Russia To Open A Hotel In Space by 2016
2016 වර්ෂයේදී අභ්‍යවකාශයේ භෝජනාගාරයක් විවෘත කිරීමට රුසියාව සැරසෙයි.
(Orbital Technologies) නමින් හඳුන්වන රුසියාවේ සමාගමක් විසින් නිවේදනය කර තිබෙනවා අභ්‍යවකාශය තුල සුපිරිතම භෝජනාගාරයක් නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙන බව . ඔවුන්ගේ අදහස වෙන්නේ වානිජමය අරමුණක් සඳහා මෙම ලෝකයෙන් පිටත අභ්‍යවකාශ භෝජනාගාරයක් නිර්මාණය කිරීමයි.
ඔවුන් පවසන්නේ එම භෝජානාගාරයේ තිබෙන කුටි 4ක් මගින් පුද්ගලයින් හත්දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සැලසිය හැකි බවයි. පෘථිවි මට්ටමේ සිට 350 Km ඉහල අහසේ මෙම භෝජනාගාරය කක්ෂගත කොට තිබෙනවා. රූපවාහිණි නරඹමින්, අන්තර්ජාලයේ සැරිසරමින් තමන්ගේ කාලය ගත කිරීමට පාරිභෝගිකයින්ට අවස්තාව තිබෙනවා . ඒවගේම තමයි ඔවුන්ට අවශ්‍යනම් සිරස්ව හෝ තිරස්වද නිදාගැනීමට හැකියාව තිබෙනවා.
මෙම භෝජනාගාරය තුල ගුරුත්වාකර්ෂණය බින්දුවක් වීම හේතුවෙන් ගලාගෙන යන ජලය භාවිතා කිරීමට නොහැකි වෙනවා, එම නිසා පිරිසිඳු කිරීම් කටයුතු සිදු කරගැනීමට වෙන්නේ පිසදා ගැනීම මගිනුයි. ඒවගේම තමයි වැසිකිලි වල තිබෙන අපද්‍රව්‍ය පිටකරනු ලබන්නේ වායු ධාරාවන් උපයෝගී කොට ගෙනයි. පිටකරනු ලබන අපවිත්‍ර ජලය සහ වාතය පෙරීමට ලක් කොට නැවත පරිභෝජනය කිරීමට හැකි වෙන ලෙස ප්‍රතිචක්‍රීකරණය කරනු ලබනවා. මෙම අවන්හල වෙත ආහාර සපයනු ලබන්නේ පෘතුවියෙනි. පෘතුවියේදී සකස් කරනු ලබන එම ආහාර භෝජනාගාරයට එවීමට ප්‍රථම අධිකලෙස ශීතකොට වියලාගනු ලබනවා ( freeze-dried ).
මෙහි නිවාඩුව ගත කිරීම සඳහා පැමිණෙන අයට ඩොලර් මිලියනක් පමණ මුදලක් වැය කිරීමට සිදු වෙනවා. එම පැකේජයට අනුව අභ්‍යවකාශ භෝජනාගාරයේ දවස් 5ක් නවාතැන් ගැනීමට ඔවුන්ට අවස්තාව තිබෙනවා. ඒවගේම දවස් දෙකක අභ්‍යවකාශ චාරිකාවක් ද එම පැකේජයට ඇතුලත් වෙනවා. (Orbital Technologies) ආයතනය පවසන පරිදි, මේ වනවිටත් එහි වැඩකටයුතු සිදු වෙමින් පවතින අතර 2016 වර්ෂයේදී එය විවුර්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙන බවයි.

පිටත පෙනුම
දවස් 5කට ඩොලර් මිලියනයක් වියදම් කරන්න ලෝකේ කීදෙනෙක්ට පුලුවන් වේවිද?? අනේ ඔය කසන සල්ලි ටික ලෝකෙ දුප්පතුන්ට බෙදල දාපල්ල බන්. උබල මැරෙන කොට ඒකවත් ඉතුරු වෙයි
ReplyDelete