This Is How They Create Snow In Movies

චිත්‍රපටිවල හිම වැටෙන දර්ශන ඇති කරන්නේ මෙහෙමයි.


ඔබ කොතෙකුත් දැක ඇති චිත්‍රපටවල හිම වැටෙන දර්ශන. ඒවා ඇත්තටම ඇතිකරන්නේ කෘතීම ආකාරයටයි . එලෙස කෘතීමව හිම නිර්මාණය කරන ප්‍රසිද්ධ සමාගමක් තමයි ( SnowBusiness) යනුවෙන් හඳුන්වනෙන්. අවුරදු 30ක කාලයක් තිස්සේ හොලිවුඩ් චිත්‍රපටි සඳහා කෘතීමව හිම ඇති කිරීමට ඔවුන්ගේ දායකත්වය ලබා දී තිබෙනවා. ඒවගේම එම සමාගමට හැකියාව තිබෙනවා එකිනෙකට වෙනස් වූ හිම වර්ග 200ක් පමණ ඇති කිරීමට. 


කෘතීමව හිම නිෂ්පාදනය කිරීමට ඔවුන් විවිධ ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒවා අතරට කඩදාසි, ප්ලාස්ටික් වගේ දේවල් ඇතුලත් වෙනවා. සමහර වෙලාවට ඔවුන් භාවිතා කරනවා මල් වෙඩි වගේ දේවල් එයින් ඇත්තටම සිදු වෙන්නේ පිපිරීමේදී සුදු පැහැති අළු වරුසාවක් සෙමින් බිම පතිත වීමයි. එම නිසා බැලු බැල්මට පෙනෙන්නේ අහසින් හිම වැටෙනවා වගෙයි. ඒවගේම තමයි ඉල්ලුම වැඩි වෙන විට ඔවුන් ස්වභාවික හිමත් භාවිතා කරනු ලබනවා. නිවැරදිව ගබඩා කරනු ලබන එම ස්වභාවික හිම මගින් එක දිගට දවස් 3ක් උනත් හිම පතිත කිරීමට හැකියාව තිබෙනවා. එම සමාගම  සතුව තිබෙන එක් යන්ත්‍රයකට වර්ග මීටරයකින් යුතු බිම් කඩක්  තත්පර දෙකක පමණ වෙලාවකින් හිම වලින් වසා දැමීමට හැකියාව තිබෙනවා. 


ඔබ කවුරුත් දන්නා ලෝකප්‍රසිද්ධ මෙම පහත තිබෙන චිත්‍රපට සඳහා හිම වැටෙන දර්ශන ඇති කර තිබෙන්නේ අප විසින් කතා කරන එම සමාගම විසිනුයි. 


X-Men 2 

The Day After Tomorrow 



James Bond 


Harry Potter


The Chronicle of Narnia



ස්නෝ බිස්නස් සමාගමේ කණ්ඩායම් සාමාජිකයින් විසින් හිම සහිත පසුතල දර්ශන සකස් කරන ආකාරය. 




මෙම ලිපිය පිළිබඳව ඔබගේ අදහස් commenet එකක් මගින් පහතින් සඳහන් කරන්න.   



10 comments:

  1. winter eke shoot karahnko salli kanne nathuwa

    ReplyDelete
  2. apps lanka admin... Email ekak dammaa balanno...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ email එක මම දැක්ක. එකට පිලිතුරුත් දුන්න.

      Delete
  3. Visual effect walin bayda???

    ReplyDelete
  4. narnia man bala thiyano...den hore ahu una...

    ReplyDelete
  5. Me dawaswala ape gedaratath barida danna?

    ReplyDelete
  6. elane..hithagannath neha

    ReplyDelete