Human Head Transplant Now Possible
මිනිස් හිසක් බද්ධ කිරීම තව දුරටත් සිහිනයක් නෙවෙයි
අද වෙන විට වෛද්‍ය විද්‍යාවට කල නොහැක්කක් නොමැති තරම් . මිනිස් සිරුරුරේ යම් ඉන්ද්රියයන් සාර්ථක ලෙස බද්ධ කිරීම් පිළිබඳව ඔබ කොතෙකුත් අසා ඇති . නමුත් ඔබ සිහිනෙකින් හෝ සිතුවාද මිනිස් හිසක් බද්ධ කිරීමට නුතන වෛද්‍ය විද්‍යාවට හැකියාවක් තිබෙනවා කියා.
මෙම අදහස අද වෙන තුරු සිහිනයක්ව පැවති දෙයක්. මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ ශල්‍ය වෛද්‍ය " Canevero" සහ ඉතාලියානු ජාතික විශේෂඥ ස්නායු වෛද්‍යවරුන් පවසන ආකාරයට අද පවතින දියුණු වෛද්‍ය තාක්ෂණය මිනිස් හිසක් බද්ධ කිරීමට තරම් සෑහෙන එකක් බවයි.
මිනිස් හිස් බද්ධ කිරීම දැඩි ලෙස විවාධයට තුඩු දෙන කරුණක්ව පැවතියා. විවාධයට මුලික වුනු කරුණ උනේ වෙනත් සිරුරක තිබෙන කොඳු ඇටපෙලකට තවත් හිසක් බද්ධ කරන්නේ කෙසේද යන්නයි. " Fusogens" සහ " plastic membranes" කියන තාක්ෂනය පැමිණීමත් සමග මිනිස් හිසක් බද්ධ කිරීම ඇත්තටම සිදු කල හැකි බව විවාධයකින් තොරව බොහෝ දෙනෙක් පිළිගනු ලැබුවා . "Fusogens" මගින් ස්නායු ආවේගයන් දායකයාගේ ස්නායු පද්දතියට සාර්ථකව සම්ප්‍රේෂණය කිරීමටද හැකියාව තිබෙනවා.
වෛද්‍ය " Canavero" මහතා විශ්වාස කරනවා තව අවුරුදු කිහිපයකින් මිනිස් හිසක් සාර්ථකව බද්ධ කිරීම කල හැකි බව. ඒ වගේම අවුරුදු කිහිපයක්ම කෝමා තත්වයේ පසුවුන රෝගියෙකු විද්‍යුත් උත්තේජනයක් ලබා දීම මහින් නැගිටවීමට ඔහුට හැකි වී තිබෙනවා. ඔහු මෙම පරීක්ෂණ සිදු කරනු ලබන්නේ " Robert White" කියන ස්නායු ශල්‍ය වෛද්‍ය වරයාගේ න්‍යායයන් පදනම් කරගෙනයි. " Robert White" කියන්නේ වඳුරු හිසක් සාර්ථකව බද්ධ කිරීමක් සිදු කල වෛද්‍යවරයෙක්.
මෙම ක්‍රියාවලිය සඳහා සිරුරු දෙකක් අවශ්‍ය වෙනවා. දායකයා සහ ප්‍රතිග්‍රාහකයා යනුවෙන් එම සිරුරු දෙක හඳුන්වන්න පුළුවන්. එම සිරුරු එක්තරා උෂ්ණත්වයකට සිසිල් කරගනු ලබනවා. ඉන් පසුව ශල්‍ය වෛද්‍ය වරයන් දෙදෙනෙකු විසින් එකවිදියකට සිරුරු දෙකේම කශේරුකා කැපීමක් සිදු කරනවා.ඉන්පසුව දායකයාගේ හිස ප්‍රතිග්‍රාහකයාගේ ශරීරයට වහාම ස්ථානගත කරනවා. " Fusogens" තාක්ෂනය මගින් කොඳු ඇටපෙලට එම හිස අමුනනු ලබනවා. මේ ඔබ පහතින් දකින්නේ අවුරුදු කිහිපයකට පෙර වඳුරු හිසක් සාර්ථකව බද්ධ කල ආකාරයයි. සංවේදී පුද්ගලයින් මෙය නැරඹීමෙන් වලකින්න.
තව දුරටත් මිනිස් හිසක් බද්ධ කිරීම විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි කියා ඔබට අවබෝධ වෙන්න ඇති කියල හිතනවා. වර්තමානයේ තිබෙන වෛද්‍ය තාක්ෂනය අනුව එය ඇත්තට සිදු කිරීමට හැකියාව තිබෙනවා.
එතකොට අනිත් ඔලුවේ මොලේද හයි කරන කෙනාට ලැබෙන්නේ? එතකොට ඒ කෙනාගේ මතකය,හැකියාව වගේ ඒවාත් ලැබෙනවානේ :O !!
ReplyDeleteපුදුම වැඩේ........! හැබැයි මේ වැඩේ නිසා ප්රෂ්ණත් ගොඩක් අතිවෙයි,
ReplyDeleteඇප් ලංකා..., අපි picasa වලට up කරන photos වෙන කාටවත් බලන්න බැරිද???
ReplyDeletepicasa walata photo uplaod karanakota public widiyata add karanna puyluwan ethakota , hamotama balanna puluwan
Delete