Protect your kids from the worst of the net

අන්තර්ජාලයේ තිබෙන අහිතකර දේවල් වලින් දරුවන් ආරක්ෂා කරගමු!




මෙම මෘදුකාංගය භාවිතා කිරීමන් ඔබට පුළුවන් වෙනවා ළමුන් අන්තර්ජාලය භාවිතා කරන විට ඔවුන්ට ඉඩ දිය යුත්තේ කුමකටද? ඉඩ නොදිය යුත්තේ කුමකටද යන්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට. එමනිසා ඔබේ දරුවා අන්තර්ජාලය භාවිතා කරන විට ඔබට නිදහසේ හුස්ම ගැනීමට හැකියාව තිබෙනවා.

මෙම මෘදුකාංගයේ තිබෙනවා ( cyber-bullying ) යනුවෙන් හඳුන්වන ඩිෆෝල්ට් සෙටින්ග්ස් එකක්. නමුත් ඔබට පුළුවන් ඔබ කැමති විදියට එම සෙටින්ග්ස් වෙනස් කර ඔබේම ආකරයකට ඒවා පාලනය කිරීමට. උදාහරණයක් විදියට චැට් කරන විට අවහිර කල යුතු වචන වගේ දේවල්. 

ඒවගේම වෙබ් පිටු වල අඩංගු වෙන කරුණු ෆිල්ටර් කිරීමටද මෙහි පහසුකමක් තිබෙනවා. එමගින් ඔබේ දරුවා සඳහා නොගැලපෙනවායයි ඔබ සිතන දේවල් අවහිර කිරීමට පුළුවන්. උදාහරණයක් විදියට අසභ්‍ය දෑ හඳුන්වන්න පුළුවන්. 

puresight මෘදුකාංගය මගින් සිදු කරන්නේ අන්තර්ජාලයේ තිබෙන අහිතකරවු දේවල වලින් ඔබේ දරුවා ආරක්ෂා කරගැනීම පමණක් නෙවෙයි. නිවස තුලින්ද පැනනැගෙන ගැටළු වලින්ද දරුවා ආරක්ෂා කරනවා. උදාහරණයක් විදියට දරුවා පරිගනකය  භාවිතා කරන කාලය සහ  චැට් කරන  කාලය සිමා කිරීමට එයින් අවස්තාව ලබා දෙනවා. මෙහිදී සඳහන් නොකරන  ලද  ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් අරගැනීමට  හැකි තවත් බොහොමයක් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග මෙහි තිබෙනවා 


විශේෂාංග 

1. ළමුන් අන්තර්ජාල සහ පරිගනකය භාවිතා කරන කාලය සීමා කිරීම.

2. සිදු කර තිබෙන සියලුම වෙනස් කම් ප්‍රෝග්‍රෑම් ලොග් වලින් බලා ගැනීමට හැකි වීම 

3. මුරපද මගින් සෙටින්ග්ස් ආරක්ෂා කර ගැනීම. 

4. සමහරක් වැඩසටහන් අවහිර කිරීම 

5. දරුවා විසින් අනවශ්‍ය දේවල් සිදු කරනවානම් එම මොහොතේදීම ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීම.

6. වෙබ් අඩවි වල අඩංගු කරුණු පෙරා අසැබ් වෙබ් අඩවි වලින් දරුවා ඉවත් කර තැබීම. 


දෙමව්පියන්ගේ එකම සම්පත වෙන්නේ තමන්ගේ දරුවන්. එම නිසා තමන්ගේ දරුවා අන්තර්ජාලය භාවිතා කරන විට දෙමව්පියන් අවධානයෙන් සිටීම අතිශය වැදගත් දෙයක්. මොකද අන්තර්ජාලය කියන්නේ හොඳ හා නරක යන දෙකම තිබෙන  ස්ථානයක්. එහි දී ඉඩකඩ තිබෙනවා තවත් පුද්ගලයෙකුට පහසුවෙන්ම ඔබේ දරුවා අසැබ් දේවල් වලට පොලඹවා ගැනීමට. මෙම මෘදුකාංගය භාවිතා කොට අන්තර්ජාලයේ තිබෙන අහිතකරවු දේවල් වලින් දරුවා ආරක්ෂා කරගැනීමට හැකියාව තිබෙනවා.එම මෘදුකාංගය පහතින් ඩවුන්ලෝඩ් කරගන්න. 
PureSight

Name: Mikko Owns s/n: 984D-38KD-3289-DJ3K

2 comments: