Hacker database discovered with millions of account credentials from Facebook, Twitter, Yahoo

Facebook, Twitter, Yahoo වැනි ගිණුම්වලින් සොරකම් කරන ලද  මුරපද මිලියන ගණනක් ඇති "Hacker Database" එකක් සොයාගැනේ 




(Cyber Security Firm Trustwave) හී පරීක්ෂකයින් විසින් මීට දින කිහිපයකට පෙර සොයා ගෙන තිබෙනවා මුරපද මිලියන දෙකකට පමණ වැඩියෙන් ඇතුලත්  " Hacker Database" එකක්. ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ Facebook, Twitter, Yahoo, Gmail වැනි අන්තර්ජාල ගිණුම් වල මුරපද තමයි මෙසේ ඔවුන් විසින් සොරකම් කර තිබෙන්නේ.

එම "Hacker Database" එකෙහි තිබෙන සොරකම් කරන ලද මුරපද ඇතුලත් අන්තර්ජාල ගිණුම් වල ප්‍රමාණයන් ඔබට පහතින් දැක ගැනීමට පුළුවන්.

1. Facebook Accounts            = 318,121 
2. Twitter Accounts                = 21,780 
3. Google Related Accounts   = 54,437 
4. Yahoo Accounts                 = 59,594 


තවද ඔවුන් සතුව e-mail ගිණුම් 320,000ක් සඳහා පිවිසීමට හැකියාව තිබෙන මුරපද එම දත්ත ගබඩාවේ තිබී තිබෙනවා. එපමණක්  නොව ලෝකයේ පරිගණක විශාල සංඛ්‍යාවක තිබෙන දත්තයන් ලබා ගැනීමටද, ඒවා දුරස්තකව පාලනය කිරීමට හැකි තොරතුරුද එම දත්ත ගබඩාවෙහි තිබී සොයා ගෙන තිබෙනවා.

ඔවුන් වැඩි වශයෙන්ම ඉලක්ක කර තිබෙන්නේ නෙදර්ලන්තයයි. එය වඩාත්ම පැහැදිලි වෙනවා ඔවුන් විසින් සොරකම් කරන ලද මුරපද 90%ක්ම නෙදර්ලන්ත ජාතිකයන්ගේ වීම නිසා. 

මෙම ගිණුම් වල රහස්‍ය තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු මෘදුකාංගයක් තිබෙනවා ඒ තමයි " Pony Botnet Controller " කියන මෘදුකාංගය. එම මෘදුකාංගයේ ඇතුලත් වෙනවා ඉතාමත් ප්‍රභල " Keylogger" එකක්  පරිගනකයට ඇතුළු වූ ක්‍ෂනිකව එම පරිගනකය පරිශීලනය කරන පුද්ගලයා විසින් type කරන හැම මුරපදයක්ම ග්‍රහණය කර ගැනීමට හැකියාව තිබෙන.

එම පරීක්ෂකයින් පවසන පරිදි එහි තිබෙන මුරපද අතර බොහෝ දෙනෙක් මුරපද සඳහා පොදුවේ භාවිතා කර තිබෙන්නේ "123456" , 123456789, 1234 වැනි බොහොම සරල මුරපද බවයි.  කෙසේ නමුත් ඔබ විසින් වඩාත් ආරක්‍ෂිත මුරපදයක් භාවිතා කරත් එය වැදගත් වෙන්නේ නැහැ. මොකද Hackers ලා විසින් භාවිතා කර තිබෙන ක්‍රමය සලකා බැලු විට.


පරිගණක ලෝකයේ සිදු වෙන මෙවැනි සිදු වීම්  පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා අප සුදානමින් සිටිනවා. 




3 comments: