Apple’s New Spaceship Headquarters

අභ්‍යවකාශ යානාවකට සමාන  Apple සමාගමේ අලුත්ම මුලස්ථාන ගොඩනැගිල්ල 



Apple යන වචනය කියූ සැනින් ඔබට මතක් වෙන්නේ පලතුරකට වඩා ලෝකප්‍රසිද්ධ Apple සමාගම කිව්වොත් මම නිවැරදී. ඒ තරමටම ලෝකවාසී ජනතාව වෙතට මෙම සමාගම සමීප වී තිබෙනවා. කවදත් වෙනස්ම දෙයක් කරන ඔවුන් විසින් මේ වන විට සැලසුම් කර තිබෙනවා ලෝකයේ තිබෙන කාර්යාලීය ගොඩනැගිලි අතරින් වඩාත් විශ්මය ජනක කාර්යාලීය ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා. එම ගොඩනැගිල්ල ඔවුන්ගේ සමාගමේ මුලස්ථානය විදියට භාවිතා කිරීමටද ඔවුන් සැලසුම් කොට තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල  සෑදීම පිළිබඳව අදහස ඉදිරිපත් කර තිබෙන්නේ මෑතකදී මියගිය Apple සමාගමේ නිර්මාතෘ "Steve Jobs" විසිනි. "Cupertino City Council" විසින් එම විශ්මය ජනක ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා සම්පූර්ණ අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ කවාකාර ආකෘතිය ආවරණය කිරීම සඳහා වීදුරු වර්ග අඩි මිලියන 2.8 පමණ අවශ්‍ය වෙන බව ප්‍රකාශ කරතිබෙනවා. ඒවගේම වාහන 2400 පමණ ගාල් කිරීමට හැකියාව තිබෙන  භූගත රථගාලක්ද සෑදීමට සැලසුම් කර තිබෙනවා. තවද වර්ග අඩි 100,000 කින් යුත් යෝග්‍යතා මධ්‍යස්ථානයක්, වර්ග අඩි 120,000 කින් යුත් ශ්‍රවණාගාරයක්ද මෙම ගොඩනැගිල්ල තුලම ඉදිවෙනවා. මෙම සියලුම ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදියට කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

"ලෝකයේ තිබෙන විශිෂ්ඨම කාර්යාලීය ගොඩනැගිල්ල  "  ලෙස Steve Job විසින් හැඳින්වූ මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ඉදිකර අවසාන කිරීමට 2016 වර්ෂයේදී හැකියාව තිබෙනවා.


සම්පූර්ණයෙන්ම සාදා නිම කල පසුව Apple සමාගමේ මුලස්ථාන ගොඩනැගිල්ල දිස් වෙන අයුරු 














තවත් මෙවැනි අලුත් අලුත් දේවල් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපිව දිරීමත් කිරීම සඳහා Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

9 comments: