5 Reasons The Moon Landings Could Be a Hoax

සඳ මත පාතැබීම වංචාවක් යැයි පෙන්වාදිය හැකි කරුණු 5 ක් 




ඇමරිකාව විසින් සඳ මත පා තැබීම විශ්වාස නොකරන ඇමරිකානුවන් 20% ප්‍රමාණයක් සිටින බව මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයක් මගින් හෙළි වී තිබෙනවා. ඒ වගේම  සඳ මත පාතැබීම පිළිබඳව  ඇමරිකාව සහ රුසියාව අතර  එවකට පැවති තරඟකාරී තත්වය තුලදී ඇමරිකානු රජය තමන් සඳ පා තැබුවේ යැයි ලොවටම මවා පෑමක් කල බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා . ඔවුන්ගේ එම මතය සනාත කිරීමට හැකි කරුණු 5ක් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා.


1. ලෙල දෙන කොඩිය


සඳ මත පාතැබීම සජීවීව රූපවාහිනී නාලිකා මගින් විකාශනය කරා. එහිදී දකින්නට ලැබුණු දෙයක් තමයි සඳ මත සිටවා තිබුණු ඇමරිකානු කොඩිය සැලෙමින් ලෙලදෙනවා. චන්ද්‍රයාගේ වායුගෝලය තුල වාතය නොමැති තත්වයක් තිබියදීත් ඇමරිකානු කොඩිය සුළඟින් ලෙල දීමට ලක්වුණේ කෙසේද යන කරුණයි ඔවුන් විසින් ඇමරිකාව දෙසට එල්ල කරන ලද පළමු චෝදනාව.


2. පැහැදිලි නොකළහැකි වස්තුවක් 


"Appollo 12" මෙහෙයුමේදී දැකගන්නට ලැබුණු ඉහත චායාරූපය දෙස හොඳින් අවධානය යොමුකල  හොත්  ඔබට දැකගන්නට ලැබේවි ගගනගාමියාගේ ආරක්‍ෂිත හිස් ආවරණයට වැටී තිබෙන අමුතු වස්තුවක ප්‍රතිබිම්බයක්. එම වස්තුව තරමක් විශාලනය කර දක්වා තිබෙනවා ඉහත පින්තූරයේ. එම වස්තුව ඉතාමත් සමාන වෙනවා  "Film Studio" වලදී ආලෝක කරණය සඳහා උඩින් එල්ලා තබන "spotlight" එකකට. නමුත් මෙම පින්තූරයේ ගුණාත්මක භාවය ඉතාමත්  අඩු මට්ටමක පවතින නිසා එය වඩාත් නිවැරදිව පැවසීමට අපහසු වෙනවා.


3. ආලෝක ප්‍රභවයන් කිහිපයක් 



චන්ද්‍රයා සතුව පවතින්නේ  එක්  ප්‍රබල ආලෝක ප්‍රභයක් පමණයි. ඒ නම් සුර්යයා පමණයි. එම හේතුව නිසා සඳ මත පාතැබීමේදී ගනු ලැබූ දර්ශන සහා චයාරූප වල තිබෙන සෙවනැලි එකිනෙකට සමාන්තර විය යුතු වෙනවා. මෙම ඉහත චායාරූපයේ දකින්නට ලැබෙන සෙවනැලි වෙනස් දිශාවන් වලින් වැටී තිබීම නිසා පැවසීමට හැකි වෙන්නේ ආලෝක ප්‍රභයන් එකකට වඩා වැඩි ගණනක් ඇති "Film Studio" එකක් වැනි තැනකදී සඳ මත පාතැබීම පටිගත කර ඇති බවයි. 


4. ඉතාමත් පැහැදිලි පිය සටහන්.




සඳ මත පාතැබීම නිසා  ගගනගාමීන්ගේ බූට් වලින් සෑදුන  පිය සටහන් වල තිබෙන රේඛාවන් ඉතාමත්ම පැහැදිලිව දිස් වෙනවා ඔබට පෙනෙනවා ඇති. මෙම පින්තූරයේ සිටින්නේ "Aldrin" කියන ගගනගාමියා වන අතර ඔහු මෙතනදී සිදු කරන්නේ චන්ද්‍රයාගේ  මතු පිට තිබෙන පස පිළිබඳව අධ්‍යයනය කිරීම පිණිස චායාරූපයක් අරගැනීමයි. සඳ මතදී අරගනු ලැබූ පින්තූර කිහිපයකම තිබෙනවා ගගනගාමීන්ගේ බූට් වලින් සෑදුන මෙවැනි ආකාරයේ පැහැදිලි පියසටහන් විශාල ගණනක්.

අපි හැමෝම දන්නවනේ දැන් මොකක්ද කියල මෙතන තියෙන ගැටලුව .ඒ තමයි, චන්ද්‍රයාගේ පෘෂ්ටය මතු  පිට  ජලය  නොපැවතීම නිසා කිසි ලෙසකින් මෙලෙස පැහැදිලිව පියසටහන් ඇති වීමට කිසිඳු හේතුවක් නැහැ. මොකද චන්ද්‍රයා කියල කියන්නේ සම්පූර්ණයෙන්ම වියලුන ලෝකයක් නිසා.


5. පිටපත් කරන ලද පසු තිරය 




උඩ තිබෙන පින්තූර දෙක අරගෙන තිබෙන්නේ සැතපුම් කිහිපයක් පමණ දුරකින්. එම පින්තූර දෙකෙහි පසුබිමෙහි  තිබෙන උඩ  කොටස එකිනෙකට සමානකමක් තිබෙනවා ඔබට දැකගන්නට පුළුවන් පහසුවෙන්ම. සඳ මත පාතැබීමේ දර්ශන පටිගත කරගැනීම සඳහා NASA ආයතනය විසින් සරලව සාදාගනු ලැබූ එකම පසුබිම් තලයක් භාවිතා කර තිබෙන බව මේ මගින් පැහැදිලි වෙනවා.

මේ ඉහතින් සඳහන් කරනු ලැබුවේ සඳ මත පාතැබීම වංචාවක් යැයි පැවසිය හැකි වෙන ප්‍රධානම කරුණු කිහිපයක් පමණයි. මෙයට අමතරව තවත් එවැනි කරුණු තිබෙනවා. ඒවා තවත් ලිපියක් මගින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 



සැ.යු :- මෙම ලිපය ලිවීමේ අරමුණ වුයේ  ඇමරිකාව මගින් සඳ මත පාතැබීම වන්චාවක් බව වැඩි දෙනෙක් ප්‍රකාශ කිරීමට හේතු වුනු කරුණු කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි. මෙය පිලි ගැනීම හෝ නොපිලි ගැනීම ඔබ සතු දෙයක් වෙනවා. මෙහි ඇතුලත් වෙන කරුණු සම්බන්ධව ඔබේ අදහස් නිදහස්ව comment එකක් මගින් ඔබට දැක්වීමට අවස්තාව තිබෙනවා. 

25 comments:

  1. me lipi coppy karaganna puluwan widiyata dannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo pllzzzzzzzzzzzzzz

    ReplyDelete
  2. coppy karanna puluwan widiyata dannakoooooooooooooooo

    ReplyDelete
  3. බොරුව හැමදාමත් යට ගහන්න බැ නේ..ඇමරිකාව කියන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම ලජ්ජා නැත වැඩක් කරන රටක්.

    ReplyDelete
  4. මේ ගැන විවිද මතවාද පහුගිය දවස්වලත් දක්නට ලැබුන නේද ..?... තාර්කිකව ඉදිරිපත් කර තිබීම ගැන සතුටුයි :)




    ReplyDelete
  5. Friends......... thawath deyak........... oya drama 1 liyala thiyenne Mr. athur c. clerk...

    ReplyDelete
  6. Piligana puluwan karunu thiilyanawa.wayu golaya nathi hinda kodiyak helawimak wenna ba thama.pruthiluwiye g ta wada chandrayage g godak adu hinda pa satahan gana aulak thiyanawa

    ReplyDelete
  7. Top 10 Reasons The Moon Landings Could Be A Hoax

    Read more: http://www.gizmocrazed.com/2013/01/top-10-reasons-the-moon-landings-could-be-a-hoax/#ixzz2mPlqCcv6

    ReplyDelete
  8. rusiyawe uri gagarin udu guwanedi pupura yama mekata sampurnayenma sambandai, uri gagarin sada matha pathabime boruwa danagena sitiya

    ReplyDelete
  9. niyama post eka bn..ela ela

    ReplyDelete
  10. Bro. Always remember that people who got power lust after more power. They will do anything to cover up their lies.

    ReplyDelete
  11. Yes.... these evidences cannot be altered or rejected.... I have watched a movie called "Apollo 18" that says another story..... but it is true there are some doubts with "American's Moon Triumph"... I am also not believing this completely... this may be a completely studio filmed movie directed by Arthur C Clerk....Also we all know that the Americans always have new technology than others... so they may have used such kind of technology to film this "MOVIE" or true incident as they say...!!! anyway this is a great post with no doubts or mistakes...!!! thumbs up...!!!!

    ReplyDelete
  12. ඇමරිකාව කියන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම ලජ්ජා නැත වැඩක් කරන රටක්.

    Anek karunu tikath lipiyakin danna....

    pls if you can give a chance to download this document as a PDF format....

    ReplyDelete
  13. meka eththawena puluwan bt hithennedda rusian karayo americans lath ekka hodatama malenn inne. mewa aththanam apita americansla boru karanne ki puduma tharahakne enne, rusian ayata apitawada pwer thibilath nikan idida?

    ReplyDelete
  14. And also there are nothing in the sky. We can see many things from Earth at night but from moon why it's an empty space? And there should be a gravity at least as Earth to keep sand in a particular place, but we know it's gravity is 1/6 to earth so it's impossible to keep a footprint while we are walking. And if you looked at the picture at the top, on the helmet of the man has a shadow towards him, but his shadow is at the left.

    ReplyDelete
  15. ඕක ඒ දවස්වල ඉඳන්ම කියන කතාවක්......
    හැබැයි ඔය ගොඩක් තර්ක බිඳ දමල තියෙනවා......

    කොඩිය - හඳේ ගුරුත්වාකර්ෂණය පෘථිවියට වඩා අඩු නිසා කොඩිය හැකිලිලා තිබුන විදියටම ටික වෙලාවක් තියන්න පුළුවන්.
    සෙවනැලි - හඳේ තියෙන්නේ සමතලා බිමක් නෙවෙයිනෙ. බෑවුම් තියෙන තැනක සෙවනැලිවල දිශාවල පොඩි වෙනසක් පේන්න පුළුවන්.
    පා සටහන් - සම්පුර්ණයෙන්ම වියලි නිසා හඳ මතුපිට දුවිල්ලෙන් වැහුනු පරිසරයක් තියෙන්නේ. එහෙම තැනක පා සටහන් පහසුවන්ම තියන්න පුළුවන්.

    මේ වගේ හැම එකටම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Oyaa e video eka dekala ne mae hite... Oya kodiya suli sulangata ahu una wage wenanawa oooooiiiiii....... Balahanko welawaka...

      Delete
  16. owa parana tharka owa ada eye kiyapuwa neme giyapu dawase idanma kiyapuwa ewata uththara deela thiyenne

    ReplyDelete
  17. Apoi man oita wada (mataka widiyata karunu 20k) kiyeuwa aurudu 3kata udadi pattareka.. Kohoma unat api oka gena waada karala wedak nam ne... Denumata hondai.. Moko api giyaye.... HIKZ.............!

    ReplyDelete
  18. pinak dahamak karaganilla boru weda walata kalaya nasthi nokara

    ReplyDelete
  19. thawa godak thiayanawa ...apolo yanawen mathu una polu kaali,ethakota mee eka picture ehekawath ahase tharu naha.wayugolayak nathi hinda ahase tharu peennama ona......ooka maha boruwak

    ReplyDelete
  20. America we kiyanne koi weleth anith ratawal welete wada waddo inne kiyela pennene ratak...Anike....ehe janadipathi hithanne eya thama lokeme lokka kiyela.....
    Lokukame yanne aththe loketeme heli wunate passe....

    ReplyDelete