Top 6 Prison Hacks

සිරකරුවන් අතින් නිර්මාණය වුනු නිර්මාණශීලී  උපකරණ 6 ක්. 



එදිනෙදා සාමාන්‍ය ලෙස ජීවිතය ගත කල පුද්ගලයින්  හදිසියේම සිරගත වූ විට ඔවුන් ඔවුන්ගේ ජීවිතය පිළිබඳව මහත් කල කිරීමකට පත් වෙනවා. නිර්මාණශීලී පුද්ගලයින් සිරගත වුවද ඔවුන්ගේ එම නිර්මාණශීලීත්වය සිරගත කිරීමට කිසිවෙකුටව හැකියාවක් ඇත්තේ නැහැ. එම නිසා ඔවුන් පෙළඹෙනවා  නිදහස්ව සිටින කාලය තුල භාවිතා කරනු ලැබූ උපකරණ සිරගෙය තුලින් සොයා ගැනීමට හැකි අවම සම්පත් භාවිතා කොට නිර්මාණය කරගැනීමට. ඒවා අතර අතිශය මාරාන්තික ආයුධද නැතිවාම නෙවෙයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එලෙස සිරකරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ නිර්මාණශීලී උපකරණ කිහිපයක් පිළිබඳවයි. 


1. Lighter ( දල්වනය )


සිරගෙය තුල අමාරුවෙන් හොයාගන්න සිගරට් එකක් සහ ඉටිපන්දමක් පත්තු කරගන්න ඔවුන්ට අවශ්‍ය වෙනවා දල්වනයක් ( Lighter ).  නමුත් සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් ඒවා භාවිතා කිරීමට සිරකරුවන්ට අවස්තාවක් නැහැ . මොකද  සිරගෙවල් තුල එවැනි දේ නීති විරෝධී වෙනවා. මේ ඉහත පින්තූරයේ තිබෙන ද්‍රව්‍ය එකිනෙකට සම්බන්ධ කල විට හොඳ දල්වනයක් ( Lighter ) නිර්මාණය කරගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. මෙයින් සාමාන්‍ය ලයිටරයක මෙන් ගින්දර දැල්වී නොතිබුනත් බැටරිය සහ වයරය එකිනෙකට ස්පර්ශ කල විට එයින් නිකුත් වෙන ගිනි පුලිඟු සිගරටයක් දල්වා ගැනීමට තරම් සෑහෙනවා. 






2. Killing Blade ( මාරාන්තික අවිය )




මෙය පෙනුමෙන් කුරුසයක් සේ දිස් උනත් පුද්ගලයෙකුට මාරු කැඳවිය හැකි මාරාන්තික අවියකි. මෙය ආගමික සංකේතයක් නිසා සිරගෙවල් ආරක්ෂකයින්ගේ වැඩි අවධානය මේ වෙත යොමු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිරකරුවන් උල් ආයුධ නිර්මාණය කරගැනීමට කුකුළු කටු. දත් බුරුසු වල මිටවල් වගේ දේවල් භාවිතා කරනවා. නමුත් මෙය ඊට වඩා දියුණු එකක්. මොකද මෙය නිර්මාණය කරතිබෙන්නේ සිරගෙවල්  වල තිබෙන වැඩපොලකින්. 


3. Liquid Heater ( ද්‍රව තාපකය )


මෙය  තේ සහ කෝපී සකස් කරගැනීමට භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය හීටරයක් සේ සිරකරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ හීටරයක්. සිරගෙවල් තුලට මත්ද්‍රව්‍ය පිටතින් රැගෙන යෑම අතිශය දුෂ්කර කාර්යයක්. එම නිසා ඔවුන් පෙළඹෙනවා සිරගෙය තුලදීම එම මත්ද්‍රව්‍ය සාදා ගැනීමට. මෙම ගිල්වන හීටරය මගින්  සිරගෙය තුලින් සොයා ගැනීමට හැකි පලතුරු පල්කොට පැසුණු  මත්ද්‍රව්‍ය සකස් කරගැනීමට ඔවුන් ක්‍රියා කරනවා.  මෙය සාදාගෙන තිබෙන්නේ රැවුල කැපීම සඳහා භාවිතාකරන මුවහත් තල ( Blade ) සහ විදුලි රැහැනක් භාවිතා කරමිනි. 


4. Stove ( ගිනි උදුන )



ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ පුද්ගලයින් සිරගෙදර තමන්ගේ නිවස පරිදි සැපපහසුවට සිටීමට උත්සහ කරනවා. එම නිසා ඔවුන් එදිනෙදා නිවෙස් වල භාවිතා කරන උපකරණයන් සිරගෙය තුලද නිර්මාණය කරගැනීමට පෙළඹී තිබෙනවා. සාමාන්‍ය නිවෙසක තිබෙන ගිනි උදුනක් නිර්මාණය කිරීමට ගත්  සාර්ථක උත්සහයක් තමයි මේ ඉහත පින්තූරයෙන් දිස් වෙන්නේ. මෙය විදුලියෙන් ක්‍රියා කරන විදුලි උඳුනක්. මෙය සාදා ගැනීමට ඔවුන් භාවිතා කර තිබෙනවා කැඩුණු හීටර් වල කොටස්, ඇලුමිනියම් පටි වැනි දේ. එයින් ඔවුන්ට හැකියාව තිබෙනවා තම  නිවසේ සිටිනවා වාගේම ආහාර පිසීමට වගේම පිසූ ආහාර රත්කරගෙන අනුභව කිරීමට. 


5. Smoke Pipe ( දුම් පයිප්පය )




දුම් පයිප්ප භාවිතා කල පුද්ගලයින් සිර ගත වූ විට ඔවුන් හට එය නොමැතිවම බැරි වෙනවා. එම නිසා ඔවුන් සිරගෙය තුලින් පහසුවෙන් සොයා ගැනීමට හැකි ද්‍රව්‍ය මගින් දුම් පයිප්පයක් නිර්මාණය කරගැනීමට උත්සහ කරනවා. එවැනි සාර්ථක උත්සහයක් තමයි මේ  ඉහත පින්තූරයේ දිස් වෙන්නේ. මෙය නිර්මාණය කර තිබෙන්නේ ඉවත දමන හිස් දත්බෙහෙත් ටියුබයක් මගිනි. 


6. චෙස් ඉත්තන් මෙන් සැකසු වැල් ඉනිමගක්.




මෙය චෙස් ක්‍රීඩාව කිරීම සඳහා සාදනු ලැබූ චෙස් ඉත්තන් මෙන් දිස් උනත් සිරගෙයින් පැන යාම සඳහා නිර්මාණය කරනු ලැබූ වැල් ඉනිමගක්.  ආරක්ෂිකයින්ගේ ඇස නොගැටෙන පරිදි නිර්මාණය කර තිබෙන මෙම වැල් ඉනිමග ඕනෑම අවස්තාවක ක්ෂණිකව ප්‍රයෝජනයට ගත හැකි සේ නිර්මාණය කර තිබෙනවා. 


මෙම ලිපිය මගින් අපි ඔබව දැනුවත් කිරීමට උත්සහ කරේ සිරගත වී සිටින පුද්ගලයින් අතර වුවද නිර්මාණශීලී අදහස් ඇති පුද්ගලයින්ද සිටින බව පෙන්වා දීමටයි. මෙවැනි තවත් බොහෝ උපකරණ තිබෙනවා. මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාරය අනුව ඒවාද ඉදිරියේදී ඔබ හමුවේ තැබීමට අදහස් කරනවා.  

8 comments: