Use a USB Drive as a Login Device or a Key to Windows

ඔබේ Pen Drive එක Windows වලට Log වෙන යතුරක් විදියට භාවිතා කරමු.



පරිගනකයෙන් වැඩක් කරමින් සිට ඔබ පිටවී යැමේදී පරිගණකය Lock කර යාම තමයි වඩාත් උචිත වෙන්නේ. ඒ වගේම ඔබ විසින් එම Lock එක ඇරීම සඳහා Password එකද දැනගෙන සිටිය යුතු වෙනවා. ඔබේ පරිගනකයේ ආරක්ෂාව සඳහා ඔබ භාවිතා කරනු ලබන Password එක තරමක් සංකීර්ණ එකක් විය යුතු වෙනවා තවත් කෙනෙකුට ලෙහෙසියෙන් අනුමාන කල නොහැකි වෙන ආකාරයේ. එවැනි සංකීර්ණ මුර පද මතක තබා ගෙන සිටීම ඇත්තටම බොහොම කරදරකාරී දෙයක්. නමුත් ඔබට ඒ සඳහා ඔබේ "USB Drive" එක භාවිතා කරන්න පුළුවන් නම් එය වඩාත් පහසුයි නේද?  

පරිගනකයක් Lock කිරීමට සහ Unlock කිරීමට  ආරක්‍ෂිත ආකාරයන් බොහොමයක් තිබෙනවා. නමුත්  "Passwords"  වගේ සාම්ප්‍රදායික ක්‍රම මගින් පරිගනකයක් Unlock කරගැනීම ඇත්තටම පරිශ්‍රීලකයා අපහසුතාවයට පත් වෙන දෙයක්.


පොඩ්ඩක් හිතල බලන්න ඔබේ පරිගනකය පහසුවෙන් Unlock කරගැනීමට පුළුවන් වෙන ආකාරයේ උපකරණයක් ඔබේ කලිසම් සාක්කුව තුල රඳවා ගෙන යෑමට පුළුවන් නම් එය කොතරම් අගනේද ? අපිට ඒ සඳහා පුළුවන් ඔබේ USB Drive එක "Physical Key" එකක් භාවට පත් කරගැනීමට ඔබේ පරිගනකය Unlock කරගැනීමට හැකියාව තිබෙන. එමගින් ඔබට සිදු වෙන්නේ නැහැ හැම වෙලාවකම මුරපදය මතක තබාගෙන එය Type කිරීමට. දැන් ඔබට පුළුවන් Pen එක පරිගනකයට සම්බන්ධ කොට ක්ෂණිකව පරිගනකය Unlock කරගැනීමට.


එය කරගැනීම සඳහා අපට අවශ්‍ය වෙනවා "Rohos Logon Key" මෘදුකාංගය. එම මෘදුකාංගය පහතින් බාගත කරගන්න.


http://adf.ly/ZOgZL



ඉහතදී බාගනු ලැබූ මෘදුකාංගය පරිගනකයට ස්ථාපිත කරගන්න.ඉන් පසුව එම මෘදුකාංගය දියත් කරගන්න.






දැන් ඔබට Option දෙකක් දැකගන්නට ලැබේවි.එහිදී "Setup USB Key" යන්න තෝරන්න.










මීළඟ පියවර  තමයි "User" තේරීම. නමුත් ඔබේ පරිගනකයේ Users ලා කිහිපයක් නොමැතිනම් ඔබ එසේ කල යුතු වෙන්නේ නැහැ. මොකද ඒ විසින් ස්වයංක්‍රීයවම User තෝරාගනු ලබනවා. ඔබේ USB Drive එක Default ම එහි ලැයිස්තුගත වී තිබෙනවා. USB Drive එකකට වඩා පරිගනකයට සම්බන්ධ කර තිබේනම් ඒ අතරින් අවශ්‍ය එක තෝරාගන්න.



තත්පර කිහිපයක් ගියපසුව ඔබේ Pendrive එක සාර්ථකව "Setup" උන බව තහවුරු කරන පණිවිඩයක් පැමිණෙනවා. එය පැමිණෙන තුරු සිට "OK" බටන් එක ක්ලික් කරන්න.





මෙහි තිබෙන වැදගත්ම දෙය තමයි USB Drive එකට දත්තයන් ගබඩා කිරීම සහ Transfer කරගැනීමට හැකියාව තිබීම එය "Locking Device" එකක් විදියට භාවිතා කලත්. ඒවගේම එම මෘදුකාංගයේ මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාව තිබෙන සංස්කර්නයකුත් තිබෙනවා. එහිදී ඔබට අමතර පහසුකම් රැසක් ලබා ගැනීමට අවස්තාව තිබෙනවා. ඒ සඳහා මෙම පහත තිබෙන පින්තූරය බලන්න.

14 comments:

  1. pen drive eka nathi unoth monada wenne

    ReplyDelete
    Replies
    1. Password eka gahala log wenna puluwan. gataluwak naha

      Delete
  2. apita pen drive eka wena wedakata ganna puluwannda eka fomat kaloth aulda

    ReplyDelete
  3. Pen eka key ekak widiyata use karana gaman unath oyata puluwan pen eka normal widiyata use karanna.

    ReplyDelete
  4. voice command denna puluwan security software mokada thiyenne?

    ReplyDelete
  5. meka ayin karannaona unoth kohomada karanne

    ReplyDelete
  6. post ekema eka sandahan karala thiyenawa hodata balanna

    ReplyDelete
  7. e software eka download karanna bene.kohomada download karanne

    ReplyDelete
    Replies
    1. Link eka klik karama ena add eka skip karala yanna

      Delete
  8. macho api password eka dunnata eka waradi kiyanawane ...ekata mko kranne...ethin...

    ReplyDelete
  9. Pen drive eka format karoth aulak wenawada?

    ReplyDelete
  10. password eka dunnata eka weradi kiyanawane .. mona karanne ethakota

    ReplyDelete