A Photo Tour of Google Data Centers Around the World

Google සමාගමේ ලොව පුරා තිබෙන දත්ත මධ්‍යස්ථානයන් වෙත චාරිකාවක්.



Google සමාගම විසින් ලොව පුරාම විහිදී තිබෙන 13 ක් පමණ වූ ඔවූන්ගේ දත්ත මධ්‍යස්ථාන වල පින්තූර විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට එකතු කොට තිබෙනවා. එම දත්ත මධ්‍යස්ථාන වලින් 7ක් ඇමරිකාව තුලද, 3ක් ආසියාවේද අනෙකුත් තුන යුරෝපයේද පිහිටා තිබෙනවා. ඒවගේම එම දත්ත මධ්‍යස්ථාන සතියේ දවස් හතේම පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනවා. ලෝකයේ ලොකුම අන්තර්ජාල සමාගම වෙන Google සඳහා බලය සපයන එම දත්ත මධ්‍යස්ථාන ඇත්තටම චිත්තාකර්ශනීය වෙනවා.


1. Douglas Country, Georgia, USA 


"මෙම වර්ණවත් බට මගින් සිදු කරන්නේ අපගේ මධ්‍යස්ථානය සිසිලනය කිරීම සඳහා අවශ්‍ය කරන ජලය  ලබා ගැනීම සහ  පිටකිරීමයි. ඒ වගේම ඔබ දකිනවා ඇති  පින්තූරයේ තිබෙන පාපැදියක් එය අප හඳුන්වන්නේ (G-Bike ) යනුවෙන්. කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දත්ත මධ්‍යස්ථානය තුල ගමන් කිරීම සඳහා එය භාවිතා කරනවා." 


2. Douglas Country, Georgia, USA




" පිළිවෙලකට අසුරා තිබෙන මෙම (Server) වල ඇති  LED බල්බයන් විසින් අපට දැන  ගැනීමට හැකියාව තිබෙනවා ඒවා නිවැරදිව වැඩකරනවාද යන්න පිළිබඳව. LED බලබයන් භාවිතා කිරීමට හේතුව වන්නේ ඒවා වල තිබෙන වැඩි කාර්යක්ෂම තාවය, දිගුකාලීන පැවැත්ම සහ දීප්තිමත්බව යහපත් මට්ටමින් පවතින  නිසා."


3. Berkeley Country, South Carolina, USA 


"යම්කිසි හේතුවක් නිසා දත්තයන් වලට කුමක් හෝ  සිදු වුනොත්,  ඒ සඳහා අපි සියලුම දත්තයන් Backup කර ගෙන තබා ගන්නවා. මේ ඔබ දකින්නේ එලෙස අපි තොරතුරු Backup කරගෙන තබා ගන්නා එක ස්ථානයක්. මෙහි දැකගන්නට ලැබෙන රොබෝ අත්  මගින් අපට උදව් වෙනවා තොරතුරු ගබඩා කර තිබෙන Tapes පැටවීමට සහ බාගැනීමට අපිට අවශ්‍ය වූ විට."

4. Council Bluffs, Lowa, USA




" අපගේ  ( Campus Network Room) එක තුල තිබෙන Routers, Switches  මගින් අවස්ථාව උදා කර දෙනවා දත්ත මධ්‍යස්තානයන් අතර සන්නිවේදන කටයුතු සිදු කිරීමට . එම මධ්‍යස්ථාන එකිනෙකට සබන්ධ වෙන්නේ  (Fiber Optic Network) එකකින්. එම Network එක අතර දත්තයන් හුවමාරු වෙන වේගය සාමන්‍ය නිවසක තිබෙන අන්තර්ජාල සම්බන්ධතාවයකට වඩා 200, 000 ගුණයකින් වැඩි වෙනවා. මෙම පින්තූරයේ සිවිලිමට ආසන්නයේ කහ පැහැයෙන් යුතුව තිබෙන්නේ එම (Fiber Optic Cable) සමුහයයි." 


5. Douglas Country, Georgia, USA


" අඩි දහස් ගණනකින් යුතු (Pipe Line) අපගේ දත්ත මධ්‍යස්තානයන් තුල තිබෙනවා. එම බට අප විසින් දීප්තිමත් වර්ණයන්ගෙන් පින්තාරු කර තිබෙන්නේ එම බට වෙන් කර හඳුනා ගැනීම පිණිසයි. මෙම පින්තූරයේ තිබෙන දීප්තිමත් පැහැයෙන් යුතු රෝස පාට බට මගින් ශීතකරණ ( වම් පස තිබෙන කොළ පැහැයෙන් යුතු ඒකක  )වල තිබෙන ජලය පිටත තිබෙන සිසිලන කුලුනක් වෙත රැගෙන යනු ලබනවා." 


6. Mayes Country, Oklahoma 


"  සෑම (Server Rack) එකක් සතුවම තිබෙනවා (Switches) 4 ක් එකිනෙකට වෙනස් වූ වර්ණයන්ගෙන් යුතු වයර් වලින් සම්බන්ධ වුනු . අප විසින් දත්ත මධ්‍යස්ථානය පුරාම මෙම වර්නයන් සමාන ලෙස භාවිතා කරනවා. එයින් අපිට පහසු වෙනවා හඳුනා ගැනීමට ප්‍රතිස්ථාපනය කල යුතු වන්නේ කුමක්ද යන්න යම් කිසි අවස්තාවකදී එසේ සිදු කිරීමට අවශ්‍ය වුන හොත්."

7. The Dalles. Oregon 


"මෙහිදී අපභාවිතා කරනු ලබනවා චලනය හඳුනාගැනීමට හැකි සංවේදක (motion-sensor) ඒ මගින් ස්වයංක්‍රීයවම ප්‍රධාන ආලෝකය නිවා දමනවා යම් ප්‍රදේශයක්  තුල  කිසිවකු නොමැති  අවස්තාවකදී. එයින් අපට බලය ඉතුරු කරගැනීමට පුළුවන් වෙනවා. ලෝකයෙහිම තිබෙන දත්ත පෙරනු ලබන මෙම  ස්ථානයේ තිබෙන නොයෙකුත් වර්ණයන්ගෙන් යුතු LED බල්බ වලින් පිටවෙන දීප්තිමත් ආලෝක ය වසර පුරාම පැවැත්වෙන උත්සවයක අසිරියක් ගනු ලබනවා."


8. Council Bluffs, Lowa, USA



"අපගේ ( Council Bluff ) දත්ත මධ්‍යස්ථානයේ ( Network Room) එකේ ප්ලාස්ටික් තිර එල්ලා තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. මෙහිදී අප විසින් පොළවෙන් සිසිල් වායුන් පිටකරන අතර   මෙහි එල්ලා තිබෙන ප්ලාස්ටික් භාදක උදව් වෙනවා එම සිසිල් වායුව වැඩි වෙලාවක් ඇතුලත රඳවා ගැනීමට."


9. The Dalles, Oregon  


"මේ ඔබ දකින්නේ අධික ලෙස රත් වුනු (CPU) එකක්  පරික්ෂා කර බලන අපගේ කාර්ය මණ්ඩලයේ සේවිකාවක්. අවුරුදු දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ අපි විසින් ගොඩ නගා තිබෙනවා ලෝකයේ වැඩිම කාර්යක්ෂම තාවයකින් යුතු ( Servers)"


10. Hamina, Finland 



"Hamina කියල කියන්නේ යුරෝපයේ තිබෙන අපේ දත්ත මධ්‍යස්තානයන්ගෙන් එකක්. මෙය කලින් කඩදාසි මෝලක් පවත්වා ගෙන ගිය ස්ථානයක්."

මෙම ලිපිය කියවීමෙන් ඔබේ දැනුමට වැදගත් යමක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීමක් හැටියට comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදීත් මෙවැනි ලිපි ඔබ වෙත ගෙන ඒමට එය ශක්තියක් වෙනවා. 

29 comments:

  1. very useful info... Thanks

    ReplyDelete
  2. Ela machooo. Thawa aluth deyak danagathha.

    ReplyDelete
  3. Ela machooo. Thawa aluth deyak danagathha.

    ReplyDelete
  4. niyama post ekak bro....

    ReplyDelete
  5. Aththatama watinawa

    ReplyDelete
  6. Sri Lankan 1st daily updating web site

    ReplyDelete
  7. SUPER.. kiyala wadak na... godaak watinawa...

    ReplyDelete
  8. nodanna dewl godaaaaaaaaaaaaak tinawa api

    ReplyDelete
  9. apita jiwitheta yanna bari dakinna bari deyak pennuwata thanks matchan me wage tanaka job ekak karanna tibunanan maru bro

    ReplyDelete
  10. ගොඩක් වටිනවා මෙවැනි ලිපි.අපි ඉදිරියේත් මෙවැනි ලිපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.බොහොම ස්තුතියි!

    ReplyDelete
  11. Great work.. Keep up the good work.. :-) Thanks..

    ReplyDelete