් සමග පමණයි. ඒවගේම තමයි එම මතකය සාමාන්‍යයෙන් ඕනෑම වැඩසටහනක් සඳහා 2GB ලෙස සීමා කර තිබෙනවා. නමුත් න්‍යායානුකුලව නම් 64 bit සකසනයකට පුළුවන් වෙනවා බිලියන 17GB වැනි මතකයක් සමග උනත් වැඩකිරීමට. ඒවගේම තමයි එක වර වැඩ දෙකක් වුනත් ක්ෂණිකව කරගෙන යෑමට හැකියාව තිබෙනවා. 


32bit සකසනයක මෙවැනි මතක සීමාවක් පැහැදිලිවම පෙන්වීමට පටන් ගනු ලැබුවේ vista මෙහෙයුම් පද්දතියෙදීයි. වැඩි මතකයක් භාවිතා කරනු ලැබුවද ඇත්තටම අපහසු වෙනවා එක වර වැඩසටහන් දෙකක් ධාවනය කිරීමට 4GB වත් තරම් මතකයක් පරිගනකයේ නොමැතිනම්. යම් වැඩසටහනක්  ධාවනය කිරීමට 2GB වලට වඩා මතකයක් අවශ්‍ය වෙනවානම් කිසිසේත් එම වැඩසටහන මෙහිදී ධාවනය කිරීමට නොහැකි වෙනවා. අද වන විට පැමිණෙන සමහර නවීන වීඩියෝ ක්‍රීඩාවන් ධාවනය කිරීමටනම් 2GB වලට වඩා RAM මතකයක් අවශ්‍ය වෙනවා. අන්න එම හේතුව නිසා පරිගණක පරිශීලකයින් අතර 64bit සකසන අතිශයින් ජනප්‍රියත්වයට පත් වුවා. ඒවගේම ඒ සඳහා ගැලපෙන 64bit වින්ඩෝස් මෙහෙයුම් පද්දතිද මිලදී ගැනීමට ඔවුන් වැඩි උනන්දුවක් දැක්වුවා. 


විශේෂයෙන්ම වින්ඩෝස්   32bit සංස්කරණ වල ධාවනය කිරීම සඳහා නිර්මාණය කරපු වැඩසටහන් 64bit සංස්කරණ වලත් ධාවනය කිරීමට හැකියාව තිබෙනවා විශේෂිත වූ ( compatibility mode ) එකක් භාවිතා කරමින්. නමුත් 64bit සංස්කරණ වල ධාවනය කිරීම සඳහා නිර්මාණය කරපු වැඩසටහන් 32bit සංස්කරණයන් වල ධාවනය කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. 


වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත ලියපු මෙම ලිපිය ඔබටත් ප්‍රයෝජනවත් උනානම් අපිව දිරිමත් කිරීම සඳහා  comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

62 comments:

  1. 32Bt ekata hadapu app ekak
    kohomada 64bit eke run karanne

    ReplyDelete
  2. bohomayak ewa run wenawa 64bit wala

    ReplyDelete
  3. elz machan,api oyalage web ekata enna hethuva aluth deyak igena ganna,so me vage eva danna ona tharam,hebei kavadavath gon joke danna epa,oyala ehema dala ne,,mama kiyanne ehema eva dala page eke nama ketha karaganna epa,mokada oyalage web ekata mama alws enava aluthin deyak igena ganna

    ReplyDelete
  4. xp walata theme damanne kohomada

    ReplyDelete
  5. hoya hoya hitapu deyak.

    ReplyDelete
  6. oba karanne deyata obata onda deyakma weva

    ReplyDelete
  7. ela digatama karagana yanna

    ReplyDelete
  8. ane mata windows 8 theems ekak denna 7 wala wada karana ekak

    ReplyDelete
  9. Godak wadagath lipiyak. Sthuthi..
    Mn use karanne windows 7 64bit. C eke program files (x86) kiyala hadila tiyana folder eka mokakda?

    ReplyDelete
  10. mata windows 8 activation crck ekak soyala denna kauruhari plz

    ReplyDelete
  11. api kohomada danaganne ape cpu 1ka 64 da 32bt da kiyalaa

    ReplyDelete
  12. ඇත්තටම ගෙඩක් වටිනවා !!

    ReplyDelete
  13. 32bit walata hadapu games 64 bit os ekaka run weddi display prashna wage ewwa athiwenawada?

    ReplyDelete
  14. වටිනා ලිපියක්, ජයවේවා--!

    ReplyDelete
  15. mchn mkakda compatibility mode ekak kynne.ekath kyla dipan.digtma liypan.sbapatnwa ubta.gd lk

    ReplyDelete
  16. patta digatama karagena yanna..

    ReplyDelete
  17. ape com 1 64bit walata support karanawada kiyala balanne kohomada?
    samahara processors walata support karanne na neda?

    ReplyDelete
  18. මාත් කලින් දැනගෙන ඉදියේ නෑ....... තැන්ක්ස් කියල දුන්නට...........:)

    ReplyDelete
  19. ඇත්තටම හොඳ ලිපියක්

    ReplyDelete
  20. ගොඩාක් හොදට විස්තර කරලා තේරෙන විදියට පෝස්ට් එක ලියල තියෙනවා.Thanks a lot.....

    ReplyDelete
  21. niyama post 1k godak blog walath dalathiyenawa megana habai apps-lanka thamai 1st

    ReplyDelete
  22. ඇත්තටම ගෙඩක් වටිනවා....

    ReplyDelete
  23. ගොඩක් වටිනා පෝස්ට් එකක්. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  24. ubnam niyama kollek.digatama lyapan.subapatanawa ubta.ela mchn.

    mchn niyama krameta windows 7 64bit ekak machin ekata danne kohmada bn.windows 7 eke hodama version eka mkakda.32bit soft ekak 64bit os eke run krnne kohmada.

    ReplyDelete
  25. computer wala speed wadi karana soft ekak hoyala dennako?

    ReplyDelete
  26. ane genuine kiyanne mokadda? mage yaluwekge com eke genuine ghin.

    ReplyDelete
    Replies
    1. Ena mesaage eka meka neda. (This copy of windows is not genuine) meken kiyanne oba bhaaithaa karana windows pitapatha wyaja ekak bawa

      Delete
  27. thanks I highly appreciate your guidance ........ wish you all the best.. and HAPPY NEW YEAR....

    ReplyDelete
  28. හොඳයි දැනගත්ත එක

    ReplyDelete
  29. කොම්පියුටර් භාවිතා කලාට අපි මේ පිළිබදව දැන ගන හිටියේ නෑ. ස්තුතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  30. පරිගණක භාවිතා කලත් සමහර දේවල් පිළිබඳව අපේ දැනුම ඉතාම අඩුයි. මෙසේ අපව දැනුවත් කිරීමට ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
  31. 64බිට් ගැන පැහැදිලි කරලා දුන්නට බොහොම ස්තුතියි!

    ReplyDelete