What does DVDrip, BRrip, DVDscr, PPVrip, TS, TC means?

අන්තර්ජාලයෙන් චිත්‍රපට Download කරනවානම් ඔබ දැනගතයුතුම දෙයක් තමයි  DVDrip, BRrip, DVDscr, PPVrip, TS, TC වලින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව.




ඔබ දැකල ඇති අන්තර්ජාලයෙන් චිත්‍රපට බාගත කරගැනීමට යාමේදී එම වෙබ් අඩවි මගින් එම චිත්‍රපටියේ නම සමග  DVDrip, BRrip, DVDscr, PPVrip, TS, TC වගේ දේවල් ඇතුලත් කොට තිබෙනවා  ( Krish 3 2013 720p DVDScrRip x264 Team DDH~RG ). එයින් අදහස් කරන්නේ කුමක්ද කියා ඔබ දැන සිටියාද? මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ එය පිළිබඳවයි.

චිත්‍රපටයක් බාගත කරගැනීමේදී එම වෙබ් අඩවි වල සඳහන් කර තිබෙන එවැනි කෙටි නාමයන් පිළිබඳව ඔබ විසින් දැනගෙන සිටීම වැදගත්ද? ඔව් ඇත්තටම එය අතිශය වැදගත් වෙනවා. ඒ මොකද එම කෙටි නාමයන් මගින් ඔවුන් සඳහන් කර සිටින්නේ එම චිත්‍රපටියේ වීඩියෝ එකේ තිබෙන ගුණාත්මක භාවය, එම වීඩියෝ එකේ "Source" එක කොහෙද? එම වීඩියෝ එකේ File Format එක Convert කිරීමට භාවිතා කරනු ලැබූ තාක්ෂනය කුමක්ද සහ  වීඩියෝ එකේ "Resolution" එක වගේ අතිශය වැදගත් වෙන විස්තරයන්.


  • DVDrip - අදාළ චිත්‍රපටියේ ඉහල ගුණාත්මක තාවයකින් යුත් DVD පිටපතක්  Rip කර ලබා ගත් වීඩියෝ එකක්.

  • BRrip / BDrip - Blu-ray ඩිස්ක් එකක් Rip කර ලබා ගත් වීඩියෝ     එකක්. එහි Quality එක සහ Resolution එක DVDrip සමග සසඳන විට ඉතාමත් ඉහල ගුණාත්මක තාවයකින් යුතු වෙනවා.

  • CAM - සිනමාහල් වල තිරගත වෙන අතරතුර ඩිජිටල් කැමරාවක් භාවිතා කරමින් පටිගත කරගනු ලැබූ වීඩියෝ  එකක්. සමහර වෙලාවට එම වීඩියෝ එක සෙලවෙනවා. ඒවගේම තමයි ස්ක්‍රීන් එක හරහා මිනිසුන් ඇවිද යනවා සිනහ වෙනවා වගේ දේවල්ද සමහර වෙලාවට දැක ගැනීමට පුළුවන් වෙනවා. එම වීඩියෝ එකෙහි Sound එකේ තිබෙන්නේ ඉතාමත් අඩු ගුණාත්මක භාවයක්. වීඩියෝ එක අඳුරු ස්වභාවයකින් යුතු ගුණාත්මක භාවයෙන් ඉතාමත්ම අඩු එකක් වෙනවා.


  • TS - මෙයත් චිත්‍රපටිය සිනමාහල් වල තිරගත වෙන විට පටිගත කරගත් වීඩියෝ එකක් වෙනවා. මෙහි වීඩියෝ වල ගුණාත්මක භාවය "CAM" වලට සමාන වෙනවා. මෙහිදී Sound පටිගත කරගනු ලබන්නේ සිනමාහලේ තිබෙන "Headphone"line in එකකින්. නමුත් Sound වල ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතින්නේ නැහැ.

  • TC - මෙහිදී වීඩියෝ පිටපත් කරගනු ලබන්නේ Telecine" යන්ත්‍රයක අධාරයෙන් කෙලින්ම නියම " Film Real" එකක්  මගින්.  එහි ගුණාත්මක භාවය "Rip" කරගැනීම සඳහා භාවිතා කල උපකරණයට අනුව වෙනස් වෙනවා.

  • R5 - චිත්‍රපට ව්‍යාපාරයේදී, R5 යනුවෙන් හඳුන්වනු ලබන්නේ Region 5 කියන එකයි. Region 5 වලට අයත් වෙන රටවල් වෙන්නේ (India, Russia, Africa ) වගේ රටවල්. එහිදී එම රටවල් වල Release වෙනු ලබන චිත්‍රපට "Telecine" යන්ත්‍රයක  ආධාරයෙන් පිටපත් කරගනු ලබනවා. සාමාන්‍යයෙන් එහි ගුණාත්මක භාවය හොඳ තත්වයේ පවතිනවා. නමුත්  මෙහි පින්තූර වල ගුණාත්මක භාවයේ අඩුපාඩු තිබීමට හැකියාව තිබෙනවා. ඒ මොකද Rip කල පසුව "Image Processing" එකක් නොකරන නිසා. 


  • Scr/DVDscr - මෙම වීඩියෝ (Promotional VHS tape / DVDs) වලින් Rip කරගනු ලැබූ ඒවා වෙනවා. ඒවා වල ගුණාත්මක භාවය භාවිතා කරනු ලැබූ උපකරණ සහ Rip කරනු ලැබූ පුද්ගලයාගේ නිපුනතාවය මත වෙනස් වෙනවා. නමුත් සමහර වෙලාවට DVDrip හා සමාන ඉහල ගුණාත්මක භාවයෙන් යුතු පිටපත්ද නිකුත් වෙනවා. ඒවගේම මෙම වීඩියෝ වල "Promotional Banner" දිස් වීම නිසා නැරඹීමේදී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා. 

  • WP - "Workprint" කියන්නේ චිත්‍රපටි වල නිම නොකරන ලද පිටපතක්. එම පිටපත් වල Visual Effects,Overlays, Editing වගේ වැදගත් දේවල් අන්තර්ගත නොවීමට හැකියාව තිබෙනවා. 


  • PDVDrip - චිත්‍රපටියේ නියම DVD පිටපත නිකුත්වීමට ප්‍රථමව විකුණන ලද DVD තමයි "PDVDrip" යනුවෙන් හඳුන්වන්නේ. එම පිටපත් DVD නමින් විකුණන නමුත් "DVDScr, CAM, TS" වගේ ගුණාත්මක භාවයෙන් අඩු පිටපත් වෙනවා.

  • DDC - ( Digital Distribution Copy) මෙම පිටපත් බෙදාහරිනු ලබන්නේ Digital ක්‍රමයටයි ඒ කියන්නේ අන්තර්ජාලය හරහා. මේවා වල ගුණාත්මක භාවය "R5" වලට වඩා අඩු වුනද "CAM" වලට වඩා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත වෙනවා.

  • HDTV/TVrip/DSR - මෙවැනි ආකාරයේ පිටපත් රූපවාහිනී යන්ත්‍ර වලින් පිටපත් කරගනු ලැබූ ඒවා වෙනවා ( TV Capturing ). එම පිටපත්වල ගුණාත්මක භාවය "Source" එකට අනුව වෙනස් වෙනවා.


  • PPVrip - මෙම වීඩියෝ පටිගත කරගනු ලබන්නේ " Pay Per View Source" එකකින්. එය PPV Channel එකක් හෝ හෝටල් කාමරාක තිබෙන "PPV" එකක් වෙන්න පුළුවන්. මෙම පිටපත් වල සමහර දර්ශන අඩංගු වෙන්නේ නැහැ. සමහර වෙලාවට එහි වෙඑදියූ වල ගුණාත්මක භාවය අඩු වීමටද පුළුවන්.

  • WEBrip -  අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ "Streaming" වෙබ් අඩවි වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි "Webrip" යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා. 


මේවා තමයි පොදුවේ බහුල වශයෙන් දැකගන්නට ලැබෙන වීඩියෝ වර්ග වෙන්නේ. නමුත් මෙයට අමතරව තවත් තියෙන්නට පුළුවන්. මෙහි අඩුපාඩු තිබුනොත් ඒවා නිවැරදි කරන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. මොකද අප සමග  බුද්ධිමත් ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින නිසා.


29 comments:

  1. Thank u guys !!! :)

    ReplyDelete
  2. Godak wadagat deyak danagatta bro

    ReplyDelete
  3. Replies
    1. මතක් කර එක හොඳයි එක දාන්න බැරි උනා, මම දැන් දාන්නම්

      Delete
  4. එක්වුණොත් හොඳයි කියල හිතෙන කරුණු ටිකක්!
    …BRrip vs BDrip (…BR-rip vs BD-rip)
    ඒ දෙකේ වෙනස දාල නෑ.... BRrip කියන්නෙ Blu-ray Release rip. R එක එන්නෙ Release එකෙන් මිසක් ray කියන එකෙන් නෙමෙයි :)
    …BDrip: Blu-ray Disc rip. කෙළින්ම BD එකකින් rip කරපුව. සාමාන්‍යයෙන් BDrip එකේ quality වැඩි වෙන්න පුලුවන්.

    ඒත් source එක සහ encoding Settings, Speed, Bitrate අනුව කොහොමත් මොකේ වුණත් quality එක තීරනය වෙනව. උදාහරණයක් තමයි ලෝකෙ හොඳම rippers ල අතර ඉන්දියානු සම්භවයක් ඇති අය ගොඩක් ඉන්නව. ඒ අය බොහෝ විට release කරන්නෙ නෑ indian movies. ඉන්දියාවෙ ඉන්න සහ indian movies rip කරන අය ලෝකෙ සවුත්තුම rippers ල බොහෝ විට! :D

    …R5 ගැන තියන දේ පොඩ්ඩක් අවුල් වගේ... මම අහල තියන විදිහට, සහ දැනිල තියන විදිහට, R5 එකේ ඔය කියන දේ නෙමෙයි තියෙන්නෙ. R6 වගේ ඒවටත් ඕක අදාළයි. US එකට release කරන්න කලින් Russia වගේ රට වලට realease කළ DVD එක out උණාම, ඒක source එක ව්දිහට ගන්නව. US රෙලේසෙ එකේ CAM/TS වගේ release එකකින් Audio ගන්නව. එතකොට ea දෙකෙන් හැදෙන එක තමා R5/R6. ඒකෙ video quality එක DVDrip එකක් වගේ. Audio quality CAM/TS එකක වගේ අඩුයි. Screenshot වලින් quality වෙනසක් බලාගන්න බෑ. sample එකේ audio අහන්න වෙනව. ප්‍රායෝගිකව මම දැකල තියන විදියටත් ඔහොමයි!...

    ආයමත් කියන්නෙ ඔය මොකක වුණත් encode කළ Bit-rate, Speed, Settings මත quality එක රඳා පවතිනව!.. :)

    ReplyDelete
  5. ගොඩාක් වැදගත් ඔයාගේ comment එක. ගොඩක් ස්තූතියි. මම කෙටියෙන් තමයි ගොඩක්ම විස්තර කරලා තියෙන්නේ

    ReplyDelete
  6. උඩ කොමෙන්ටුවෙ පොඩි ටයිපින්ග් මිස්ටේක් එකක් වගේ... R5 (region 5) or R6.
    Russia වල DVD වල audio russian. English release එකක් out කරන්න ඕනෙ වුණාම, Video එකට බස අදාළ නැති නිසා ඒ DVD එකේ video ගන්නව :]. Audio එක රුසියන් වලින් දාන්න බැරි නිසා english release එකේ audio ගන්නෙ English Audio තියන CAM/TS වගෙ එකකින් :[...

    ඔය එක්කම 1080p, 720p, 480p වගේ ඒවගෙ තේරුමත් දැම්මොත් නරක ද?

    ඒකෙන් කියවෙන්නෙත් resolution එක මොකක්ද කියල මිසක් quality එක ගැන ම නෙමෙයි. source resolution හොඳ වුණාම quality වැඩි වෙන්න තියන ඉඩ වැඩියි. ඒ වගේම සවුත්තු resolution එකකින් ඉහළම quality එනෙ නෑ.
    හොඳ source resolution එකකින් පහළ resolution තියන rip එන්න පුලුවන්. ඒ වගේම rip එකේ resolution ඉහළ වුණත් quality අඩු වෙන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. තව ලිපියකින් ඒ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ...

      Delete
  7. mama download karapu file ekaka "RC" kiyala tibba. meken kiyanne mokak da....?
    ex: Jobs [2013]-RC-480p-BRrip-x264-StyLishSaLH (StyLish Release)

    ReplyDelete
  8. WEB DL / HDRip ganath dammoth hodai...

    ReplyDelete
  9. what about HDrip...................?

    ReplyDelete
    Replies
    1. HD Rip කියන්නේ HD Satellite Receiver එකකින් Capture කරපු Film 1ක් එකේ DVD Rip එක එකකට වාඩා Resolution Quality එක වෑඩි
      e.g
      Dvd Rip Resolution Quality 720x480 or 768x432 for 16:9
      HDRip Resolution Quality 1080i or 720p or higher මෙ දේක අතර වෙනස ඔබට පෑහෑදිලි විමක් ඈති වන්නේ ඔබ බාවිතා කරන TV එකේ Size එක අනුවය ඔබ 42" වෑඩි නම් ඔබට මෙ දේක අතර වෙනස හොදට දෑක ගත හෑකි වේ එය බලපානු ලබන්නේ ඔබ බවිතා කරන TV එක අනුවය!

      Delete
  10. ෙනාදන්න ෙගාඩක් ෙද්වල් දැන ගන්නවා ඔයාෙග් site ඒෙකන් Thanks...

    ReplyDelete
  11. Rip කරනව කියන්ෙන ෙමාකද්ද? ෙපාඩ්ඩක් පැහැදිලි කරල ෙදන්නෙෙකා.

    ReplyDelete
  12. ඔය ඔක්කොමටම වාඩා හොදම දේ තමයි තමන් Download කරන්න යන Film 1කේ Screen Shot බලන එක සහ Film 1කේ MB කියද GB කියක් තියනවාද කියලා බලන එක හොද Quality තියන Film 1ක් නම් එක 700MB - 1GB අතරනම් ඔබට ඉක්මනින් බා ගෑනිමට හෑකිවිම සහ ඔබට MB හෝ GB ප්‍රමානයක් ඉතුරු කර ගෑනිමට හෑකිවිම. DVD Rip බොහොක් දුරට එන්නේ 750MB - 1400 අතර එ හොද Quality තියන Film 1ක් වෙ!

    ReplyDelete
  13. මේක දන්නා නොදන්නා සියලු දෙනාට ප්‍රයෝජනවත් ලිපියක්.
    WEB-DL ගැනැත දැමමනම් මාරු නේද? මීට අමතරව නියම කොලිටි ෆිල්ම්/ටීවී රේලීස් කරන වෙබ් සයිට් ටිකකුත් දැමමනම් මරේ මාරු.

    මෙන්න මම ඩවුන්ලෝඩ් කරන සයිට් ටිකක්....

    බඩු ෂුවර් . BRRIP/WEB-DL පමණයි . ඩිරෙක්ට් ලින්ක් පමණයි.
    www.x264-bb.com/

    උඩ තියෙන සයිට් එකටම ගැලැපෙන ටොරන්ට් සයිට් එකක්.
    https://publichd.se/

    මේකත් මරු. ටිකක් අමුතුයි.
    http://kingdom-kvcd.net/

    720 & 1080 පමණයි. පොඩි ෆයිල් සයිස්. අපේ රටට ගැලපෙනම ටොරන්ට් සයිට් එකක්.
    http://yify-torrents.com/

    පල්ලෙහා තියෙන සයිට් ටිකත් බලන්න.

    www.rapidmoviez.com/
    www.micromkv.com
    http://tv-release.net/
    http://eztv.it/

    ReplyDelete
  14. එතකොට හොඳම format එක DVDrip ද ? Quality එක වැඩිම එකේ ඉඳල අඩුම එක දක්වා පිළිවෙලට ද මේ article එකේ අනිත් formats ගැන දාල තියෙන්නේ ?

    ReplyDelete