Top 5 Famous Logos, Which Have A Hidden Meaning

ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ සමාගම් 5 ක Logo වලින් කියවෙන ඔබ මෙතෙක් නොදැන සිටි සැඟවුණු අරුත්.




ලෝකයේ අතිශයින්  ප්‍රසිද්ධ  මෙම පහතින් දක්නට ලැබෙන සමාගම් වල logo බැලූ බැල්මට හරිම සරලයි. ඕනෑවට වඩා වැඩි බාහිර අලංකාරයෙන්ගෙන්  සහ වැඩි වශයෙන් සංකේත භාවිතා කරමින් නරඹන්නන් අවුල් සහගත තත්වයකට පත් කරන්නේ නැහැ. කොහොම නමුත්, එම සමාගම් වලටම අනන්‍ය වූ  එම logo ප්‍රමාණවත් වෙනවා ඔවුන්ගේ සමගම වගේම ඔවුන් සපයන එම විශේෂ සේවාව පහසුවෙන්ම හඳුනා ගැනීමට සහ නියෝජනය කිරීමට. එහෙනම් අපි සොයා බලමු ලෝකප්‍රසිද්ධ එහෙත් බොහොම සරල එම logo පිළිබඳව. ඒවා මෙතරම් අපගේ මතකයේ රැඳෙන්නට හේතුව  සහ ඒවා පිටිපස තිබෙන අර්ථය කුමක්ද යන්න පිළිබඳව. 


1.Pepsi 


Pepsi සමාගමේ ලාංචනය සරල වුර්තයක් . එහි උඩ කොටස රතු පැහැයෙන්ද පහල කොටස නිල්  පැහැයෙන්ද යුතු වෙනවා. ඒවගේම එම වුර්තය මැදින් සුදු රැල්ලක ආකාරයේ රේඛාවක් දිව යනවා. මෙම ලාංචනය සඳහා භාවිතා කර තිබෙන වර්ණ මගින් ඇමරිකානු කොඩිය නියෝජනය කරනවා. Pepsi සමාගම ඩොලර් මිලියන ගණනක් වැය කොට තිබෙනවා ඔබ දකින මෙම ලාංචනය නිර්මාණ කිරීම සඳහා. ඔවුන්ගේ පෙර පැවති ලාංචන හා සසඳන විට වර්තමාන ලාංචනයේ වැඩි වෙනසක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. සෑම නිල ලාංචනයක් සඳහාම ඔවුන් භාවිතා කර තිබෙන වර්ණයන් වෙන්නේ නිල්, රතු , සුදු යන වර්ණනයන්. එයින් පැහැදිලිවම පිළිඹිඹු වෙනවා ඔවුන්ගේ ලාංචනය මගින් ඔවුන් සංකේතවත් කර තිබෙන්නේ ඇමරිකානු කොඩිය බව.

මෙම ලාංචනයෙන් තවත් බොහෝ දේවල් කියවෙනවා ඒවානම් පෘථීවියේ චුම්භක ක්ෂේස්තරය, Feng Shui, පයිතගරස්, භූ ගති විද්‍යාව වගේ දේවල්.



2. Adidas 



Adidas සමාගම විසින් සිදු කරන්නේ ක්‍රීඩා ඇඳුම් සහ උපකරණ නිපදවීමයි. නමුත් බොහෝ දෙනෙක් එම සමාගම හඳුනන්නේ ක්‍රීඩා සපත්තු නිර්මාණය කරන සමාගමක් හැටියටයි. "Adidas" කියන නම නිර්මාණය වී තිබෙන්නේ එම සමාගමේ නිර්මාතෘ වරයාගේ මුල් නම සහ අග නමේ එකතුවක් හැටියටයි  ( Adolf Dassler ).

එම ලාංචනයේ එකිනෙකට වෙනස්  උස මට්ටම් කිහිපයකින් යුත් ත්‍රිකෝණයක් හැටියට තිබෙන ඉරි තුනක් තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. එම ඉරි මගින් කන්දක් සංකේතවත් කරනවා. මලල ක්‍රීඩකයන් හට තිබෙන අභියෝග සහ එම අභියෝග වලට මුහුණ දී ඒවා ජයගත යුතු බව එයින් අදහස් කරනවා.


3. Audi 


බොහොමයක් දෙනෙක් පුදුමයට පත් වෙන්න ඇති Audi සමාගමේ නිල ලාංචනයේ තිබෙන වළලු හතරෙන් අදහස් කරන දෙය පිළිබඳව.  එම වළලු හතර මගින් නියෝජනය කරනු ලබන්නේ Audi සමාගම නිර්මාණය කිරීම සඳහා එකට එක්වුණු මෝටර්රථ සමාගම් 4 යි. ඒවා නම් DKW, Horch, Wanderer සහ Audi යන සමාගම් හතරයි.



4. Mercedes-Benz 


Mercedes-Bens සමාගමේ රවුම් ලාංචනයේ මැද තිබෙනවා තරු සලකුණක්. ඒවගේම එහි තිබෙනවා හිස් අවකාශ තුනක්. එම හිස් අවකාශ තුන මගින් සංකේතවත් කරනු ලබන්නේ ගොඩබිම, මුහුද සහ අහසයි. ඔවුන්  එමගින් පැවසීමට උත්සහ කරනු ලබන්නේ ගොඩබිම, මුහුද සහ අහස යන තුනේම පවතින ඔවුන්ගේ ආධිපත්‍යයයි.



5. Valkswagen


"Valkswagen" කියන්නේ මෝටර්රථ නිෂ්පාදනය කරන ජර්මන්  ජාතික සමාගමක්. හොඳින් බැලුවොත් ඔබට පෙනේවි ඔවුන්ගේ ලාංචනයේ තිබෙන "V" සහ "W" යන අකුරු දෙක. ජර්මන් බසින් "Valks" යනුවෙන් හඳුන්වන්නේ මිනිසාටයි. ඒවගේම "Wagen" යන වචනයේ අර්ථය වෙන්නේ වාහනය යන්නයි. ඉතින් එයින් කියවෙන්නේ " මහජනතාවගේ  වාහනය" යන්නයි.



මෙවැනි ප්‍රසිද්ධ ලාංචන වල තිබෙන සැඟවුණු අරුත් වගේම රසවත් කතා පිළිබඳව ඔබත් දන්නේ නම් පහතින් ඔබගේ අදහස් සැමගේ දැනගැනීම පිණිස දක්වන්න. 



7 comments:

  1. adidas *All Day I Dream About Soccer*

    ReplyDelete
  2. TOYOTA ලාOචනය බලන්න එ ලාOචනයේ TOYOTA කියන අකුරු ටික එකම ලාOචනයේ දෑකගත හෑක.

    BMW කියන එකේ තේරුම "Be My Wife" කියන එකයි

    ReplyDelete
  3. "volkswagen" කියන්නෙ මහජනයාගේ වාහනය යන අදහසටයි. (නිවැරදි කිරීමක් ලෙස)

    ReplyDelete
  4. දන්නව නේද Toblerone chocolate factory 1, ඒකෙ logo 1න් විස්තර කරන්නෙ ඒ factory 1 පටන් අරන් තියන නගරයේ ඉතිහාසය ගැනයි, ඒක පටන් අරන් තියන්නෙ Bern කියන switzerland වල ගමක, ඒක ඉස්සර හන්දුන්වල තියන්නෙ වලසුන්ගේ ගම කියල ඒකයි ඒ ගොල්ලො කන්දක් අස්සෙ ඉන්න වලහෙක්ව පෙන්නල තියන්නේ

    http://www.stlogos.co.uk/uploads/1/8/6/5/18650256/1705695_orig.jpg

    ReplyDelete